Tuesday, April 24, 2012

වැට කෙයියා ගාලේ........ නුඹ මට පිදුව ආලේ

වැට කෙයියා ගාලේ
නුඹ මට පිදුව ආලේ
ගෙදර ගිය වේලේ
බිමට දැම්මද ගලක් පල්ලේ

නුඹට දුන් මාලේ
බිල මේසෙ පල්ලේ
මාලෙ නුඹෙ බෙල්ලේ
වාරිකය ඇත තවම රාළේ

දියමන්ති මාලේ
අරූ දුන් වේලේ
අමතකව ප්‍රේමේ
ගියා සඳ පානේ

ඌත් මහ පාරේ
දියමන්ති ඇගෙ බෙල්ලේ
මටත් නැත මිතුරේ
ඌත් තනිවිය පාළු අදුරේ

22 comments:

  1. මුදල් පසුපස හබා යන ප්‍රේමයද

    ප්‍රේමය පසුපස හබා එන මුදල්ද

    වැරදිකරු.....

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්න වලට කොහෙද මචං උත්තර තියෙන්නේ... :-D

      Delete
  2. අදහස ගැන ගැටළුවක් නැත.

    කවියෙනම් අඩුපාඩු ඇත. තව ටිකක් එඩිට් කරලම පබ්ලිෂ් කළානම් තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. මේ වගේ විචාරයක් කාලෙකින් ආව්.. පට්ටයි සිරා කියන කමෙන්ට් වලට වඩා මට වටිනවා..

      කවියෙ අඩුපාඩු ඇති අයියා... කාලෙකින් මොනවත්ව ලිව්වෙ නැති නිසා හිතට ආපු දේ ලියලා දැම්මා.. ස්තූතියි මේ පැත්තට ආවට..

      Delete
  3. ඌටත් නොලැබුන ආලේ
    මටත් නැති උනි රාලේ
    රන්රිදි මුතු ඇතිනම් සබදේ
    අඳුරක් නෑ පාළු පැදුරේ..

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++

      Delete
    2. තිබුනත් මුතු මැණික් තුරුලේ
      විදිනු කෙලෙසෙය ඇගේ ආදරේ
      පහන් තිබුනද මගේ තනි අදුරේ
      එලිය මදි අදින්නට රුව මිතුරේ


      දිනේෂ් ගොඩක් ස්තූතියි පිළිතුරට

      Delete
  4. දැන් ඉතින් වාරිකේ ගෙව ගෙව ඉන්න එකයි ඇත්තේ.:D

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අන්න ඒකනේ බං දුක.. :-D

      Delete
  5. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියනවනේ. වාරිකය ගෙවන්ඩත් එපැයි දැන් ඉතින්,. මදැයි වැටකෙයියා ගාලේ ආල කතන්දරේ ගිය දුරක්.

    ReplyDelete
    Replies
    1. මං තෑග්ගක් නෙමේ බං ගත්තේ.. හයියෝ මගෙ සල්ලි.. ආල කතන්දර කොහොමත් දුර යනවා මචං.. :-D

      Delete
  6. මෙම කවිය මහ බමා වැල්ලේ.. කවියේ තාලයට ගායනා කරන්න....

    ReplyDelete
    Replies
    1. මහ බඹා වැල්ලේ කියලා කවියක් අහල නැත අයියා......:-D

      Delete
  7. අයියෝ සල්ලි! :D

    ReplyDelete
    Replies
    1. ඔවු බං.. තව වාරික දෙක තුනක් තියනවා ගෙවන්න.. :-D

      Delete
  8. Replies
    1. අයියෝ බූට් වලට ඇයි දුක් වෙන්නේ.. එව්වා සෝයි නේ.. :-D

      Delete
  9. දුකයි..! දුකයි..! ආයෙත් දුකයි..! බට් වට් කැන් අයි ඩූ ෆෝ යූ...?

    ReplyDelete
    Replies
    1. දුකයි තමා බං.. අපරාදෙ මාලේ.. සල්ලිනේ නේ... :-D

      Delete
  10. Replies
    1. දොයියොත් පිහිටට නෑ දෙයියනේ.. :-D

      Delete
  11. 9 වසර සිංහල පොතේ තිබ්බ දියමන්ති මාලය කතාව මතක් උණා... හැබැයි මේකට නම් කිසිම සම්බන්ධයක් නෑ ඒකෙ..

    කරන්න තියෙන්නේ ඔහොම නෙමේනේ... මොනා හරි හේතුවක් මත එයාගෙන් සල්ලි ඉල්ලගත්තා නම් ඒ සල්ලි ආපහු දෙනවා වෙනුවට තෑග්ගක් දෙන්න පුළුවන් නේ?

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...