Thursday, May 24, 2012

පෙම් බැඳි රුවට

මිහිදුම් සළුව වසාගෙන
ඈත තුරු මතින් ඇදීඑන
සීතල පවන් රැළි රෑනක
එතෙන්නට ඇත්තම් නුඹ සමග තනිවම

පායනා නීල තරු දහසක
වෑහෙනා සඳ කැළුම් අහසක
සතපවා නුඹ සේද යහනක
විදින්නට ඇත්නම් නුඹ සමග තනිවම

රැළි ඇදී යන වෙරළ අද්දර
ගංතෙරක විල් උයන් පත්තුර
හිනැහෙනා නෙතු පියන් අභියස
ඉදින්නට ඇත්තම් නුඹ සමග තනිවම







පිංතූරෙ ගත්තෙ මෙතනින්.. http://julian.35photo.ru/photo_299622/

5 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  2. හිරු ගිලෙන ඈත අහසක ක්ශිතිජය බලාගෙන
    වෙරළ සිප ගන්න රළ එක්ක ඔහේ ඇවිදන් යන්න
    ඔය නෙතු දෙස බලාගෙන මොහොතක් තනි වෙන්න
    ආසයි මම නුඹේ ලග ආදරෙන් සැනසෙන්න..

    ReplyDelete
  3. ලස්සන නිර්මාණයක්...

    අදයි මේ පැත්තට ඉස්සෙල්ලාම ගොඩ වැදුනේ

    ReplyDelete
  4. සීත පවනේ සි‍සිල උණුසුම්
    මිහිදුමේ සළු පැලඳි උවනට
    ඈත තුරු හිස අනත්තේ සිට
    ඇදී එන්නම් ඔබේ සෙවනට

    නීල අරනේ වලා යහනක
    තරු එළිය පරදනා කිරණක
    සැතපිලා ඔය පළල් උර මත
    විඳින්නම් ජීවිතේ දිනයක

    සිතේ සැනසුම නෙතින් විහිදෙන
    අනන්නේ සුන්දර නිමේෂෙක
    රැළි නඟා හඬනා සයුරු තෙර
    ඔය ළඟයි ඒ නිමේෂෙත් මම


    ප/ලි : මොකක්ද බන් ලස්සන කවි ලියලා අපේ කවි සිතුවිලි අවදි කරන්නේ.. මේ වගේ සෝයි කවියකට උත්තර නොබැඳ කොහොමැයි වෙන වැඩක් බලා ගන්නේ

    ReplyDelete
  5. //..හිනැහෙනා නෙතු පියන් අභියස
    ඉදින්නට ඇත්තම් නුඹ සමග තනිවම..//

    ලස්සන කවි පෙළක්....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...