Wednesday, May 23, 2012

ඇය සමග නැවතුමක... !!!!!!

ඉඩෝරයට වියළී ගිය සියඹලා ගස් අතරින් බිම වැටුන දුඹුරු පාට සියඹලා කොල දුහිවිලි සමග හාද වී පලසක් මෙන් වැටුන පාර දිගේ ඉර බැහගෙන යද්දි ඇවිදගෙන යන එක හිතට අමුතුම සැනසිල්ලක්. ඒ පාරෙ දිගේ කෙලවර තියන වැව් තාවුල්ලෙ හැම දාම මඩ තලන්න එන මී හරක් රංචුව අදත් අලස ගමනින්මා පසු කරමින් යන්නට විය..වෙනදා වගේම වැව් තාවුල්ලෙ පණ අදින විදානෙගෙ ඔරු කඳ රන් හිරු එළිය වැටීමෙන් දිලිසෙන්නට වූ අතර සුපුරුදු ලෙස ඔරු කඳ මත හිඳ ගත් මා බැස යන හිරු සමග සුපුරුදු මනෝ ලෝකයට ගොඩ වුනෙමි.
ඝෝෂාකාරී පරිසරයකින් වට වුන නගරකට උරුම්කම් කියන මා ජීවිතයේ ලද පරාජයන් අභියස තාවකාලික සහනයක් සොයා ගෙන කටුක පරිසරක වුවද සුන්දර මනරම් රටා මවන වැව් තාවුල්ලට මා පෙම් බදින්නේ ඇයි දැයි මා නොදනිමි. රාත්‍රිය උදා වීමට පෙර නිවස කරා ඇදී යන සිය‍තුන් රෑන් අහස මත අදින රටාවන් රන්වන් ඉර එලිය මතින් තවත් ‍වර්ණවත් විය.තාලයක් නැතුව අපිලිවෙලකට පොලව තෙමාගෙන යන දිය රැළි අරමුණක් නැතුවම හැමදාම ගොඩට ඇවිත් යනවා.. ඒක මගෙ ජීවිතය වගේමයි. අරමුණක් නැතුවම හැමදාමත් ජීවත් වෙනවා..

මහත්තයා වැවක් හදන්නද යන්නෙ...? ....... මා පිටිපසින් පැමිණි කටහඩින් මා පියවි ලෝකයට වන්නෙමි...

මිනිස්සු නෑ නේ හදන්න.. නැත්තං හදන්න තිබ්බා...

ඇයගේ සිනහව පිරි නෙත් මානයෙන් මිදී නැවතත් වැව ඉහත්තෑවෙන් ගිල යන හිරු දෙස බලා ගන්නට විය.. වැව මැද පිහිටි කෝටු පමණක් ශේශව ගිය වෘක්ෂයක හිඳ වුන් කොක්කු රෑනක් එක්වරම අහස් කුස වෙත නැගෙන්නට විය..

මං මේ දවස් ටිකේම දැක්කා මහත්තයා මෙතන ඉන්නවා..

මං ආසයි මෙතනට..

ජීවි‍තයෙන් පැනලා යන්නද මෙතනට එන්නේ...

වික්ෂිප්තව ගිය මා ඇය දෙස බලා සිටියෙමි... සිනහව පිරුන විට වල ගැහෙන රවුම් මුහුනකට උරුම්කම් කියූ ඇ සැබවින්ම සුන්දරය..

ඔයාගෙ නම මොකක්ද...

නයනී..

ම්ම්ම්.... වෙන්නැති..

ඇයි.........
ඇස් දෙක දැක්කම හිතුනා....

මං අහලා තියනවා මහත්තයා කවි ලියනවා කියලා

කවුද කිව්වෙ..

මැණිකා කිව්වා.....

ම්ම්ම්ම්...

ඇතින් හමා යන සුලගත් බැසයන හිරු එලියත් ඇයගේ සුන්දරවත්වය වැඩි කරන අතර ඇය දෙස මා නෙතු යොමා තබන්නට මා සිත් නොදෙන්නේ මන්දැයි මා නොදනිමි..

ජීවිතයට බයයි නේ

ඇයි

ඔය තරං හැංගෙන්නෙ

හැංගන්න ජීවිතයක් නෑ මට

හැංගෙන්න ජීවිතයක් නැත්නම් ඇයි පැනලා යන්නේ...

නවතින්න බැරි නිසා.....

නවතින්න බය නිසා වෙන්නැති... ඇය සැබැවින්ම කටකාරියක යැයි මට සිතුනි..........

මහත්තයා ආදරේ කරාද......

ඔවු ඇයි..

නෑ ආදරයට බයයි කියලා ඇස් කියනවා..

ම්ම්ම්.. ඇස් කියවන්නත් දන්නවද......

පේන දේ දකිනවා........

ජීවිතයේ ලැබෙන්න බොහොම ටිකයි.. නොලැබෙන දේ බොහොම දිගයි.....

වෙන්නැති....... ඒ නිසා නොලැබෙන දේවල් පතන්නෑ....

පතන් නැත්තං ‍ලැබෙන දේත් ලැබෙන එකක් නෑ ....

පැන යන දීවිතයට ලැබෙනා දේ අත්හැරීම මුලාවක් යැයි නොයෙක් වර මා සිතා ඇත්තෙමි. නමුත් ලගා කර ගන්නට නොහැකි අරමුණු තුල අත්හැරීම හැර අන් දෙයක් ඇත්දැයි සිතන්නට මා සිතට සවියක් නැත්තෙමු.....

අත්හැරීම දිණුම නෙමෙයි
වෙන්නැති....
ආදරය අමුතුයි.... හැබැයි ජීවිතය නෙමෙයි.. ජීවිතය අමුතු නෑ....
ඇයි.....
ජීවිතයෙන් පැනලා යන්න බෑ...... මුණ දෙන්නම ඕනි...
ඔයා දන්න දේවල්..

දෙතොලින් පමණක් සිහන වූ ඇය මා සමගම ඇත බලා ගන්නට විය..

මහත්තයා ගෙදර යන්න...

ඇයි ??

ජීවිතය හොයා ගෙන යන්න.. නැවතිලා බලාගෙන ඉදලා වැඩක් නෑ

හොයන්න ජීවිතයක් නැත්තං ?

හොයලා බලන්න.. ජීවිතය හම්බ වෙයි....

සොයා යන ජිවිතයක අරමුණක් තිබිය යුතුය. අරමුණක් නැති ජීවිතයකට සොයා යා නොහැකිය.. මෙය කෙසේ හෝ වටහා ගත යුතුය..

මං යන්නං ... දැන් රෑ වුනා..

හරි... සමුදෙන්නද එහෙනන්.

සමුදෙන්න හමුවෙලා නෑ මහත්තයා.. ජීවිත ගමනෙ බස් එකක් එනකං අපි කතා කරා විතරයි....

ඇය දෙස බලා සිටිනු හැර අන් යමක් නොකීවෙමි..

යන්නං.....

සුභ රාත්‍රියක්.......



18 comments:

  1. තේරුන්නෑ.. ආයෙ කියවන්න වෙනව නිවී හැනහිල්ලෙ..

    ReplyDelete
    Replies
    1. මෙව්වා තේරුං ගන්න එපා බං.. මටත් තේරෙන්නෑ හරියට .. :-D

      Delete
  2. එකක් නැතිඋනත් අනෙක් යා හැකිය

    ReplyDelete
    Replies
    1. හැම එකක්ම එකම පාරෙ යන්නෑනේ මචං.. :-D

      Delete
  3. අරමුණක් නැති ජීවිතයක් නම් ඉතින් අරමුනක් හොයාගෙන යන්න පුලුවන් නේ :D

    පබලු
    ( කම්මැලි ලොග් වෙන්න)

    ReplyDelete
    Replies
    1. ආහ්.. කම්මැලිස්... අරමුණක් තිබ්බා නන් මෙහෙම වෙනවද කෙල්ලෙ.. :-D

      Delete
  4. අරෙහේ පූසට කෙල්ලෙක් නෙලලා නිල් වෙන්න...මෙහෙන් උඹටත්... අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. කෙල්ලො මහ පුදුම ජාතියක් අයියා...:-D

      Delete
  5. ජීවිතය, එක පාරක් වැරදුනත් ආයෙම පටන් ගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. පටන් ගන්නකොට සමහර දේවල් මග ඇරෙන්න පුලුවන් මචං.. :-D

      Delete
  6. මට පූසගේ ජීවත් වෙන්න ඇබ්බැහි වෙලා නැති කෙල්ලයි, සිහිනය බස් එකේදී දැකලා කලුගලේ කකුල හප්පගත්ත කෙල්ලයි උඹේ මේ කතාවේ කෙල්ලගෙයි පොදු ගුණාකාරයක් තියෙනවා පසන්..,
    මම දන්නේ නෑ ඒ මොකද්ද කියලා..!!

    ReplyDelete
    Replies
    1. කවුරු හරි ඕක කියයි කියල මං දැනගෙන උන්න.. තව කෙලි පෝස්ට් දෙකක් ආවනං හොල්මං වගේ තියෙයි.

      Delete
    2. මට කියන්නෙත් මේකමයි...

      කතා තුන එක පෙලට

      පුසා සිහින හා උඹ යනාදි පිලිවෙලින් කියද්දි මාත් කල්පනා කලේ මේකමයි!

      Delete
    3. ඔව්වා පෙල ගස්සංන එපා අප්පා.. :-D

      ලිෂා පොදු සාධකය තමා කෙල්ලො බං.. :-D

      Delete
  7. අපි ජීවිතය හොයාගෙන යා යුතුය. ජීවිතය අපි සොයාගෙන එන්නේ නැත. අතර මග නවතින්නට ජීවිතය විඳීමකට හිමිකම් කියන්නට බැරිය. ඉතින් ඔහු/ ඇය විඳවන්නේමය.

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ සමහර දේවල් හොයාගෙන යන්න අමාරුයි.. ඒ වගේ වෙලාවට ටිකක් නවතින්න වෙනවා පැතුම්.. හැම නැවතුමක්ම සදාකාලික නෑ ඉතින්.. :-D

      Delete
  8. “සොයා යන ජිවිතයක අරමුණක් තිබිය යුතුය. අරමුණක් නැති ජීවිතයකට සොයා යා නොහැකිය.. මෙය කෙසේ හෝ වටහා ගත යුතුය..“

    ඇත්ත....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... අරමුණක් නැති එකනෙ අවුල.. :-D

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget