Tuesday, June 29, 2010

අවසන් ගමන් යන ඇය!!

දෙනුවන් යොමා ඔබ දෙස බැලීමි
නිසොල්මන්ය
සිනාසුන දෙනයන
හුරතලේ මුමුනන දෙතොල්පෙති
පියාගත් වනමය
මනමාලියක මෙන් සැරසුනද
සිනහවක් නැති
මල් පොකුර අත රැදවුනද
මල් සුවදක් විදින්නැති
මැලවුන නුඹ මුහුණට
සුවද පැන් ඉසින මම
නැවතත් නුඹ දෙස බැලීමි
ඒ නුඹමය
මගේ තුරැලේම
මාව සැනසවූ නුඹ
අද නිහඩවම නිදන හැටී
දෙනෙත් ඇර බලනු මැන
මා හිදින වග නුඹ අසල
හඩන්නට කදුලක් නැති
අතරමං වුන ලෝකයක
නුඹ ලගම සැතපෙන්නට පැතූ පැතුමන්
ම​ටත් රහසින් උදුරා
නුඹ අද තනිව සයනක නිදන හැටි
එපා පියනින් වසා ඇය ගෙනියන්න
සුන්දරම ලොකය
ඇය නුදුටු තැන් දකින්නට
ඇර තබනු මැන පියන් ලෝකය දකින්නට

16 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හිතට වදින පද පෙළක්....:(.

    ReplyDelete
  3. ඊයෙ රෑ දැක්ක හීනයක් එහෙම නෙමේ නේද ?

    ReplyDelete
  4. සංවේදී පැදි පෙලක් ..ලස්සනයි..ඒත් කාටවත්ම එහෙම වෙන්න එපා..

    ReplyDelete
  5. ලස්සන පද පෙළ...ඒත් දුක හිතෙනවා.
    ජීවිතේ කවමදාකවත් මේ වගේ දෙයක් අත්විඳින්න නොලැබේවා කියලා මම ප්‍රාර්ථනාකරනවා..
    ජයවේවා!!!!

    ReplyDelete
  6. මට මේ පද ටික දැක්කම සනත් නන්දසිරි මහත්මයගේ සින්දුවක් මතක් වුනා.


    එදා මෙදා තුර කඳුලට විවරවු දෑස් පියන්පත් කවුලු වසා
    ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පිරූ රත් දෙතොල් පියා
    මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදුමැලි පාට පොවා
    දෑත ළයේ බැඳ අවසන් ගමනක සොඳුරිය මට නොකියාම ගියා

    දෑස් කවුලුපත් පලා කඳුලු කැට වෑහෙද්දී මගේ දෑස් අගින්
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
    ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
    මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින්


    ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
    ඊයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
    ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත ඇයි මේ ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

    ReplyDelete
  7. මේ අදහස හොදටම උළුප්පන හොදම උපරිම ගීතයක් තමයි සනත් නන්දසිරි මහත්තයගේ එදා මෙදාතුර ගීතය

    ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ
    හීයේ වේගෙන් අහස උසට බැදී ආදර ලෝකය හෙටත් තියේ
    ඒත් ඉතිං දැන් සොදුරිය ඔබ නැත
    ඇයි මේ ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්තන්
    වී අපි ඉපදෙමු එකට ප්රි්යේ

    පද
    http://www.elakiri.com/forum/showthread.php?t=13509

    තව එකක් තියෙනවා දිනේෂ් නානයක්කාර මහත්මයාගේ මගේ ලොවට ඔබ ගීතය. ඒ ගීතය ඔහුගේ සත්ය සිදුවීමක් පාදක කරගෙන ලියපු සුළග වගේ ඇවිදින් කියන නව කථාවට ලියපු එකක්. පස්සේ ඔහුම සංගීතවත් කර ගායනා කලා. ලස්සන නව කථාවක් ලස්සන ගීතයක්.

    මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්
    කදුළු තිලින කර නොකියම යන්න ගිහින්
    නොකියම යන්න ගිහින්
    නොකියම යන්න ගිහින්

    පද
    http://www.siyalla.com/sinhala-lyrics/sinhala-lyrics-view/song/Mage-Lowata-Oba-Sulanga-Wage-Awidin/

    තව ගීතයක් තමයි නාමල් උඩුගම මහත්මයාගේ නිසල වෙලා හද නොසැලී හසරැල් ගීතය. ඒ ගීතයත් එතුමාගේ සත්යය සිදුවිමක්. නාමල් උඩුගම මහත්තයාගේ ගීත විතරක් අහල තියෙන කට්ටිය දන්නේ නැතිව ඇති එයාගේ ප්රතථම ආදරයේ ඛෙදවාචකය පසුව නව කථාවක් කලා. මට ඒ පොතේ නම නම් මතක නැහැ. හොයාගෙන කියවන්න.

    පද
    http://www.sinhalaya.com/sinhalamusic/details.php?image_id=57

    ReplyDelete
    Replies
    1. සුළග වගේ ඇවිදින් කියන නව කථාව ලිව්වේ දිනේෂ් කොළඹගේ

      මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින් කියන සිංදුව ලිව්වේ දිනේෂ් නානායක්කාර

      මේ දෙන්නා දෙන්නෙක්....මම දන්න හැටියට

      Delete
  8. kesh /

    ගොඩක් ස්තූතියි ....:D :D

    ReplyDelete
  9. Shadow/හේමලයා /

    ගොඩක් සතූතියි සහෝ මේ පැත්තට ඇවිත් සටහනක් දාල ගියාට....

    ReplyDelete
  10. දිල් /

    මොන හීනද අප්පා.. නිකන් හිතට ඇවිත් දැම්මා..හික්ස්...

    ReplyDelete
  11. ruwan kumara maddage /

    ගොඩක් ස්තූතියි සහෝ.. කාටවත්ම එහෙම නන් වෙන්න එපා තමා.. :D

    sampathjt /

    ස්තූතියි ගොඩක් මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  12. පබලු /

    මුලු සිංදුවම දාල නෙ. හොදයි හොදයි මටත් ඔය පද ටික නැතිව හිටියෙ. ස්තූතියි ගොඩක්

    ReplyDelete
  13. ගීත් (සහෘදයා) /

    මචෝ උඹ සිංදු කඩයක්නෙ. අහල නැති සිංදු ගොඩයි. ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  14. හිහ්..හිහ්...නමම ගීත් නේ. සිංහල ගීත ගැන මොනා හරි දැන ගන්න ඕන නම් අදම අමතන්න. දන්නවනේ නම්බර් එක. ;D

    ReplyDelete
  15. අනේ මංද අයියා ලස්සන උනත් කිසිවෙක් හට කවදාවත් නොම වේවා තමා...........

    @ ගීත් අයියේ.....
    මගේ ලොවට ඔබ සුලඟ වගේ ඇවිදින් පොතට කලින් නෙමෙයිද සිංදුව ආවේ???????

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...