Sunday, October 3, 2010

ජීවිතය තවත් එක් දවසක

වෙරළ තීරය තවමත් රන්වන් පැහැයෙන් බබළයි..ඔහු සමග වෙනදා ඇවිද යන මං තලාව පෙර ලෙසම රළ පහරින් සේදීයයි.නුඹ දෙඅත පටලා ගෙන පුංචි ළදැරියක් මෙන් රන්වන් වෙරළ තීරය මත ඇවිද ගිය අයුරු අපහැදිලි ඡායාවන් තුලින් මට මැවී පෙනෙන්ට විය.කදුලු නිසා බො වුන සිතුවමක් ද නැතිනම් ආයාසයෙන් වලදැමූ අතීතය නිසාවෙන් එය බොද වුණි දැයි සිතන්නට අවැසි නැත..ඒ දුක්ඛිත අතීතය අමතක කර දැමූවත්, විඩාබර දිනක් අවසන, රිදුම් දෙන ශරීර කූඩුව, පරදවා සිත හඩන්නට වී‍මෙහි මට අරුමයක් නොමැත.

සයුර හිරු ගිලගැනීමට පොර බදන තුරු මා හි සිට ගල්පොත්ත මත වැතිරී ගතිමි.රන්වන් හිරු එළිය නෙත් කෙවනි රිදවද්දී සිත අතීතයට ඇදී යන්නට විය..

නුඹ මාගේ හොම මිතුරාය.එකම ආයතනයක් තුල ජීවිතය දුක සැප සමව බෙදා ගනිමින් ගත කළ සුන්දර අතීතයක සිත්තම් අහසේ මැවෙන්නට විය.අප දෙදෙන නොදෙඩූ දෙයක් නැති තරම්ය.මාගේ ජීවිතය තේරුම් ගැනීමට නුඹ හැර වෙනත් සමතෙකු මේ මිහිපිට නොමැතියයි සිතුවෙමි.

දිවියේ ඒ සුන්දරම දින මෙතරම් අසුන්දර වර්තමානයක ආරම්භය යැයි කිසි කළෙක නොසිතුවෙමි..දැනුදු එදින නුඹෙන් ලද පහස මට දැනෙන්නා සේ විය.එදිනද මෙවන් වූ සුන්දර දිනයකි..නුඹ මගේ දෙසවනට ලංව

"මං ආදරෙයි මුතූ"..."ඇත්තමයි...ඔයා මට ආදරෙයිද?"

දෙසවන අදහාගත නොහැකිව නුඹ දෙසම මා බලා සිටියේ මා තරම් පිනැත්තියෙකු මේ මිහිමඬළතුල සිටීදැයි සැක හැර දැන ගනීමට මෙනි..

ඔහුටත් හො‍රාවෙන් පපුතුරෙහි සැගව

"ඔයා මාව කවදාවත් දාල යන්නනෑ නේද......"

"නෑ රත්තරනෙ...ඔයා දැන් හැමදාමත් මගේ..මගේ විතරමයි.."

පිරිමියකුගෙන් ඒ තරම් ආදරයෙන් ලද උණුසුමක පළමු සිප ගැනීම සටහන් කරමින් නළල මත ඔහු හාදුවකින් සැරසීය..දැනුදු නළලත අතගා බැලීමි..ඒ උණුසුම එලෙසමය..නුඹ නොමැතිව හෙලන ලද අනන්ත වූ සුසම් පොදක තවත් එක් සුසුමත් හිස් තලයට පාව යන්නට විය.

ගෙවී ගිය දින සති ගනන් තුල කිසිවෙකුට වෙන් කළ නොහැකි අයුරින් අප ලංව තිබුණි.නිවසින් පැමිණි බාධක ද නොසලකා මා ඔහු සමග පිටව ගිය දින දැනුන දුකත් උතුරාගිය සතුටත් තවමත් සිත තුල හොල්මන් කරයි.

අප දෙදෙන එක්ව සෑදූ සුන්දර කැදැල්ල මේ අයුරින් නුඹ කිසි විටකත් බි දමාවියයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි.නුඹ එනතුරා මහමග දෙනෙත අයාසිටි මට නු‍ඹෙන් ලැබෙන උණුසුම් සිප ගැනීමක් මිස අන් කිසිවක් මා ඉල්ලා නැත.නුඹ මගේ ලෝකය විය.ඒ ලෝකය තුල නුඹ නමින් විදි වේදනා නුඹ අදද නොදනියි..ඒ සියල්ල සිදු වී හමාරය..නුඹ මාහට දුන් වේදනා ඉවසාගත නොහැකිව වෙන් වෙන්නට සිතුවෙමි.ඒ ආදරය තවම එලෙසමය..නුඹ එක් දිනක් මාගේ සිත වටහා ගත්තේ නම් මා තවමත් නුඹ තුරුලේමය... පුරුද්දට මෙන් දෙනෙතට උණන කදුලු දෙකපොල් මතින් බේරී පහලට ඇදෙන්නට විය..

