Monday, April 4, 2011

කූජීතම අවුරුදු උත්සවය ගැන ලියමි

මා මෙතක් සහභාගි වූ කුජීතම අවුරුදු උත්සවයට මා පසුගිය ඉරිදා දින සහබාගි උනෙමි.. කියන්නට වචන නැත.. පට්ටම කුජීතය.. එය කුජීත යන වචනයේ තේරුම මා තවමත් හරියට නොදනිමි.. නමුත් මා අවුරුදු උත්සවය කුජීත යැයි එඩිතරව ප්‍රකාශ කරමි.. අවුරුදු උත්සවය මෙලෝ රහක් නැත.. මා යන විට ඇතුල් වෙන තැන ටිකට් ගන්න හැටක් විතර වට වී පොර කමින් සිටුනු දුටු විට පොලේ එළවලු ගන්න ගිය අවස්ථාවක් සිහි විය.. මා හට ඇතුලට අඩිය තියන්නතවත් නොහැකි වන සේ මා වට කරගත් අසමත්ජාති රැළ මා ගේ පොකට්ටුව හොරකම් කර අදාල මුදල ඉතා වංචා සහගතව උදුරා ගන්නා ලදී.. මා එයට විරෝධය ප්‍රකාශ කිරීමට සැරෙසෙත්ම පිටුපසින් වැදුනු පා පහරකින් තල්ලු වී ගොස් ඉදිරි අසුනක ඉන්දවිය...

ඈත එක් කොනක මුට්ටි එල්ලා තිබුණී.. අනිත් කොන සුදු පැහැති බෝඩ් ලෑල්ලක් එල්ලා තිබුනි.. එය කුමක් දැයි දැන ගැනීමට සිත් උවද මා අසුනක ඉන්දවා මට ඉන් නැගීටීමට තහනම් කර ආපු විදිහටම ඉන්න කියා මා හට සංවිධායක මණ්ඩලය විසින් තර්ජනය කරන ලදී.. නෙත් පිරී ගිය කදුලින් මා අසරන උනෙමි...

එකෙක් හරි අසුනෙන් නැගිටියි කියල බලාගෙන ඉදලා ඇස් අග කඳුලු කැට පිරිලා ‍මුලු ලෝකයම බොඳ වෙලා ගියත් කවුරුත් නැගිට්ටෙ නෑ.. දැන් දුවන්න තියන තරගයක් ආවා.. මං ඉදිරිපත්‍ වෙන්න කියලා ගියා.. මගෙන් ඇහැව්වා සංවිධායක මණ්ඩනලේ අයියා කෙනෙක්..

සංවිධායක - ඔයා කලින් දුවල තියනවද?
මම - අනේ නෑ අයියා.. බල්ලෙක් පස්සෙන් එලවපු දවසෙ නන් දිව්වා
සංවිධායට- එහෙනන් මොකටද ගොන්ටෝ ආවේ.. තෝ බැරි වෙලාවත් වැටුනොත් අපිට පොලෝසි යන්නද කියන්නෙ.. අන්න අතනින් ඉදගෙන හිටු...

මං ඉතින් ඊලග තරගෙට යන්න කියලා හිතාගෙන ඉදගත්තා... ඔන්න ඊලගට තිබ්බා යෝගට් කවන්න.. උදේ ඉදන් කාල හිටියෙ නැති නිසා මං ගියා යෝගට් කන්න.. මං දැන් අත් දෙකත් පිටි පස්සට කරල බැදගෙන කස්ටියත් එක්ක පේලියට හිටියා... ඔන්න විසිල් පාරට මාත් දුවන්න ගත්තා.. මල හත්තිලව්වයි. හැමෝටම කෙල්ලෙක් යෝගට් කවනවා.. මට කවන්න කෙල්ලෙක් නෑ.. මං අයියා කෙනෙක් ගෙන් ඇහැව්වා..

