Sunday, June 26, 2011

මගේ පුතා මගෙ තුරුළේ සුවට නිදනවා....


බිංදු බිංදු රන්තරු කැට කඩා හැලෙනවා
පුංචි පුතා මගෙ තුරුළේ සුවට නිදනවා
රන් හඳ විත් ඈත අහසෙ එබිලා බලනවා
රන්කිරි වැනි නුඹේ මුවින් සිනහ ගලනවා

සිහින මවන නුඹෙ නෙතු කැට හෙමින් ගැහෙනවා
ඒ තාලෙට නුඹෙ මුවින් වදන් මැවෙනවා
හඳ මාමා එබී බලා නුඹ සනසනවා
මගේ පුතා මගෙ තුරුළේ සුවට නිදනවා

නිදි දෙව්දුව ලගට වෙලා සිනහ නගනවා
මගේ පුතුගෙ නුවන් මතට පවන් සලනවා
සිගිති දෙතොල් එකට සැලී රහස් කියනවා
මගේ පුතා මගෙ තුරුළේ සුවට නිදනවා...

11 comments:

  1. අපූරුයි මිත්‍රයා.
    'මූදු පතුළ යට ඉඳලා' කියන ගීතය සිහියට ආව.

    ReplyDelete
  2. සුපිරි මචන්... උඹලට වඩා මේ කවි අපේ හිතට වදිනව මචන්....

    ReplyDelete
  3. හරිම අපූරුයි යාළුවා...

    ReplyDelete
  4. හොඳ නැලවිලි ගීයක් නේ

    ReplyDelete
  5. sensitive mode:
    අපුරු සැහල්ලුවක් එක්ක හිතට ලොකු තැන්පත් බවක් ඇතිකරන අපුරුම නිර්මාණයක් පසා.. හරිම අපුරුයි.. උබෙ හිතෙ තියන දරු සෙනෙහස... එලියට පෙනවා... හරිම හිතට සැහැල්ලුවක් ගෙනාපු නිර්මාණයක් උදෙන්ම දැක්කෙ...

    වලත්ත mode:
    පසා තොට මෙ මක්කැයි වෙන්නෙ.. දෙපැත්තෙ මහාඋන්ට කතා කරල ඉක්මනට පෙලවහක් කර ගනින්.. නැත්තම් මෙ දරුසෙනෙහස හින්දා අර කෙල්ලටයි ලොකෙට මුහුණ දෙන්න බැරි වෙන්නෙ...

    ReplyDelete
  6. දැන් මෙහෙමනම් පුතෙක් ඉන්න කාලෙක කොහොම ලියයිද...

    ReplyDelete
  7. සඳ එලියේ රන්තරු විත් නෙතු සරසනවා
    මුතු මුවගේ නැගෙන සිනා සතුට සදනවා
    පිපෙන පිපෙන මල් ගානේ පැතුම් පිපෙනවා
    පුංචි පුතා මවු තුරුලේ සුවට නිදනවා

    ලස්සනයි කියන්නේ උපරිම ලස්සනයි.කාලකට කලින් මගේ අතිනුත් ලියවුනා කවියක් මේ වගේම
    http://magethanikama.blogspot.com/2010/07/blog-post.html ( මෙන්න ඇඩ් එක )

    ReplyDelete
  8. අඩේ අප්පේ........... දැන් බබාට මාස කීයද බං මලේ.......?

    අගේ ඇති කවි පෙළක් මලේ........ මට නං සිහි වුනේ සෙනෙහස රං සිංහාසන හදේ මැවෙනවා ගීතයයි. ඒ තාලෙට මේ කවි පෙළ හොඳින් ගායනා කරන්න පුළුවන්.............. බොහොම අගෙයි බං..... බොහොම අගෙයි

    ReplyDelete
  9. පට්ටම පට්ට සිරා අයියේ....

    ReplyDelete
  10. @ හසියා,

    පට්ටම සිරා නං ලබන වෙසක් එකට කූඩුවක් හදාගන් මලේ.......... :D

    ReplyDelete
  11. නෑ මං හැදුවේ ඇසළ වලට කැරකෙන කූඩුවක් ගහන්න.....

    අක්කා කිව්ව දෙයක් නාහා කොහෙමද ඔන්න මං එහෙනම් වෙසක් එකට හදන්න තියාගන්නම්කෝ....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...