
ඊයෙ සෙට් වීමකදි කතා කරපු දෙයක් පෝස්ට් එකක් විදිහට දාන්නෑ කියලා හිතං හිටියත් අපෙ වෙනී අයියගෙ මේ පොස්ට් එක දැක්කම ඒක දැම්මනං හොදයි කියලා හිතුවා... අපේ සෙට් එකේ ඉන්නවා ජෝකර් කෙනෙක්.. ඌ හෙන සිරා මාතෘකාවක් ගැඹුරින් පැහැදිලි කරල දුන්නට පස්සෙ හැමෝම කිව්වෙ උඹ වගේ එකෙක්ගෙන් ඒ තරං සමාජය තේරුන් අරං ඉන්න එක හිතන්නවත් බෑ කියලා.. මෙතනින් පස්සෙ ඌ කියපු දේවල් ඌ කියපු විදිහටම මෙතනින් පසු..
අපි බීලා හිනා කතාවක් කියලා ආතල් එකට නැටුවට අපේ ජීවිතේම ජෝකර්ල නෙමේ බං... උඹත් බ්ලොග් එකක් බලලා අන්න මේ අරූ මෙහෙමයි කියලා හිතා ගත්තට ඇත්තටම එහෙම නෑනේ.. අපිත් එහෙම තමා...අපේ පිටින් දේට පේනවා වගේ අනිත් උන්ට ආතල් දෙන චරිතයක් උනාට උන්ට අපිට උන්ට වඩා ප්රශ්න තියනවා.. ඒ තියෙද්දිත් අපි හිනා වෙලා ඉන්නවා යකෝ.. අපෙ වැරැද්ද මොකක්ද.. අපි බොනවා.. නැතුව ගෑණු පස්සෙ යනවද.. නෑ.. එකක් තියාගෙන වෙන උන් එක්ක බුදිය ගන්නවද.. නෑ..ඒත් අපිට කෙල්ලො කැමති නෑ..ඇයි
අපි ආතල් දෙන නිසා යාලුවො වැඩී.. පිස්සු කියවන නිසා කෙල්ලො ඉන්නවා කතා කරන්න.. ඉතින් මොකක්ද පිටින් දකින මිනිහ හිතන්නේ..
මූ බෙද්දෙක්.. කෙල්ලො වටේට තියාගෙන ඉන්න වනචරයෙක්.. ඔන්න අපි ගැන හිතන හැටි.. ඉතින් අපි එහෙමද..
බලපං.. බොන්න අතේ සල්ලි නැතුව ගල් කාලකට බියර් ටිකක් දාල බොන්නෙ.. ඒකත් මාසෙකට එකයි නැත්තං දෙකයි.. ඉතින් ඔය ටික බොනවටනේ අපි බේබද්දො උනේ.. අපි බීලා වෙන මිනිස්සුන්ට කරදරයක් තැතුව සිංදුවක් කියලා නටලා ගෙදර ගිහින් නිදා ගන්නවා..
දැන් බලපං.. අපිට කොකා පෙන්නලා බැඳලා ගිහින් සිරීයස් කොල්ලො බැඳපු කෙල්ලො කීදෙනෙක් පිට යනවද.. අපිව හොයාගෙන කීදෙනෙක් එනවද.. ඇයි.. සිරියස් කොල්ලො කියන්නෙ හිතේ හැමදේම හංගගෙන පිටට පේන්න බොරුවට රඟපාන අය.. උන්ගෙ ඇත්ත පේන්නෙ උන් එක්ක සෙට් උනාම.. ඒ අතින් අපේ කෙල්ලො වාසනාවන්තයි..
ඇයි යකෝ..අපි බීලා වැඩී වෙච්ච දවසට හරි කෙල්ලට ඇත්ත කියනවනේ... මම වෙන ගෑණු සෙට් උනත් යාලු වෙන්නෑ වෙරි වැඩි උනාම මගෙ ගෑණීට මගේ කටින්ම කියවෙයි කියලා..ඉතින් මගෙ ගෑණි වාසනාවන්ත නැද්ද..
ගෑණු හිතන් ඉන්නේ ඔය සිරියස් මූඩ් අය හෙන සිරා කියලා.. ඇති බම්බුමකටද බං සිරීයස් වෙන්නෙ... මෙතන බොන්න සෙට් වෙලා අරක්කු හොයා ගත්ත එකා ගැන කියවලා වැඩක් නෑ නේ..
දැන් හිනා මූණක් නැති කෙල්ලෙක්ව ජීවිතේට දැක්ක නැති වගේ ඉන්න අයෙනේ යකෝ වැඩියෙන්ම කෙල්ලො තියාගෙන ඉන්නෙ.. හා නැද්ද.. හැබැයි කවුරුත් උන්ට මුකුත් කියන්නෑ.. උන් සිරා.. අපි ජෝකර්..
මොනව උනත් මාව දාල ගිය කෙල්ලො කීයක් ආපහු මං ලගට ආවද.. මං ගත්තද .. නෑ.. උන් ගියා නන් ගියා.. යද්දි දුන්න ටෝක් කොහොමද..
ඔයාට ජීවිතේ ගැන වගකීමක් නෑ.. අරයා එහෙම නෑ.. එයා සීරියස්.. ඔයා වගේ ජෝකර් කෙනෙක් නෙමේ.. ඔයත් එක්ක ජීවත් වෙලා මට අනාගතයක් නෑ. ඔන්න දුන්න ටෝක්..
දැන්.. මහ රෑට කෝල් කරලා අඩනවා.. අරයා මට ආදරේ නෑ.. ඔයා වගේ මාව හිනස්සන්නෑ.. එයාට ආදරේ කරන්න තේරෙන්නෑ.. එයා නීති දානවා...
මුන්ට යන්න ඕනි උනාම යන්න දෙන්නයි.. එන්න ඕනි උනාම ආපහු ගන්නයි උන් අපේ කවුද.. ගිය එකා හිංදි නිළියක් උනත් වැඩක් නෑ.. යන ගෑනි ආයෙ ආවත් පිට යනවාමයි.. පිට යන ගෑණි කවුරු ගත්තත් පිට යනවාමයි..ඉතින් බං ඔක තේරුං ගන්න බැරි සමාජයකනේ බං අපි ඉන්නේ..
ගෑණු සැක කරනවා.අපේ ගෑණු අපිට බනින්නෙ බොනවට විතරයිනේ.. වෙන ගෑණු එක්ක ගියා කියලා කවදාවත් සැක කරන්නෑනේ.. ගියා කියලා ආරංචි උනත් පිළිගන්නෑනේ..
දැන් බලපං.. අර දිගාගෙ ගෑණි.. ඌට ෆේස් බුක් යන්න බෑ.. කොල්ලෙක් එක්ක සෙට් වෙන්න දෙන්නෑ..රට ඉදං එවපු සත පහක් අතේ නෑ..අම්මලා ඌත් එක්ක තරහයි..කිසිම නිදසහක් නැතුව බලු කුක්කෙක් වගේ බලා ගන්නවා..
එදා දැක්කනේ ඌට බත්තරමුල්ලෙදි වෙච්ච දේ...අර ඉන්ජා හෝදන්න ගෙනාපු රෙදි බැග් එක දැකලා අපිට කියපුවා මතකනේ.. තොපිලා මගෙ මිනිහත් ඇදගෙන වේස කමේ යනවා .. කියලා බැන්නා මතකනේ.. අර බත්තරමුල්ලෙ පෙට්රල් ෂෙඩ් එක ඉස්සරහා..ඉතින් ඔය වගේ අවලං කටක් තියන ගෑණියෙක් බැඳගෙන මොකටද බං...යාලුවො ඔක්කොටම නෝන්ඩි.. ඌටත් නිදහසක් නෑ.. අහවල් රෙද්දකට ඉන්නවද මන්දා ඩිවෝස් වෙන්නැතුව..
ඒ අතින් අපි වාසනාවන්තයි යකෝ.. මොන රෙද්ද උනත් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්නවා..