අයියා.. මට කෙල්ලෙක් හොයල දෙන්නැද්ද යෝගට් කවන්න ඇ......... කියලා..

ඌ කියපි

මං කපුවෙක් කියල හිතුවද බොල. දුවපිය යන්න කියලා........

මං අත් දෙකත් බැඳ ගෙනම ඇවිත් ඉදගත්තා....

ඊලගට බනිස් කන්න ගියා.. දුවගෙන ගිහින් බනිස් ගෙඩිය ලගට ගියාම තමයි දන්නේ ඒ තිබ්බෙ සීනි බනිස් කියලා.. මොන ගෝටයිම්බරයද සීනි බනිස් දෙන්නෙ.... අනික මං දියවැඩියා කාරයා වෙච්චි.. මට පුලුවන්ද සීනී කන්න.. මුන්ට මොලේ නැද්ද මන්දා.. ලාබෙට නිකං බනිස් තියෙන්දි. වැඩියෙන් සල්ලි දීලා සීනි බනිස් එල්ලන්නෙ.. සිරාවටම මෙහෙම හිපාටුවො ටිකක් දැක්කමයි.. සික් විතරක්.....

ඊට පස්සෙ ගියා කනා මුට්ටි ගහන්න.. ඒක එල්ලලා තිබ්බෙ අනිත් කොනේ.. මාත් ඉතින් හීමීට යන්න එපැයි ඒක මැද්දෙන්.. අනේ ලගට ගිහින් ඇස් දෙක බැදගත්තා විතරයි කොහෙන්ද මන්දා ආපු කොට්ටෝරුවෙක් ඒකට ගහලා.. යකෝ මුට්ටි ගන්නෙ සල්ලි දීලා.. ඒක එල්ලුවෙ ඊටත් වඩා ගේමක් දීලා.. මොන ‍යකාද අවසර දුන්නෙ හතර වෙනියට ගහන කෙනාට මුට්ටියට ගහන්න.. පෝලිමේ තව කීයක් හිටියද.. මුන්ට මොලයක් නැති හැටි.. තරගයක් තියද්දි පිලිවෙලක් තියෙන්න ඕනි.. අඩුම ගානෙ තරග කාරයෝ 20ක්වත් යනකං මුට්ටියට කාටවත් ගහන්න බැරි විදිහට එල්ලන්න ඕනි..අනේ මන්දා කොහොම තේරුන් කරන්නද කියලා.. මේ ත‍රගෙ සංවිධානය නන් අන්තිමයි...

මෙහෙම තරග කරන්න බැරි නිසා මං ටිකක් හෙවනට වෙලා බලාගෙන හිටියා.. මල විකාර.. එතන කොල්ලො කෙල්ලො ජෝඩු දාලා විලිසංගෙ නැති උන්වගෙ දගලනවා.. උන් හිනාවෙනවා ජීවිතේටම හිනාඋන පලවෙන පාර වගේ.. මල සමයන්... මුන් හැසිරෙන්න දන්නැති හැටි.. කිසිම ගරු සරවක් නෑ.. අර ළමයි ඉන්න තාත්තල අංකල්ලට ගිහින් අයියෙ කියලා කථා කරලා ඒ මදවට උන්ගෙ කරෙත් නගිනවා.. මුංට කිසිම හැදියාවක් නෑ..අන්තිමයි.. ‍අනාගතය බාර ගන්න උන් මෙහෙම හැසිරෙනවා නන් මේ සාමාජය කොහෙට යයිද කියලා මට හිතා ගන්නවත් බෑ.....

