Wednesday, July 28, 2010

මල් සරාගෙන් සමාව හිගාකමි......

මල්සරා සුදු අයියා වෙත,

මගේ සුදු අයියේ මා නුඹෙ නම යොදා ලිපියක් යැවූ පමණින් ඔබ මා සමග මෙතරම් උරණ වෙතැයි කිසිලෙසකින්වත් නොසිතුවෙමි.මා නුඹේ මායියාට නුඹ බය යැයි කීවේ හුදෙක් ජනී ජනයාට නුඔ කෙරෙහි අනුකම්පාවක් ඇති කිරීමට විනා කිසි ලෙසකින්වත් ඉන් අපහාසයක් සිදුවේවි යැයි නොසිතුවෙමි. මල් මතං අප මෙතුවක් කල මිතුරන් සේ ඇසුල කළ නිසාවෙන් නුඹේ නම යොදා මා අසරනයකුට පිහිට වූයේ නු​ඹගේ රාජකාරී කටයුතු සදහා පහසු​වක් වේවි යැයි සිතූ නිසාවෙනි. මා කළ එම උපකාරයට නුඹ මා සමග මෙතරම් මලින් කටයුතු කරාවියැයි නොසිතුවෙමි..​නුඹ මල්සරා උවත් මෙවන් සුලු දේකි​න් නුඹේ මල විසි වේවියැයි මා සිහිනෙන්වත් නොසිතුවෙමි.

මා පෙර දින රාත්‍රියේ නිදි දෙවු දුව සමග ප්‍රිතියෙන් කල් ගෙවමින් සිටියදී ඔබ අප දෙදෙනා අතරට පැන නිදි දෙව් දුවට සැහැසි ලෙස පහර දී ඇය එළවා දැමුවේ හුදෙක් මා සමග නුඹ ඇති කර ගත් කෝපය නිසාවෙන් බව මා දනිමි.නිදි දෙව්දුව මේ කිසිවක් නොදන්නා අහිංසක ළදකි. මා සමග ඇති තරහව නිසා අසරණ ඇගෙන් පළිනොගන්නා මෙන් මා ඔබතුමාගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි..

පෙරදින අලුයම් සමයේ සිහින දෙව් දුව කෙටි පණිවිඩයක් මා වෙත එවන ලදී. එහි සදහන් වූවේ මා වෙත එවීමට සූදානම් කර තිබූ මල් හී කිහිපයක ගමන් වාර සියල්ලම දින නියමයකින් තොරව අවලංගු කර දමා ඇති බවයි. ඇයි මගෙ වස්තුවේ මට මෙහෙම කරන්නෙ.මා අතින් වරදක් සිදුවූ බව මා දනිමි. එයට දඩුමක් විදිහට වෙන ඕනි දෙයක් කරන්න මල් හී එවන එක නවත්තන්න එපා මගෙ රත්තරනෙ.මං පවූ....මං අසරණයි මගෙ මල් දෙයියො..

හිතේ තියන දේ​ ලියා ගන්න බෑ මල් මතං.. දෑගිලි වෙවුලනව.. තනිකම උතුරා පිටාර ගලනව... විරහව වාන් දානව.. මං මෙහෙ හොදටම වේලෙනව... මං කාටද දෙයියො මේවා කියන්නෙ...මට අනුකම්පා කරලා අවලංගු කරපු මල් හී ටික විසිකරපන් මගෙ මල් වස්තුවෙ..

අද රෑටත් නිදි දෙව්දුව එනව කිව්ව. මල් හී එවන්න බැරි නන් අඩුමගානෙ ඒ අසරණිටවත් මං ලග ඉන්න දීහංකො.. මං පවු මගෙ දෙයියො..

තවනන් ලියන්න බෑ මුකුත්.හිත ඇතුලෙ මල් නැති රෝස​ පැලයක් පැලවෙලා වගේ.. කටු විතරමයි ඇනෙන්නෙ.. ඒ මල් නැති කටු රෝස ගහට මලක් එවපන් මගෙ වස්තුවෙ


මීට

නොදැන කළ වරදක් නිසාවෙන් දුක් විදින

මං.....

7 comments:

  1. මල්සරා චණ්ඩි පාට් දාන්න පටං අරන් වගේ........

    ReplyDelete
  2. හහ් හහ් හොර මල් සරාට කෙල වෙලා වගේ...මොනා කරන්නද හොසරා....දැන් ප්ර සිද්ධියේ සමාව ගත්ත නිසා ආයෙම සලකලා බලයි....ඒත් ටික කාලයක් ගනී මොකද හිතේ කහට තාම ඇතිනේ...මෙහෙම කරමු අපි තව ටික කාලයක් ඉවසලා පෙත්සමක් හරි කැලෑ පත්තරයක් හරි ගහමු.

    ReplyDelete
  3. හැකිස් ... මාර වැඩේ තමයි ...

    බලමු මේපර මොකක් කරයිද කියලා :D

    ReplyDelete
  4. මල් සරා ට මළ පැනල වගේ හික් හික්
    අර කලින් කියපුවට මළ නොපැන ඉදිවීය.

    ReplyDelete
  5. පොඩ්ඩක් හිටපන්කෝ මම මල් මචන්ට කියලා වැඩේ ගොඩ දාලා දෙන්නම්.....

    ReplyDelete
  6. :D :D
    පට්ට ලිපි සීරිස් එක. එල මචං

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...