වළාකුලකුදු නොමැති අහසේ
පුංචි තරුවක් ඉකිබිදින්නේ
සරා සඳ ඇයි නුඹ තැවෙන්නේ
සඳා කල් සඳ ආදරයිනේ
ඉරට හඳ නැති ලොවක් මට නැති
සඳට තරු නැති ලොවක් මෙහි නැති
අපට අප නැති ලොවක් කොහි ඇති
මෙමට නුඹ නැති ලොවක් නම් නැති
.........................................................
සරා සඳ අහසේ හිදිනා
අසනු මැන මගෙ හිතම පිරිලා
තිබූ ලෝකය ඝනදුරින් වැසිලා
නුඹ ඇවිත් එය එළිය කරලා
සිත්තමක් ඇත පාට මැකිලා
නුඹ ඇවිත් එහි පාට තවරා
මගේ ලෝකයෙ සිනහ රන්දා
නුඹ මගේ විය පෙමින් පුරවා
.......................................
සඳ දියෙන් නැහැවෙනා රාත්‍රිය
නුඹ නමින් පේ වෙනා මගෙ හිත
හැර තියා හැම කවුළු විවරව
බලා උන්නා නුඹ වඩින සඳ
...................................................
විල් දියක පිපි නෙළුමක්ව විලසින්
මගේ හද සොරාගෙන හොරෙහෙන්
ජීවිතය නුඹ නමට පිදුමින්
අපි අපේ විය මුළු ලොවට රහසින්
පායලා හිරු ඈත අහසේ
එළි කලා ලොව නුඹත් එලසේ
නුඹට තුරුළුව ලොවට රහසේ
අපි අපේ විය මෙලෙස දිවියේ...
....................................
සංසාරෙන් ආ විලස පතාගෙන
ඔබ අසලින් මා හීදී බලාගෙන
හිමිවන හිමිවන හැම අත්භවයක
එන්නෙමි පෙර සේ නුඹව පතාගෙන
......................................................
බ්ලොග් සතිය වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලදී.....
ජීවිත කිහිපයක්.....
ReplyDeleteතනිකර දමා ආවත්....
රැවටිච්ච මැයවත්...
දෙනෙත් සේ සුරකීම වැදගත්....
අතීතය නම් වූ....
කලු වලාකුල මැද්දේ.....
රිදී රුව පෑයූ......
ඇයයි ඔබෙ නැණ මනස පෑදූ....
මේ දරුවාගෙ සිත තුල...
තියෙනා ගතිගුණද සිහි කර....
නුඹේ හිත දැඩි කොට...
සසර සරනා තුරුම ඉනු මැන....
සැර වැඩියිද මන්දා.... :D
යකෝ දැන් බොට කවි ලියන්න වචන නැහැ කිව්ව නේද...... ඔය ලියලා තියෙන්නේ මට ඉරිසියා හිතෙන්න.....
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්.......
ReplyDeleteලස්සනයි අයියා...... :D
lassanam lassanai
ReplyDeleteuparimai
ප/ලි මට මේකේ සමහර කවි වල නිකම් දන්න කෙනෙක් ලිව්ව ගතියක් තියනවා......... හ්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම් දෙන්නෙක් ලියූ බවක් හැඟී යයි. ලියූ අනිකා දන්නා බවක්ද හැඟේ........
ReplyDeleteපසන් ගේ කවියත් හරි..අභියගේ අවවාදත් හරි...
ReplyDelete