ගෑණු කැමති නැත්තෙ මිනිහව බෙදා ගන්න විතරයි බං.. අනිත්වා ගෑණුන්ට ප්රශ්න නෙමේ.. මට අනිත් උන් මොකා කිව්වත් මං වෙනස් වෙන්නෑ.. මං එදත් ජෝකර් අදත් ජෝකර් හෙටත් එහෙමයි.. හැබැයි මගෙ ජීවිතේ කියන්නෙ ඊට වඩා ගැඹුරින් හිතන දෙයක්..පිටට පේන හැමදේම විශ්වාස කරන්න එපා බං.. ජීවිතය වෙනස්..
ප/ලි...
පැය ගානක් ගිය සංවාදයක් කෙටියෙන්.. හරි දේ තේරුන් ගන්නත් වැරදි දේ පිළිනොගන්න එකත් කියවන අයගෙ වැඩක්.. මට නන් මේ ගොඩක් දේවල් මගෙ අත්දැකීම් එක්ක ඇත්ත.. බොරුවට සීරියස් පොරවල් වෙනවට වඩා ඇත්තට ජෝකර් කෙනෙක් උනාම හිතේ නිදහසෙන් කාටවත් බයක් නැතුව හැමදාම සතුටින් ඉන්න පුලුවන්..
ප/ප/ලි
වෙනී අයියගෙ පෝස්ට් එකේ දුව වටේ යන ගමන් තාත්තව හදන්න යනවා.. ඒක වෙනවා.. වැඩියෙන්ම වටේ යන මිනිහා තමා වෙන මිනිහෙක්ගෙ වැරදි හදන්න යන්නේ.. ගෑනියෙක් උනත් පිරිමියෙක් උනත් ඒක පොදුයි..
කෙල්ලො ගැන අම්බානක කියන ප්රසිද්ධියෙ කෙල්ලො එක්ක කතා කරන කොල්ලොන්ට කෙල්ලෙක් නෑ හදිසියකටවත් කොටුවක් පැන ගන්න..හික් හික්...
කවදාවත් එහෙම නොකර උපාසක අය කරන වැඩ දැක්කම අපිට දුකයි.. අපි හැමදාම කතා වෙන්නෙ අපි ප්රසිද්ධියෙ චාටර් වෙනවා.. අරුන් අප්රසිද්ධියෙ කෙල්ලව ඇද ගන්නවා.. දුක තමා රංජනී.. ඒක දුක උනත් අපි හිතේ සතුටින් ඉන්නවා.. ඒ හොදටම ඇති ජීවත් වෙන්න..
"තමන්ගෙ කිල්ලෝටෙ වැඩියෙන්ම හුණු තියෙන එකා තමයි අනිත් උන්ගෙ තියෙන කිල්ලෝට වල තියෙන හුණු පොඩ්ඩක් දැක්කත් උඩ පනින්නෙ"
පට්ටයි පසනො. උඹේ යාලුවා සම්පූර්ණ ඇත්ත කියල තියෙන්නෙ...
ReplyDeleteආප්පට සිරි. මං පළවෙනි කමෙන්ට් එක දාලනෙ.
Deleteඕවා හැම තිස්සෙම ඇත්ත වෙන්නේ නෑ. මිනිස්සු විවිධයි.... "මෙයා මේ වගේ" වුනාය කියලා "අරයත් ඒ වගේමයි" කියලා හිතන්න බෑ!
ReplyDeleteමන් ටිකක් දුක් උනා ඔය තාත්තගෙයි දුවගෙයි දුරකතන සංවාදය කවුරුවත් අල්ලගෙන නෑ කියලා..ඒත් පසන් මලයා උඹ මාව පුදුම කෙරෙව්වා කිව්වොත් හරි..
