Wednesday, August 11, 2010

අවසන් ගමන් යන්නට මිදුලට බැසීමි....................


සෙනග අතරින් එකෙකු පැමිණෙයි
මටත් රහසේම පියනින් වසා දැමීමට සැරසෙයි
අඩ අදුර මා අවට පැතිරී යද්දී
දෙපසින් දල්වා තීබූ පහන් සිලේ එළියෙන්
නුඹ දුව එනු පෙනිණි
දෙතොලින් පවසන්න වෙර දැරෑවෙමි
එක් වරක් ඇගේ රුව බලන්නට ඉඩ දෙන්න
නමුදු මුවින් වදනක් නැත
දෙතොලම නිසලය
ගලා යන්නට කදුලු නැත
නුඹගේ විලාපය මැදින්
විසි කෙ​රූ රෝස මල
මගේ දෙතොල සූරාගෙන පහලට ඇදී ගියද
එය නවතා ගන්නට වෙර නොදැරුවෙමි
අගුලෙන් පියන හිරවී යනු ඇසිනි
සෝ විලාපයවන් අතරින්
මිතුරන්ගේම උර මතට නැගී මා
ඇගේ මුහුණත් නොබලාම
අවසන් ගමන් යන්නට මිදුලට බැසීමි....................

8 comments:

  1. අවසානය....සමුගැනීම.....දුක්බරයි හැම විටකම......ඒත්

    ReplyDelete
  2. ඔය ලියල තියෙන්නේ....මට කියකිය ...ඉදලා ඇවිත දුක් සින් ලියන්න එපා කියලා..

    ඇතටම මටත් මෙහෙම හිතෙයිද...?

    මම දන්නවා බං උබේ හිත ගැන....

    ReplyDelete
  3. ම්ම් .... මොනවා කරන්නද සත්‍යට මුහුණ දෙන්න ඔනේ

    ReplyDelete
  4. සමුගැනීමෙන් පසු සමුගැනීම.

    ReplyDelete
  5. හ්ම්ම්...සමුගැනීම නම් මැවි මැවී පෙනුනා..ලස්සනයි!!!

    ReplyDelete
  6. හ්ම්ම් ලස්සනට ලියල තියනවා. අනේ පසන් සතුටු හිතෙන මොනා හරිත් ලියන්නකො.

    ReplyDelete
  7. Shadow/හේමලයා /
    ඇයි මචෝ ඒත් කිව්වෙ....ස්තූතියි සටහනට සහෝ...

    ඉලංදාරියා /

    හිතෙන දේ නෙ බං. මොනව කරන්නද ඉතින්

    වැප් /

    අනිවා.. මොනව කරන්නද බලං ඉන්නව ඇර.. හි. හි.. හී.....

    ReplyDelete
  8. පිස්සා පලාමල්ල/
    ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    පබලු/

    ස්තූතියි පබලු..

    ස්වප්නා/

    ඔන්න අද දුක හිතෙන් නැති එකක් දාන්නන්කො.. හී.. හී... ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget