Saturday, August 4, 2012

මගේ මලගම දවසකට

මගේ මල ගම දවසකට
ඇවිත් යන්න එන්න
මගේ මිනිය දෙස බලාගෙන
මං ගැන ඔබේ හිතෙ ඇති හිරවී ගිය
සියලු දේ පවසන්න
මා අසා සිටින්නෙමි
ඔබේ හිත නිවෙන තෙක්

මගේ මල ගම දවසේ
එපා මිනියට කර ගසන්නට
හිතේ බර නැතිව යන තෙක්
මගේ මිනියට ඔබ බනිනු මැන

සමන් මල් පියලි බැද
නුඹ රන් තොරන් බදිනු ඇත
එපා මගෙ නමින් වෙහෙසෙන්න
ගල් බෝතෙලෙන් සිනාසුන මැන

පාවඩ මතින් පියළි බැද
විල්වුද සයන එපා මට
පිදුරු යහනකින් බැද
ලෑලි මට උවමනා නැත

නුඹ ඇවිත් යන්නට එන්න
මට බැනපු නැති වදනින් දොඩා යන්න
මා අසා සිටිනු ඇත
අද මෙන්ම මා මිය ගිය දිනට..........

33 comments:

  1. බොට බනින්නේ නැ.බැනල වැඩක් නැ..
    මේ දවස් වල ඔය වගේ කවි වැඩි වගේ..
    අවුලක් නැ..කවිය හොදයි.හරී ලස්සනයි..හරි හැඩායි,මාරයි අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. මට බනින්නෙ මක්කටැයි පබූ..
      බොලා එක උනත් අන්තිම උනත් තෑගි නෑ ඇ... මං හොදයි නේ...:-D

      Delete
  2. පුළුවන් වෙයිද
    කියා ගන්නට
    සිතේ හිර වුනු
    හැම දේම
    ඔයාට...
    .
    .
    දැනෙන කොට
    සවන් දෙන බව
    ලඟින් හිඳ ගෙන
    පෙර සේම
    මට ...
    .
    .
    :D
    ලස්සන කවියක් ! :)

    ReplyDelete
    Replies
    1. හැහ්.. පිළීතුරත් පට්ට ලස්සනයි ඇ..ස්තූතියි :-D

      Delete
  3. ලස්සන කවිය.මේ දවස් වල බ්ලොග් ලෝකේ ගොඩ දෙනෙක් තමන්ගේ මරණේ ගැන ලියනවනේ.
    ඇයිද මන්දා..:ඕ

    ReplyDelete
    Replies
    1. හැහ්.. වත් අක්කා හැර තවත් අය එහෙම ලිව්වද..
      මැරෙන එක‍ කොහොමත් වෙන දේනෙ ඉතින්.. ලිව්වට මක්කැයි වෙන්නෙ..:-D

      Delete
  4. මටනම් අල්ලලම ගියේ අර "ගල් බෝතලේ " ටික තමා ,බැරිද ඕල්ඩ් වගේ ලැස්ති කරගන්න ..

    ReplyDelete
    Replies
    1. බෑ.. මං ආස නෑ පොල් අරක්කු බොන්න.. :-D

      Delete
    2. ඉතින් උඹයැ බොන්නෙ. අනිත් උන්නෙ. ඔන්න ඔය රොබින්ට ඉල්ලපු ජාතිය ලෑස්ති කරලා තියපං බං.
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. එහෙම ඔට්ටු නෑ...මං මැරුනම වත් මං ආස දෙයක් කරන්න බැරිද.. එව්වා අසාධාරණයි බං.. :-D

      Delete
  5. බනින්නේ කුමට
    ප්‍රාණයක් නැති කඳට
    බනින්න ඕනේ නම් මට
    බනිනවානේ මන් මූණට

    ලස්සන කවියක් පසන්.. :)

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ මූණට බනින අය අඩුයි අනේ.. අපි නැති තැන බනින්න අය තමා වැඩියෙන්ම ඉන්නේ.. මේක ලංකාවනේ ඉතින්..:-D

      Delete
  6. කාටද මේ කියන්නේ??????
    කෙල්ලෙක්ටනං වෙන්න බෑ..
    කෙල්ලෝ කෝමත් මිනි කර ගහන්නෑනේ..