අනික ලස්සන පැපොල් ගෙඩියක් තියලා අවුවෙ.. ඒකෙ ඇට ගනන් කරන්නලු.. යකෝ අහවල් දෙයක් කරන්නද අපි ඕකෙ ඇට ගනන් කරලා.. මුන්ට මොලයක් නැද්ද මං අහන්නෙ අර කොහෙවත් තියන පැපොලක ඇට අපිට කියලා ගනන් කරවන්න.. ඔන්න රටක සිතියමක් ගෙනහැල්ලා.. කවකටු පෙට්ටියකුත් දීලා පරිමානයක් දීලා රටේ දිග වත් හොයන්න කිව්ව නන් මොලේ හරි වෙහෙසන්න තිබ්බා.. මුන්ගෙ තියන මෝඩ කමට පැපොල් ගෙඩියක ඇට ගනන් කරන්නලු...තෝපිලට ඕනි නන් ගනන් කරගනින් කියලා මං නිකං හිටියා.. මං මොකටද අනිත් උන් කරන මෝඩ වැඩ කරන්නෙ..

ඊට පස්සෙ කෑම එකක් දුන්නා.. අලි චිකන් කෑල්ලක්... යකෝ අපේ රටේ සත්ව ඝාතනයට විරුද්ධව මේ තරන් මිනිස්සු කෑගහද්දි.. මොන ඉලව්වකටද මුන් මස් කෑලි තියලා බත් දුන්නෙ.. මුන්ට වටිනවද එහෙම කරන්න.. හරි මාත් කෑවා තමයි.. ඒ උනත් මං කෑවෙ අර හිකනල්ලු මට එහෙම බත් එකක් දුන්න නිසානෙ.. නැත්තං මං මස් කන්නෑනේ... මුන් තමයි රට විනාස කරන්නෙ.. රට අපායක් වෙලා තියෙන්නේ මේ වගේ දුර දිග හිතන්නැති මිනිස්සු නිසා...

දුන්න බත් පැකට් එකත් කාලා..පස්සෙ දුන්න කේක් කෑල්ලත් කාලා මං ගෙදර ආවා.. වෙන අහවල් මගුලක් කරන්නයැ.....අනික මුන් මහ අසමත්ජාති උන්.. මුන්ට කේක් කෑලියි බත් පැකටුයි ඉතුරුයි කියලා.. අපිට දෙක දෙක ගන්නලු.. යකෝ අපි එහෙව් පෙරේතයොද බොල.. තොපිලට ඉතුරු උනා කියලා අපි කෑලි දෙකක්මද ගන්න ඕනි.. මං කේක් කෑලි තුනක් කෑවා බොල.. තොපිලා හිතුවද අපිට කන්න බෑ කියලා.. මූන බලලා කතා කරන්න ඉගන ගන්න ඕනි..බැරි නන් කේක් ටිකක් ඔතල දෙන්න ඕනි.. මුන්ගෙ කිසි ගුනයක් නෑ.. මං කිව්වා කේක් අල්ලපු මල්ලියෙකුට

මල්ලී මං කේක් කෑලි 3ක් කෑවා.. පස්සෙ කන්න එකක් ඔතල දෙන්නකො කියලා....

මූ කියපි..

මෙතන ඔතන්න මුකුත් නෑ අයියා....... ඕනි නන් තව කෑල්ලක් කාලම යන්න කියලා....

යකෝ ගෙදර ගිහින් කන්න ඉල්ලුවම දැන් කන්න කියලා හරියනවද.. කිසිම මොලයක් නැති උන් ටිකක්.. සදාචාරයක් නෑ.. උන්ට තිබ්බා කේක් කෑලි ඔතල දෙන්න මොනව හරි ගෙනත් තියන්න.. අඩුම ගානෙ කෑම පෙට්ටි ටිකක් ගෙනැල්ලා ඒවාට දාලා එකාට එක ගානෙ දෙන්න තිබ්බා..

තව ලියන්න බෑ බොල.. මගේ ලේ කෝප වෙනවා...... දැනට ඇති යකෝ...........

ඇනොනිමස් ලියන්නට පෙර ලියූවෙමි.. සත්‍ය කතා කරන්නට බිය විය යුතු නැත.. මා හෙට මිය ගියද සත්‍ය ලොව කෙදිනක හෝ ජයගනු ඇත......

26 comments:

  1. අයියා පුදුම නිර්භීතයි නොවැ. බලපල්ලකෝ අර මැර සංවිදායක මණ්ඩලේටවත් භයනොවී ඇත්ත ලියලා තියන අපූරුව :D

    ReplyDelete
  2. අලේ අම්මියෝ....... බලන් ගියාම මෙතනත් තනිකරම අසාධාරනේ......... :D

    ReplyDelete
  3. පසා ව‍රෙන් කේක් කෑල්ලක් දෙන්න. මට දැන් කේක් එපා වෙලා තියෙන්නෙ... අද තුන් වේලටම කේක් යකෝ.... :D

    ReplyDelete
  4. හෙහ් හෙහ්... පිස්සු හැදෙයි... එතකොට අර අනිත් එවුන් සේරම බොරු නෙව ලියල තියෙන්නේ... සංවිධායක මණ්ඩලෙන් උන්ට ජරාවවත් දීලද කොහෙද.... ;-)

    ReplyDelete
  5. හානේ අවුරුදු උස්සවයක් .......... කොහොද දන්නේ නැහැ තිබුණේ? වෙලවට මං ගියේ නැහැ

    ReplyDelete
  6. අර අනික් උන් මැරෙන්න හදන්නේ ඔය අවුරුදු උත්සවේටම නේද ..ෂුවර් එකටම උඹට නොදුන්න්ට උන්ට කෙක් ඔතල දෙන්න ඇති

    ReplyDelete
  7. මණ්ඩලේ ඇතුලේ කචල් කියලා ආරoචියි මඩ බෙදා ගන්න බැරුව

    ReplyDelete
  8. සිරාවටම ඕක කවද කොහෙද බොල තිබුනෙ?

    ReplyDelete
  9. මම හිතන්නේ ඔයා ගිහින් තියෙන්නේ පොලීසියේ අවුරුදු උත්සවේට වෙන්න ඇත.. මල්ලි ආයි අවුරුදු උත්සවයක් කරනවානම් අපිටත් කියන්න. මේක හරි මගුලක්නේ.. අපිත් බ්ලොග් ලියනවා අපිට කියන්නේ නැතුව අවුරුදු උත්සව කරන්නේ අපිව හලලාද?

    ReplyDelete
  10. අම්මට සිරි පසංට වෙලා තියෙන අසාධාරණේ. මං සංවිධායක මන්ඩලයේ හිටියනම් උබට ඔහොම එදිරිවාදිකම්වලට ලක් වෙන්නඉඩ තියන්නේ නැහැ. ඒත් උබට තිබුනා අර ආරාධිත අමුත්තෙක් විදිහට ආපු පොලිස් මහත්තයට කම්ප්ලේන් එකක් දාන්න උබට වෙච්ච අසාධාරණකම් ගැන.....ශික් කුජීතයි.....අසමජ්ජාතියි.....

    ReplyDelete
  11. අඩේ එහෙම එක්ක තිබුනද අපිටත් හොරෙන්. හරිම කුජීතයි තමා (ඇත්තටම කුජීතයි කියන එකේ තේරුම මොකක්ද?)

    ReplyDelete
  12. හකස්! වැපා දන්නැලු කොහෙද මේක තිබ්බෙ කියලා පව් නේද!

    පසනා මේ කව්ද කියලා උඔ අඳුරවනද කියලා බලහං
    http://www.facebook.com/album.php?id=100000256806646&aid=52687#!/photo.php?fbid=206497346035491&set=a.206475906037635.52687.100000256806646&theater

    ReplyDelete
  13. අවුරුදු උත්සවයක්....කොහෙද අප්පා තිබුනේ......එන්න බැරි උන අයට දුක තමාය....

    කොහොම නමුත් කට්ටිය ලෙසටම වැඩේ ගොඩ දැම්මා..ඒ ගැන කියා වැඩක් නැත......නැවත එවන් සිහින වැඩි වැඩියෙන් අභීත අයියා හට පෙනේවා...

    ReplyDelete
  14. ෂික් අපිටත් කිව්වනම් අපිත් එනවානේ.. කූජිතයි..

    ReplyDelete
  15. අහ් මේ අර අභියා කරපු එක නේද...අපි ඕවට යන්නේ නෑ බං...කූජීත පොරක්නේ වැඩේ පටන් ගත්තේ....ඉතිං ඕක කෝමත් කුජීත වෙනවා අනිවා....

    ReplyDelete
  16. ඈ.. පසන් අයියේ අපි ඔහොම එකක් ගැන දන්නෙවත් නැහනේ...

    නැගිටපන් යකෝ දැන් එලිවෙලා...

    ReplyDelete
  17. කක්ක ය. එහෙමත් එකක්දෑ? තව මුන් මගෙන් ආවෙ නැත්තෙ මොකො කියලත් අහනව. හොද ව්එලාවට ආවෙ නත්තෙ.. :D :D

    ReplyDelete
  18. ඔහොම දෙයක් උනාද ? එහෙමනම් පට්ටම කුජීතයි නේ... විලි ලැජ්ජාවේ බැරුවා...

    හික් හික්

    ReplyDelete
  19. "යකෝ මුට්ටි ගන්නෙ සල්ලි දීලා.. ඒක එල්ලුවෙ ඊටත් වඩා ගේමක් දීලා.. "

    එල්ලපු කෙනාම තමා දන්නේ දීපු ගේම නේද පසෝ........... හික් හික්..............

    ReplyDelete
  20. මේව කියවලා මගේ ලේත් රත් වුනා.අර අහිංසකි කෙල්ලගේ කකුලෙ ලණුවක් බැදගෙන ඇදගෙන යනව දැකලා මට දුකේ බැරුව හිටියේ :p

    අනික අර සීනි බනිශ්..ඔතන හිටි වැඩිහරියක් දියවැඩියා කාරයෝ වෙච්චි කවුද බනිශ් ගේන්න කඩේ ගිය කෙනා කියලා හොයලා වෙනම තැග්ගක් දෙන්න ඕන :D :D

    ReplyDelete
  21. ඔව් බං ඔතන අර කඹ ඇඳීම ඇර අනිත් හැම එකක්ම අසාධාරණේටම යට වෙලා තිබුනේ..

    ReplyDelete
  22. උබට තැග්ගක් ලැබුනේ නැති දුකටනේ මෙහෙම මඩ ගහන්නෙ ? :P :P

    ReplyDelete
  23. මොකක්ද බොල තගේ සහොදර කම මට කියන්න එපැයි යකෝ.. කිවනම් මාත් එනවා අම්මා එක්ක.....

    ReplyDelete
  24. @බුද්ධි
    කොහොමද බං හරියටම පින්තූරෙ ගත්තේ.
    ගෙදර ගෙනියන්න ඔතාගන්න බැරි හේතුව

    ඇනෝනිමස් එකෙක් ලිවුවත් ඔච්චර හොදට ලියන්නෑ පසනෝ :)

    ReplyDelete
  25. හිහි හිහි අය්යට මාර හැකියාවක්නෙවැ තියෙන්නෙ..
    මෙව්ව ඇත්තද බොරැද මන්ද..
    අවුරුදු උත්සවයක් ගැනනම් ආරංචියි...
    ඒත් මෙහෙම එකක්.. හපොයි..!! ඔයා පව් අයියේ.. :P

    ReplyDelete
  26. මොකක්ද පශන් කලින් මේවා කීවනම් මමත් එනවා නුවර සෙට් එකක්ම සෙට් කරගෙන සුදු වැන් එකක්වත් හයර් කරගෙන. එහෙනම් අපි මේ අශාධාරන වෙන්ට දෙනවද ඔයාට???

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...