Wednesday, July 18, 2012

කාලෙකින් පද අතර..

ලියපු කවි දහසක් ඇතුලෙ
ලියා ගන්න බැරි උන තව කවි තියනවද
කියපු වදනන් දහසක් අතරෙ
කියාගන්න බැරි වන තව වදන් ඉතුරුද

දකින සිහින ගොන්නක් අතරෙ
දැක ගන්න තව සිහිනයක් ‍නැතිවද
විදගන්න සිසිලසක් තුරු අතරෙ
නොවිදනා සිසිලස තවත් ඇතුවද

නොලැබෙනා පෙම් සිතක් අභියස
සිතක් තව කවි පද ලියාවිද
නුඹ දුරින් හිද හෙලන මදහස
කෙදින මා නුඹ ලගට ඒවිද...

සත්සමුදුරින් පියඹා
එන්න නුඹ මා සිතින් ලගමද
සැතපෙන්න නුඹ සුසුම් හමනා
සුවද මා සිත මත් කරාවිද...




24 comments:

  1. හරිම ලස්සනයි සහෝ..:)

    ReplyDelete
  2. පද ගෙතුම අගෙයි! රස වින්දා!

    ReplyDelete
  3. නොලැබෙනා පෙම් සිතක් අභියස
    සිතක් තව කවි පද ලියාවිද
    නුඹ දුරින් හිද හෙලන මදහස
    කෙදින මා නුඹ ලගට ඒවිද...

    මේකනම් පපුව අතුල්ලටම ඇනුනා.මම අන්තිම කවිය ලිව්වේ ඒකමයි.

    ReplyDelete
    Replies
    1. පරිස්සමින් මචං.. පපුව තුවාල වෙයි.. හික් හික්.. ස්තූතියි......

      Delete
  4. සිරා ලස්සනයි මචං..
    පට්ට..

    ReplyDelete
  5. lassanama lasasnai sithata danena pada walak

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නමක් නැති මිතුර....

      Delete
  6. ලස්සනයි ලස්සනයි!!!

    පටන් ගද්දිම මට සිංදුවක් මතක් වුණා... පුළුවන් නම් කියන්න බලන්න....

    ReplyDelete
    Replies
    1. ආං.. දඟකාරී ලියලා තියනවා පහල.. හික් හික් ඒක වෙන්නැති නේ...

      ස්තූතියි අනූ...

      Delete
    2. සික්....දඟකාරි වැඩේ කාලනෙ.... :((((

      Delete
  7. ලියූ කවි පද දහක් අතරේ
    ලියා ගන්නට බැරිව ළතැවෙන
    එකම එක දිග පුංචි කවියක්
    තවම ලියනවා මං...

    ඕක තමයි මට නම් මතක් වුනේ...

    ලස්සනම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. හැකිස්.. ඕකම වෙන්නැති අනූටත් මතක් වෙන්න ඇත්තෙ..

      ස්තූතියි මේ පැත්තට ආවට...

      Delete
  8. ආදරය නොලියූ කවිය වගේ හැමදාම අලුත් වෙනවා.
    සිතුවිල්ල ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට...

      Delete
  9. මාතෘකාව කවියේ නෙමේ පෝස්ට් එකේ. ඒකයි වරද!

    ReplyDelete
    Replies
    1. හික් හික්.. නෑ අයියෙ කාලෙකින් කවියක් ලිව්වේ.. ඒකයි මාතෘකාව ඒ විදිහට දැම්මේ.. :-D

      Delete
  10. මමත් කියෙවුවා ඒත් මට කවි වැඩිය තේරෙන්නේ නෑ බන්

    ReplyDelete
  11. දැන් වෙනස් වෙලාද මන්දා
    ඒ වුනාට කවිය සුපර් පසා..!

    ReplyDelete
  12. පැතූ පැතුමන් ගොන්න අතරේ
    මගේ මතකය රැදේවිද
    නින්ද අභියස සිහින අභියස
    ඔබේ සූසුමන් දැනේවිද

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...