Tuesday, September 28, 2010

වසන්නය යළි එන්න මග බලමි තවම මම




පරඩැල්ව සුලගට වැනෙන කොළ අතුත්
පිපාසෙන් මුසපත්ව තුරු වැලුත්
ගිමිහානයේ රුදුරු එළියත්
රිදවයිද ලොවම තවමත්
සියොත් ගී නැසිලා ලොවට ර​හසෙම
බඹර නද වියකිලා මලින් සුව නොමැතිවම
ගැලූ ගග සිදිලාද ​තවත් ලොව විදවන්න
වන උයන් මැකිලාද වසන්තය නොමැතිවම
ගෙවු දින සති ගනන්
වසන්තය එන තුරා
දේදුන්න නොමැතිවම
අහස අද තනි වෙලා
ඈත
අහසින් පාව එන කලුවන් වලා සේයාව
මතුව එන වසන්තෙක පෙර මගද කියනු මැන
දේදුන්න යලි එයිද පායන්න
සියොත් රැල යලි එයිද පියඹන්න
වන උයන් තුරු මලින් සැරසෙයිද
ගලන ගං සිලිසිලිය මුමුණයිද
සමනලුන් අහස් කුස සරසයිද
මං යලිත් මතු දිනක හි​නැහෙයිද
ගිමිහනට යන්න අවසර දෙන්න හැක මට
වසන්තය එනවාද කියනුමැන යලි ලොවට
තුරු මලින් පිරුනු ලොව යලිත් මට හිනැහෙන්න
වසන්නය යළි එන්න මග බලමි තවම මම

6 comments:

  1. ගණදුරු අහසට පුරා සදක් වුන
    මහ වැස්සක් වී කෙත් බිම සනසන

    ඈත මතකයක සැගව සිනසෙන
    මලක් පමණි මල් පොකුරක සැගවුණු

    මිරිගු සෙවනැලි පසුපස දිව යන
    මුවැත්තියක නොම වෙමි මම කිසිදින

    ජීවන මහ මග දහසක් හමුවන
    රුවක් පමණි ඔබ නෙතු ලග නැවතුණු

    ReplyDelete
  2. "මං යලිත් මතු දිනක හි​නැහෙයිද"

    උපරිමයි සහෝ...!!

    ReplyDelete
  3. nice.................

    ReplyDelete
  4. පිනි වැටෙන හිමිදිරියේ...
    තණකොල මත ඇවිදින්න
    දුර අහසේ ඇදෙනා
    දෙදුන්නට පාට අරගෙන් එන්න
    බොහො දුරනැහැ දැන් ලගයි
    සතමයි වසන්තයක් ලැබෙනවා ...
    උබට ....දුරනැ ...වසන්තයේ ඉමට......

    ReplyDelete
  5. දේදුන්නක් පායන
    සියොත් රැලක් පියඔන
    තුරු මලින් සැරසෙන
    ගලන ගග මුමුණන
    සමනලුන් පියාඔන
    දිනය ඈතක නෙමෙයි
    දසන් පෙන්වා නුඔ සිනාසෙන
    දුටුවාද රිදී ඉර
    කලුවලාවේ තියන
    ඉවසපන් යාලුවේ
    වසන්තය එනතුරු

    ReplyDelete
  6. නියමයි පසනෝ..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...