Wednesday, September 29, 2010

යළි හෙට හිරු මට දැකිය හැකි වෙද

වෙලාව 6 කනිසම මහ හඩින් නාද දෙන්නට විය.උදයද සවස්යාමයද යන්න නියමිත නිගමනයක් නොමැත.දින ගනනාවක් මුලුල්ලේ වසා දමා තිබූ කාමරම පුස් ගදින් නැහැවී ගිය නිසාවෙන් ජනෙල් පියන් හැර දැමීමට උත්සහ කලෙමි. දිනක් තුල කුසට අහරක් නෙලැබීමෙන්ද නැතිනම් අසනීපය හේතුවෙන් වාරු නැති ශරිරය නිසාවෙන්දෝ ඇද මතින් බිමට බැසීමට වාරුයක් නොතිබින..ඇද විට්ටමට ආයාසයෙන් බරව ජනෙල් පියන් මතට හැකි තරම් වාරුව එය විවර කළෙමි.

බැස යන මල හිරු පොළව මතින් ගිල ගැනීමට මොහොතකට පෙර තම අවසන් හිරු කිරනින් එළිය වන තැඹිලිවන් පැහැය මිදුල මත ඇති සියඹලා ගස අතරිස් බේරී ගෙමිදුලතුව මතුකල රටාවන් වල සුන්දරත්වය සමග මෙය තවත් එක් දිනක අවසානයක් බව මා හට පසක් වන්නට විය.ඈත අනන්තය දෙස නෙත් යොමා බැලිමි..ගිම්හානයට වියළිව ගිය ගහ කොළත් පුපුරා දෙදරා ගිය මැටි පොළවත් මගේ තනියට මා සමග පාලු මකන බව නිමේශයකින් මට වැටහෙන්නය විය..හමා එන සුලගෙහි වියළි බව හැරුනකොට මා ගතට අන් කිසිම සිසිලසක් නොලබන බව මා පසක් කොට හමාරය. දුඹරුවන් පැහැගෙන සුලගට වැනෙනෙ පරඩැල් මගේ තනියට ඔච්චම කරනවාදැයි සැක උපදවන්නකි..

අදික කුසගින්න නිසාවෙන් යමක් පිස ගන්නට යා යුතුය.දෙපා වාරු නැත තවත් ඇවිදින්නට.මේසය මත තබා තිබු පෑනත් කොළ කැබැල්ලක් වෙත මා සිත ඈදී යත්ම අතීතය මා ඉදිරියෙහි නාටකයක් මෙන් රග දක්වන්නට විය.නුඹ නොමැවතිව ගෙවන අවුරුද්දක අවසානයට මටත් හොරෙන් මා ලංවී ඇත. අසනීපය නිසාවෙන් වියළිව ගිය දෙනෙත් මතින් හඩන්නට කදුලු නැත. වේදනා දෙන දෙනෙත පියාගෙන පෙර දින නුඹ නමින් ලියූ කවි මා ඉදිරියෙහි මැවී පෙනෙන්නට විය.මා සිතටත් හොරාවෙන් පෑන කොලයට ලංව යමක් මුමුණයි

නෙලුම් මල් නෙලා පෝ දින
සුදෝ සුදු වතින් සැරසින
දෑත් අපේ පටලාගෙන
පන්සල් ගිය හැටි මතකද

වෙලේ නියරෙ ගොයම් මතින්
පෙම් බස් මුමුණලා හොරෙන්
මද සුලගට රහස් කියන්
සිටි ඔබ අද කොහෙද කියන්

සදත් තරුත් පෙර ලෙසමයි
පිපෙන මලුත් ඒ සුවදයි
ගලන ගගත් තව තරුණයි
නුඹ මා හැර පිය නැගුවයි

මගේ මැණික කොහෙ ගියාද
මගෙ ආදරෙ මදි උනාද
වෙන තුරුලක සැනසුනාද
මං මේ ලොව තනි උනාද

වෙව්ලන දෑ ඇගිලි වලින් ඉරීගිය කඩදාසිය මතින් නෙත් ඉවතට ගතිමි..රිදුම් දෙන නෙත් කෙවෙනි තව දුරටත් මේ රංගනයෙහි යෙදීමට අවසර නොදෙයි. දෙපා පණ නැති නිසාවෙන් නැවතත් ලණු ඇද මත වැතිරුනෙමි..දෙනෙත පියන්නට අවැසි නැත.වේදනාවෙන් රිදුම් දෙන දෙනෙත මටත් හොරාවෙන් පියවී යයි..
මේ මගේ අවසානයද?.. මා සිතය වද දෙන එක් දෙයක් ඇත...මට යලි හෙට එළියවන හිරු දැකිය හැකි වේවිද..නොදනිමි මම..සිතන්නට අවැසි නැත..මා තදින් දෙනෙත පියා ගතිමි..........

12 comments:

  1. සිරාවටම පට්ටය.....

    ReplyDelete
  2. උපරිමයි පසන්..එක හුස්මට කියවගෙන ගියා..කවිය වගේම කවියට හේතුවුන කතාව ලියල තියන විදිය හුගාක් ලස්සනයි...කොහොමත් ඔයා ලියන ඒව හරි සජීවි...

    ReplyDelete
  3. ලස්සනට ලියලා තියනවා සිරාවටම ....වෙන මොකුත් නෑහෑ ...උපරිමයි....

    ReplyDelete
  4. hugak lassanata liyala.kathaawath ekkama liyala thiyena kawi pelata man hugak kamathi

    ReplyDelete
  5. ඔය තියෙන්නේ බඩු. නියමයි

    ReplyDelete
  6. Ansh Lucky Sri Jay/

    ගොඩක් ස්තූතියි අන්ශ්...

    සෝරෝ /

    ස්තූතියි මචං...

    ReplyDelete
  7. ජේ.ඩී /

    ස්තූතියි මචං..

    අභීත /

    හප්පේ මෙතන හොද කියල එතන ගහපු මඩ ටික හොදටෝම ඇති..හික්ස්..

    වැප් /

    ස්තූතියි මචං..

    ReplyDelete
  8. පබලු /
    හ්ම්ම්..ස්තූතියි ලස්සන වර්ණනාවට....

    ඉලංදාරියා /

    ස්තූතියි මචං...

    ruwan kumara maddage /

    ස්තූතියි අගය කිරීමට..

    ගීත් (සහෘදයා)/

    හප්පේ..උඹ හොදයි කිව්වනෙ.හික්ස්..ස්තූතියි මචං..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget