Friday, March 23, 2012

හිත කියන කතාවක්.....

මම පාරක් දිගේ ඇවිදගනෙ ගියා
අරමුණක් තිබුනද මතක නෑ
තනියෙන් ගමනක් යන්න වෙන්නැති
මට මතකයි
ඒක හරි ලස්සන උදෑසනක්
හිරු රන්වන් පාටින් පායල තිබ්බා
මං ඇවිදගෙන ගියා
මං දැක්කා...
තුරුලෙ හිනැහෙමින් පෙම් කරන අය
ඉතින්...
පෙම් කරන්න හිතාගෙන නැවතුනා
පෙම දුර ගමනක් ගියා
මම තාමත් නැවතිලා
මග හැරුන තැන් පසු කරන්න හිතාගෙන
ආයෙමත් ගමනක් යන්න පිටත් උනා
ආසයි ආයෙත් පෙම් කරන්න
නවතින්න අමාරුයි.. මට බයයි නවතින්න
මග හැරුන බොහෝ දේ තියනවා මට ගන්න
‍මම පෙම් කරා
හැබැයි නවතින්න බැරි වුනා
මම ‍දුර ගමනක් ගියා
පෙම නැවතිලා බලාගෙන ඉන්නවා
මම ගොඩක් දුර ගිහින්...
නවතින්න අමාරුයි..
ඉර බැහැල යන්නත් ලගයි
හැම තැනම කළුවර වෙලා
එක බංකුවක් තියනවා
මට මහන්සියි.. ගොඩක් දුර ඇවිල්ලා
මම ඉදගත්තා ටික වෙලාවකට
බලා හිටියා.. දුර ඈත පෙනෙන ආදරය
ටිකක්වත් ලගට එයි කියලා
ගොඩක් වෙලා ඉදගෙන ඉන්න බෑ
ඉර අවරට ගියාම නපුරු සත්තු එයි
මට තනියෙන් ඉන්න අමාරුයි
සීතල සුලගක් හමාගෙන යනවා
සමහර වෙලාවට බය හිතෙනවා
මම මෙතනම මිය ගියොත් කියලා....

36 comments:

  1. උඹ ඔතනම මිය ගියොත් කියලා හිතෙන කොට අපට දැනෙන සතුට.... ශහ්.. කියලා වැඩක් නෑ බන්....

    ReplyDelete
    Replies
    1. අම්මෝ ලැබෙන ආතල් එක ගැන මතක් වෙලා මට පුදුම සතුටක් දැණුනා. :-D

      Delete
    2. අද සිකුරාදා නේද. වැඩේට නියම දවස......:D

      Delete
    3. Pasa sathi 2 k iwasapan ban... Danna marenna epa :D

      Pissa. ( palaamalla.blogspot.com )

      Delete
    4. හෑෆූ...මෙයාලනම්....:/

      Delete
    5. මචං අප්‍රේල් 20විතර මැරියං . . මට ඊට කලිං එන්න අමාරුයි

      Delete
  2. ඔතනම මිය ගියොත් සත්තු ට්ක උඹව කාලා දාවි

    ReplyDelete
    Replies
    1. ඊට කලිං අපි කනව බං

      Delete
  3. මට පොඩ්ඩක් පැහැදිලි කරනවද.. කිසිවක් වැටහෙන්නෙ නෑ.. මේ බූට් එකක් කාපු එකක් ගැනද.. නැද්දං බදින්න උන්න කෙල්ල මැරුන සීන් එකක්ද ???

    ReplyDelete
    Replies
    1. ඔව්වෑයේ දිග පලල හොයන්න එපා මල්ලියේ... පසා මැරනේන යන්නේ.. ලෑස්ති වෙයන් නයිට ගහන්න :D

      Delete
    2. හීනයට පිස්සු බං නංගියේ . . . දෙයියනේ කියල මලගෙදර එන්න නිවාඩු දාගන්න විදියක් ගැන කල්පනා නොකර මේ වෙන මගුල් හිතනව

      Delete
  4. තනියට කවුරුහරි කතා කරගත්තනම් හරි බයක් නෑනෙ එතකොට .

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් හත් දවස වෙනකං තනි රකිනව

      Delete
    2. හත්දවස මඳනම් අෆි තුන්මාසෙම තනිරකිමු ඔනයියේ....

      මරේ අයියා හේම සොහොනක ඉඳන් බොන්න පට්ට ආසයි කිව්වා.. අන්න ඒ සිහිනය සැබෑ කරලා.. රෑ සොහොනේ සින්දුවක් හේම කියාගෙන අෆි පෂාට තනි රකිමු..:D

      Delete
  5. //මග ඇරුන\\
    මේ කියන්නේ වහලා තිබුන මගක් ඇරුනා කියන එක ද...?

    //බැරි උනා\\
    මේක "බැරි වුනා" කියලා වෙනස් වෙන්නෝන..


    --
    ප.ලි - මේක කියවද්දී මට මතක් වුනේ "දිගුනෙත් හසරැල්ලේ - දයාරත්න පෙරේරා" කියන සිංදුව..