ReplyDeleteසහතික ඇත්ත මචං
ReplyDeleteසිරා මචං සිරා කියන්නෙ සිරාම සිරා . . . . ලෝකෙට පේන්න බොරු සිල් රෙද්දපොරවගත්ත එවුං අන්තිමට පජවෙන්න පටංගන්නෙ තමංගෙම ගෙදරිං . . එතනිං නවත්තන්නං . . නැත්තං මේ කොමෙන්ට් එක උඹේ පෝස්ට් එකට වඩා දික් වෙනව
ReplyDeleteමම කෙල්ලෙක් නැත ඔය කියපු කතා ඔක්කොම පිලිගන්නවා. ඇත්ත ඇති සැටියෙන්
ReplyDeleteකෙල්ලො ගැන අම්බානක කියන ප්රසිද්ධියෙ කෙල්ලො එක්ක කතා කරන කොල්ලොන්ට කෙල්ලෙක් නෑ හදිසියකටවත් කොටුවක් පැන ගන්න.. /// මෙන්න ඇත්ත... පිරිසිදු රත්තරං වගේ....
ReplyDeleteයාළුවා මීටරක්.. කවුද හැබෑට...
ReplyDeleteඅපි හැමෝම දන්න යාලුවෙක් වගේ නේද ??
Deleteහරි කතාව ඇත්ත නේ..
ReplyDeleteසිරාම සිරා බන් අයියේ...කතාව සහතික ඇත්ත.එකම වැරද්ද බොන එක නම් කසාද බැදලා දුවෙක් හම්බුන දවසක නවත්තන්නේ නැතත් දැන් බොන තරම බාගෙකින් හරි අඩු කර ගනී.මෙතන හිතට අල්ලපු තව කාරණයක් තමයි
ReplyDelete"වෙන ගෑණු එක්ක ගියා කියලා කවදාවත් සැක කරන්නෑනේ.. ගියා කියලා ආරංචි උනත් පිළිගන්නෑනේ.." මේන් මේක.
මෙහෙම විශ්වාසයක් නැත්නම් වෙන්වෙන එක හොදයි .
අනික අයියේ මගේ යාලුවෙකුත් ඉන්නවා.ඒකි කරන්නේ කොල්ලගෙ එෆ් බී ඉන්න කෙල්ලො රිමුව් කරනවා. කොල්ල කෙල්ලගේ එෆ් බී ඉන්න කොල්ලෝ රිමුව් කරනවා.
යාලුව කවුරු වුනත් කියපු කතාව ඇත්ත.ඒ කතාව හිතට වදින්න පසා ලියල තියනව.ජය!!
//කෙල්ලො ගැන අම්බානක කියන ප්රසිද්ධියෙ කෙල්ලො එක්ක කතා කරන කොල්ලොන්ට කෙල්ලෙක් නෑ හදිසියකටවත් කොටුවක් පැන ගන්න..\\
ReplyDeleteමේක මට අදාල නැද්ද මන්දා.... :D
ලෙසටම ලියල තියෙනව....
ReplyDeleteඇත්ත කෙල්ලෙක් අකමැතිවෙන්නෙ ආදරේ කරනකෙනා බෙදාගන්න විතරයි.බොනවද නැද්ද පිස්සුනටනවද කියන එක කිසිම ප්රශ්ණයක් නෙමෙයි...
//කෙල්ලො ගැන අම්බානක කියන
ReplyDeleteප්රසිද්ධියෙ කෙල්ලො එක්ක කතා කරන
කොල්ලොන්ට කෙල්ලෙක්
නෑ හදිසියකටවත් කොටුවක් පැන
ගන්න..\\
ඇත්තනේ බන් මගේ කට ඇරියාම අහගෙන ඉන්න නමි සැහෙන්න කෙල්ලෝ ඉන්නවා උන්ගෙන් යාළුවෙන්න ඇහුවාම කියන කථා ටික ඔයාගේ කට හරිනෑ අරකද මේකද අනිකද සෑහෙන්න එවා
අන්තිමට ඒකි තව කොල්ලෝ හතර පස් දෙනෙක් එක්ක වේ කමේ යනවා
ඇයි බන් හත්තිලව්වේ නිකන් ගෙවා ගන්න එක අපිටත් දුන්නම මොකද වෙන්නේ කියලා අහලා
මාත් වෙනත් බලා ගන්නවා
අපිත් හිනාවෙලා අනිත් අයවත් සතුටින් තියං ඉන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද??