    ReplyDelete
    Replies
    1. කෙල්ලො හුරතල් වෙන්නනේ කැමති.. මේක මචං හැමෝටම කියපු දෙයක්.. කෙල්ලොත් මිනියට කරගහන්නෑ.. හැබැයි සමහර කෙල්ලො නන් මිනිකුණ කන්න හරි බලාගෙන ඉන්නේ.. බොරුනන් බ්ලොග් ලෝකෙම ටිකක් විපරං කරලා බලපංකෝ.. :-D

      Delete
  7. මොකද්ද අවුල...!!!??? මේ මරණය ගැන ලියපු දෙවෙනි කවිය නේද ?

    ReplyDelete
    Replies
    1. අපෝ අයියා.. මං මගේ මලගම ගැන පෝස්ට් ගොඩක් ලියල තියනවා.. මේක දෙවනි එකට වඩා වැඩී මං හිතන්නේ....

      Delete
  8. බැනලා කිතා ඉන්නේ නෑ මම
    බොලාගේ මිනී වලට
    දානවා පස් මිටකුත් !!!

    ReplyDelete
    Replies
    1. අනිවා... බොල පස් දාන්න එන්නම ඕනි.. :-D

      Delete
  9. මම නම් ඔය එන එකෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ,උබත් බලන්න යන්න එපා එතකොට ඔය වගේ සිතුවිලි එන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තමා බං දැන් නන් ඉන්නේ.. මැරුනමවත් උන්ට චාන්ස් එකක් දෙන්න ඕනිනේ.. නේද බං.. :-D

      Delete
  10. මේ මෑතක දී සුනිල් එදිරිසිංහ මීට සමාන අදහසක් ගීයකන් කිව්වා. ඒ ගීතය වගේ කියලා හිතුණා

    ReplyDelete
    Replies
    1. ඊයෙ ඒ සිංදුව දෙතුන් පාරක්ම ඇහැව්වා.. ඒක අහලා හිතුන දෙයක්..
      මං හිතන්නේ අයියා කියන්නේ මේ සිංදුව ගැන වෙන්නැති..

      http://www.youtube.com/watch?v=4NIaTIUxnGo

      Delete
  11. මම ආසම 'මගේ මල ගම දවසේ
    එපා මිනියට කර ගසන්නට
    හිතේ නැතිව යන තෙක්
    මගේ මිනියට ඔබ බනිනු මැන' කියන ටිකට..ඒත් මොකද අනේ මේ හැමෝම වගේ මැරෙන කතා ලියන්නේ?? :(

    ReplyDelete
    Replies
    1. හැහ්..හැමෝම ලියන්නේ එව්වද.. මං හිතුවා ගොඩක් අය කරන්නෙ අනිත් මිනිස්සුන්ට බනින එක විතරයි කියලා...:-D

      Delete
  12. මොකද අෆ්ෆා කට්ටියම මරණය ගැන ලියන්න අරන් තියෙන්නෙ. කොහොම වුනත් අපූරු කවි ටික.

    ReplyDelete
    Replies
    1. දැන් ගොඩක් අය ලියන්නේ තව කාට හරි බනින්නනේ.. කවුද මරණය ගැන ලියන්නේ..

      ආහ්.. වෙන එකෙක් මැරිලා පලයන් කියලා සාප කරල ලියන අය නන් ගොඩක් ඉන්නවා.. :-D

      Delete
  13. අපරාදේ විනෝද අරමුදලකුත් දාන්න ගියා...අවුලක් නෑ ගල් හොදයි...ගද උනාට ඇගට ගුණයි...මිනිස්සු අපි ඉල්ලන විදියට කරාවිද බන්...

    ( මම මැරෙනව කිව්වම," කෙනෙක් කිව්වා මම ඇවිත් තේ හදන්නම් කියල " ,ඔන්න මිනිස්සු මැරෙනකම් බලන් ඉන්නේ )

    ReplyDelete
    Replies
    1. මචං..උඹ ඒ අතින් වාසනාවන්තයි.. තේ එකක් හදන්න හරි කවුරු හරි ඉන්නවා.. සමහර මිනිස්සු මැරුනම මිනිය බලන්නවත් මිනිස්සු එන්නෑනේ බං.. ඒ අතින් උඹ හරි වාසනාවන්තයි..

      Delete
  14. දැනෙන්න ලියල තියෙනවා,එල

    ReplyDelete
  15. ලග ලග මැරෙන කතා ගොඩක් ඇහුවා. තුනද හතද මන්දා මේක.

    ReplyDelete
  16. ගන්ධබ්බ වෙලා ඉන්නකොට පසුතැවීමක් හෙම ආවොත් විනාසයි මචන්..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...