කියන්නට කවියක්
සොයමි මං තනුවක්
ගයන්නට නුඹ නමින් මොහොතක්
හිඳිනු මැන තවත් එක් දිනයක්
ගලන දිය දෝතක්
රැදෙයි නම් දෑත මත මොහොතක්
රැක ගන්න තව දිනක්
හැකිය නුඹ අන්සතුව පිපුනත්
සඳක් සේ පෙනුනත්
දනිමි හිරු රැසේ සැඩ කවදත්
නමුදු නුඹ ලගට ඇවිදින්
සැතපෙන්න හැකිද මොහොතක්
දෙනෙත මත පිපුනත්
බැරිය සිප ගන්න සිතුනත්
සිහිනයක් විලස නුඹ සිටියත්
එපා ඇහැරෙන්න කවදත්
"සිහිනයක් විසල නුඹ සිටියත්"
ReplyDeleteපසන් ළමයා අකුරක් මාරු වෙලා වගේ කියලා හිතෙනවා...
"රැක ගන්න තව දිනක්
හැකිය නුඹ අන්සතුව පිපුනත්"
අයේ මොනවා රකින්නද අන් සතුනං ඒ සතු කෙනාම බලා ගනී නෙව..:D
තැන්කූ අයියා වැරැද්ද පෙන්නල දුන්නට.. මං ඒක හැදුවෝ...:-D
ReplyDeleteපසා කවිය ලස්සනයි.. උඹව මම දැන් දන්නවා.. උබෙ මුහුන කට හඩ මම දන්න හින්දා මෙ කවියෙ ලස්සන මට දැනෙනවා අඩුයි. මම උඹව දන්නෙ නැහැ කියලා හිතලා කියවද්දි තමයි මෙකෙ ලස්සන පෙනුනෙ... හරිම ලස්සන කවියක් මචන් ... හම්බුන වෙලාවක මතක් කරපන් මෙ කවිය ගැන ...
ReplyDeleteරවා කවි වල රස විඳින්න එකෙක් යෑ.
ReplyDeleteශා... මේක හරිම ලස්සනයි පසන් මල්ලි....
ReplyDeleteමේක නම් පට්ටයී
ReplyDeleteහරිම ලස්සනයි පසන්....
ReplyDeletelassana kavi pada walak...........
ReplyDeleteලස්සන පද පේලිය,
ReplyDeleteසිහිනයක් ලෙසට මම පෙනුනත්
ReplyDeleteමගේ දැසට එබී එක මොහොතක්
බැලු විටක පෙනෙයි නුඹටත්
මසිත පිපිපෙම කොතරම් ද මනරම්..
"දෙනෙත මත පිපුනත්
ReplyDeleteබැරිය සිප ගන්න සිතුනත්
සිහිනයක් විලස නුඹ සිටියත්
එපා ඇහැරෙන්න කවදත්"
මේ පද ටික තමයි මට නම් ලස්සනම..!
ලක්ෂණයි
ReplyDelete