ReplyDeleteසිරාම කතාවක් අයියේ සහතික ඇත්ත
ReplyDeleteඅමූලික ඇත්ත මේ කතාවනම්...
ReplyDeleteඕක කළු සුදු විදිහට දෙකට බෙදන්න බැකියලයි මට හිතෙන්නෙ..මොකෝ බහුතරයක් මිනිස්සු අළු පාටයි...කොටු පනින්නෙ නෑ කියන එවුන් අනිත් ගෑණු ගැන නොහිත ඉන්නවනම් ඔන්න ඒක වෙනම කේස් එකක්.....කාට හරි තියෙන බයකට ඒ ආසව යටපත් කොරන් ඉන්නව කියන එක හපන් කමක්මද කියලත් ප්රශ්නයක් එනව.....හිතෙන දේ කරන්නත් කොන්දක් තියෙන්න එෆාය...අනික හැමදෙම වගෙ මෙතැනදිත්.....කරන එකා කියවන්නෙ නෑ...පාඩුවෙ ඉන්නව මිසක...නොකරන හෝ කොර ගන්න බැරි උන් ඒ ගැන කියවල පොඩි ත්රිලක් ගන්නව...අනික අපි හැම වෙලේම ගෑණු පිට යන එක ගැන කත කොරන්නෙ පොදුවෙ...ඒත් අපිත් එහෙම නෙද මචෝ...ලැබුනොත් නොකා ඉන්නව නම් ඒක වෙනම දෙයක්.....ඒත් අපෙ නම් ලේ රත්වෙනව...හී හී...:P
ReplyDeleteඅපරාදේ කියන්නේ ලෙසටම කියල තියනවා. ඔය යාළුවා ෂොට් එකක් දාගත්ත වෙලාවක පොතක් ලියන්න කියන්න.:)
ReplyDeleteපික්සු හැදෙන ටෝකක්නේ ඉෂූ කොරල තියෙන්නේ. සම්පූර්ණ ඇත්ත
ReplyDeleteනියම කතාවක්.. අනිවා.. පිළිගන්නවා මම...
ReplyDelete// වැඩියෙන්ම වටේ යන මිනිහා තමා වෙන මිනිහෙක්ගෙ වැරදි හදන්න යන්නේ.. ගෑනියෙක් උනත් පිරිමියෙක් උනත් ඒක පොදුයි..//
ඇත්තම ඇත්ත..
ජය වේවා ...... හුඟක් දේවල් ගන්න පුළුවන් ජීවිතේට ...
ReplyDeleteහික් හික් පශා දැන් කවි ලියන්නෙ නැතෙයි?????
ReplyDeleteපසා කවි ලියනව . . . වෙන තැනක
Deleteපට්ට පස්සා ගින්දර වගෙ ලියල තියනව අදත් සෙට් වෙමුද ගල් බගයයි බ්යියර් එක්කයි
ReplyDelete//ගෑණු කැමති නැත්තෙ මිනිහව බෙදා ගන්න විතරයි බං.. අනිත්වා ගෑණුන්ට ප්රශ්න නෙමේ..//
ReplyDeleteමෙන්න මේකනම් සිරාම කතාව...
පසන්ට වෙනම තෑග්ගක් දෙන්න ඕනෙ ඔය කිව්ව හරිය ඔක්කොම මතක තියා ගත්තට, ගල් කාලක් ඇද්ද ? :-)
ReplyDelete//වැඩියෙන්ම වටේ යන මිනිහා තමා වෙන මිනිහෙක්ගෙ වැරදි හදන්න යන්නේ..//
ReplyDeleteසහතික ඇත්ත...
කියන්න කිසිම වචනයක් නෑ
ReplyDeleteඒත් එකක් කියන්නම්
මට ඔයා ගැන පට්ටම සතුටුයි සඳ
This comment has been removed by the author.
Deleteකතාව ඇත්ත. බොරුවට සිරියස් විදියට ඉන්න මිනිහාගෙ හිතේ තියෙන ඒවා දනනෙ මිනිහා විතරයි. බොරු මවා පෑමක්. හිනා වෙලා කතා කරන මිනිහාගෙ බොරු නෑ.
ReplyDelete