මහ මුහුද සටනින් ජයගෙන ඇත.හිරු සයුරුතෙර ගිලී සැඟවෙන්නට ආසන්න මොහොතක රන්වන් වෙරළ තීරය මත නුඹ නමින් ගලන පද පෙළක් සටහන් කළෙමි..

සිනහ පොකුරු මුව රන්දා
නුඹ තුරුලෙහි සුව වින්දා
සුසුම් පොදක රස හින්දා
ලොවට හොරෙන් දුක් වින්දා

ඈත අහසෙ තරු ගානට
මුහුදේ රළ පෙළ ගානට
පෙමින් බැදුන නුඹගෙ සිතට
කෙලසක මං යයි දුරකට

රන් තරු පායන්න එපා
පුන්සද මෙ‍හි එන්න එපා
ඔහුගෙ හිතක් රිදනු එපා
මා යලි තනි වෙන්න එපා

ඈත සමුදුරු මතින් වේගෙන් නැග ආ රළ පහරින් පද සේදීයන අයුරු බලා සිටින්නට විය..සියල්ල මැකී ගොසිනි..එය අපෙ ආදරය මෙන්ම අතීතයට එක්ව ඇත..අනන්තය දෙස බලා නිදහස් කල සුසුම් පොද පාව යන්නට ඉඩ හැර මා නිවස දෙසට පිය මනින්නට වීමී....

6 comments:

  1. ලස්සනට ලියලා තියනවා වෙනදා වගෙම..ලසනයි මචං

    සයු වෙරල හා මුමුනන පෙම් කතා
    අසා සිටින සිප්පි කවඩි වගේ
    අසා සිටින්නම් අදවාගෙම හෙටත් ...
    උබ ගලපන අකුරුවලට ආදරෙන්.....

    ReplyDelete
  2. ලස්සනයි...........

    ReplyDelete
  3. සාම්ප්රනථායික නව කථා ශෛලියට පසන් ලියන මේ ලියමන් සිත් රූ මවන අතර ලේඛන විලාසය පරිනත ලේඛකයකු ගේ ලේඛනයන් සිත් ගන්වයි. මෙවැනි ලිපි කියවීමෙන් පෙනී යන්නේ ඔබ නවකථා ගැඹුරින් කියවා ඇති සෙයකී. නමුත් ඔබ ලියන්නා වූ හැම රචනයම ඒකරෑපි ස්වරැපයක් ඇති බවක් දැක ගත හැකියි. මෙම ඒකරෑපී කථා විලාසය පාඨකයා කියවීමට සිත් උපද්දවන සුළු නැති බවයි මගේ හැගීම. තවද එකම වචන හා දෙබස් ඛන්ඩ භාවිතා කිරීම නිසා එකම කථාව එහෙ මෙහෙ පෙරලීමක් වගේ හැගීමක් ඇති වෙනවා. උදාහරණයක් ලෙස විඩාබර දිනක් අවසන, රිදුම් දෙන ශරීර කූඩුව, වගේ දෙවල් ගත් විට පසන්ගේ හැම නිර්මාණයකම වාගේ මෙවැනි වැකි වදන් දැකිය හැකියි. එය පාඨකයාගේ පාඨක රුචිය වඩවන සුළු නැති බවයි මගේ හැගීම.
    ඒ වගේම පසන්ගේ නිර්මාණ හා නිර්මාණ ඉතිහාසය ගත් විට වේදනා බර ලියමන් තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. මේ වේදනාබර ලිදේම ගිලිලා ඉන්න උත්සහ කරන්නේ ඇයිද යන්න මට හිතා ගැනීමට අපහසුයි. මේ වෙදනාබර ලිදෙන් එහා තව සතුටු සාගරයත් ඇති බවක් ලේඛකයා වටහා ගත යුතු සේම පාඨකයා හැම වෙලේම ලේඛකයාට උවමනා දෙය රුචි නොකරන බවත් පාඨකයාගේ රුචිය ගැනත් සලකා ධනාත්මක සිතිවිලි වගුරන්නාවු ලේඛනයන් ලියන්නේ නම් මැනවැයි සිතමි.
    නවකථා ශෛලියට ලේඛනය කිරීමේ හැකියාවෙන් ආඩ්යා ඔබ අඩු තරමින් බ්ලෝග් පාඨක සමුහයා උදෙසාවත් සිනහව විනෝදය ආදරය ත්රායසය සපිරුණු නවකාථාවක් ලියන්න උත්සහ ගන්නේ නම් පාඨක සහෘදයා බෙහෙවින් ස්තුති වන්ත වනු ඇත.

    ReplyDelete
  4. ඉලංදාරියා /

    ගොඩක් ස්තූතියි මචං....

    Anonymous / ගයාත්‍රි

    ස්තූතියි ඔයාට​ත්......

    ReplyDelete
  5. සෝරෝ /

    ස්තූතියි මචං....

    ගීත් (සහෘදයා)/

    අන්න මිනිස්සු..එකපාරයි කිව්වෙ ඔය තියෙන්නෙ ලෙසටම විචාරයක් දීලා..මරු මරු ආහ්...ස්තූතියි මචං...

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget