Thursday, May 19, 2011

ඉලංදාරියෝ.. මේ නුඹ වෙනුවෙන්මයි....


"හිමින් හිමින් අඩි තිය තිය හදවතක් පුරා''''
ඉලංදාරියෝ සෙල්ලම් කරනවද ඔයා"


දනිමි මම,
‍නුඹ පැතුමන් පැතූවග.
අසනන්ට නුඹ නමින් ගෑයූ ගීයක තාලය...
අසා සිටියෙමි..
දිවා රෑ පුරා..
නුඹ මියයමින් සිටින වග දහස් වර
‍මිතුරෙක්ය නුඹ
විටක සහෝදරයකු ලෙසින්
දෙසවනින් නෑසූවද.. මනසින් සියල්ල තේරුම් ගත්තද
කිසි දිනක නොසිතුවෙමි
නුඹ සිනාසුන මරණය මෙතරම් කුරරු වග

ආසයි මට..නුඹේ සිනා හඩ හසන්නට..
උදේයේම පැමිණ නුඹ
මා සොයන අරුමය...
හෙට දිනට පැමිණෙන්නෙමි..
දකින්නට නුඹ.. මා සපථ කළ අයුරින්ම..
නුඹෙ නිවසටම පැමිණෙන්නෙමි..
නමුත් නුඹ නොමැත මා පිළිගන්නට..

මිතුරෙක්ය සදා නොමැකෙන..
නුඹ ඉලංදාරියෙක්මය........ කිසිදාක නොමැකෙන......
මේ දෙනුවන තෙමා යන කඳුළු කැට
කිසිදාක නොපැවෙතුවෙමි හෙලන්නට නුඹ නමින්..
මිතුරෙක්ය නුඹ
සෑබෑ ලෙස මිතුරෙක්ය..
අරුත් ගන්නවන්නට අවැසි නැත........
මන්ද යත් නුඹ මිතුරෙකුට අර්ථයක් වී සිටි නිසාමය..

ඉලංදාරියෝ.. උඹට නිවන් සැප ‍ලැබෙන්න කලින් එක පාරක් මේ ලොකෙ ඉපදියන්.. අහපං උඹ නමින් කියන ඒ ගීතය.. අහපං උඹ ආසවෙන් අහන්න හිටපු හැම ගීතයක්ම.. එදාට මං එන්නෑ පදවැල් හොයන්න..

කියන්න වචන නෑ ඉලං.. උඹට සුභ ගමන්..
හැමදාමත් කියනවා වගේ...
බුදු සරණයි මචෝ.......................

7 comments:

  1. හැමදාම කියනවා වගේ උඹට බුදු සරණයි මල්ලි...
    නිවන්සුව ලැබේවා...

    ReplyDelete
  2. හිතාගන්නත් බෑ... ඉලන්දාරියාට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා... ඛවදාවත් මෙවැනි විපත නොවෙන්න සහෝ...

    ReplyDelete
  3. නොසිතු දේ සිදුවෙයි.
    ඔබට නිවන් සුව දිලුම් සොයුරාණෙනි..

    ReplyDelete
  4. සොයුර ඔබට නිවන්සුව......................

    ReplyDelete
  5. "හිමින් හිමින් අඩි තිය තිය හදවතක් පුරා''''
    ඉලංදාරියෝ සෙල්ලම් කරනවද ඔයා"

    ඩවුන් ලොඩ් කරලා තියා ගත්තා.. මරනේ අයියට කියලා මම ඩවුන් ලොඩ් ලින්ක් එක හොයලා දුන්නා.. මරනේ අයියා බස් එකක්මදැම්මා ඉලන් අයියට බලන්න..ඒත් ...........:(

    ReplyDelete
  6. දිලුම් වෙනුවෙන් අපි හොඳ මිනිසුන් වෙමු!

    ReplyDelete
  7. "වෙදනාත්මකයි,ලියන්න වචන නෑ,එනමුත් පතන්නෙමි යලි උපදීවා අප අතරම සොයුර ,"

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...