    ReplyDelete
  6. මත නැවතිලා ඔය දේම මටත් හිතෙනවා

    ReplyDelete
  7. සික්....
    හෙඩ(ර්) එක හදලා දීලා හන ගහපු එක නම් කැතයි... :D

    ReplyDelete
  8. බූට් සීන් එකක් වගේ....

    ReplyDelete
  9. පසා උඹ මැරෙන්න එපා බන්... උඹ මැරුනොත් මට මොකද වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ආ....... දැන් ඒකත් එහෙමද? :D

      Delete
    2. ඒකත් ජයසිරි මංගලම් . . .

      ප.ලි.
      රවා,
      දෙහි මංගල්ලෙ අපිටත් කියනවද ?

      Delete
    3. මේකනම් කිව්වේ.. වෙන මොකක් හරි ෂීනයක් දකින ගමන් නේද රවායියේ...:D

      Delete
  10. ටිකක් නැවතිලා ඉඳපන් මචන්.., හැමදේම පැහැදිලි වෙයි.

    abt blog theme :

    බ්ලොගය සිරාය.
    * linkwithin එකේ thumbnails 1ක් අඩු කර 4 ක් කරන්න..!
    * සයිඩ් බාර් එකට 300px දී ඇති නිසා total width එක 1024px ම දාපන්..!

    දිගට දිගට ලියන්නට ජය පතමි

    ReplyDelete
  11. "මම පෙම් කරා - හැබැයි නවතින්න බැරි වුනා"

    මේක මැද්දටම වගේ ඇවිල්ලා :-(

    ReplyDelete
  12. නැවතිලා පොඩ්ඩක් බැලුවනම් කොතනද පරහට හිට්ටේ කියල

    ReplyDelete
  13. හෑ බන් පතං අයියේ.. අපරාදේ මට මේකට සොහොනක් දාන්න අමතක උනානේ.. උම මේ කවිය ලියනවා කියලා දන්නවානම් අනිවා ඒ වැඩේ කරන්න තිවුනා... :D
    එල කිරි බන්..

    අන්ධකාර රාත්‍රියේ
    මූසල බක මූණු හඬත් එක්ක
    නරි බුරන සද්දේ මැදින්
    ප්‍රාණ රහිත උමේ දේහදාරී සරිරේ
    බල්ලන්ගේ කපුටන්ගේ දිවියන්ගේ
    ආහාරයක් වෙන ඒ සුන්දර නිමේසය ගැන හිතද්දි කොයිතරම්නම් කලාත්මකයිද බලපන් අයියේ.. :D

    ReplyDelete
  14. නැවතුනා... ඒ මොකෝ....

    ReplyDelete
  15. “මම පෙම් කරා
    හැබැයි නවතින්න බැරි වුනා“

    හ්ම්......

    ReplyDelete
  16. ‍මම පෙම් කරා
    හැබැයි නවතින්න බැරි වුනා
    මම ‍දුර ගමනක් ගියා
    පෙම නැවතිලා බලාගෙන ඉන්නවා
    මම ගොඩක් දුර ගිහින්...
    නවතින්න අමාරුයි..

    මටත්... :(

    ReplyDelete
  17. දැන්ම මැරෙන්න එපා බන්

    ReplyDelete
  18. මම පෙම් කරා...
    නවතීවි කියල හිතාගෙන..
    තව තවත් පෙම් කළා...
    පෙම දුර ගමනක් ගියා...
    ඒත්...
    මම.....
    තව තවත්..
    පෙම් කළා...

    දැන් හරිම වෙහෙසයි...
    ඒත්...මම
    තව තවත් පෙම් කරමින්...

    ReplyDelete
  19. ඇඩෙනවා තනි ඇහැට ,
    දුකේ බෑ............

    ReplyDelete
  20. //මම පෙම් කරා
    හැබැයි නවතින්න බැරි වුනා//

    හ්ම් . . . කොටු පැනල දුවද්දි නැවතුනොත් විනාසයි තමයි මචං

    ReplyDelete
  21. අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි.. මගේ කවියකට ආපු වැඩිම කමෙන්ට්ස් ටිකද මන්දා.. හක් හක් හා..

    තනි තනිව රිප්ලයි කරන්න බැරි නිසා එහෙම කරේ නෑ.. භාගෙගට විතරක් රිප්ලයි කරලා ගියොත් අනිත් භාගෙට කවදා රිප්ලයි කරන්න වෙයිද දන්නැති නිසා එහෙම කරෙත් නෑ..

    ඒ නිසා.. හැමෝටම ගොඩක් ස්තූතියි.....

    ටෑංකූ කම් අගේන් ඇ........ :-D

    ReplyDelete
  22. කම් අගේන් කිව්ව නිසා මම ආවා.. ඔක්කොම ගිහින් නේ...

    පසා අයියා... කවි ටික එළ !!! මාත් ගිහින් එන්නම් ඈ...

    ReplyDelete
  23. කාලානුරුපීව කළ යුතු දේ තෝරා නොගැනීම නිසා මේ තත්වයට මුහුණ දී ඇත. යථාවබෝධයෙන් යුතුව කටයුතු කරපන් මචං!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...