Wednesday, July 23, 2014

ෂර්ලොක් හෝම්ස් - සුල මුල සොයා.(3 වන කොටස)

ෂර්ලොක් හෝම්ස් පලවෙනි කොටස

ෂර්ලොක් හෝම්ස් දෙවෙනි කොටස


දිර්ඝ සුසුම් වැලක් වාතලයට මුසු කළ හෝම්ස් මහතා තම හාන්සි පුටුව මත හිස තබා ‍ගන්නට විය.. මුළු කාමරය පුරාම රජයන නිහඩතාවය මග හරින්නට රැහැයි නාදය සමත් වූවාදැයි මා නොදනිමි. මමත් අප ආගන්තුකයාත් මුහුණට මුහුණ බලා සිටි අතර හෝම්ස් මහතා තවමත් දෙනුවන පියාගෙන කල්පනා කරමින් සිටින්නට විය.
නිහඩ තාවය බිඳිමින් හෝම්ස් මහතා තව හඩ අවදි කරන්නට විය.
ඉතින් විල්බර්ට් මහත්මයා.. ඔබ බැංකු කළමනාකරුගෙන් විමසීමක් කරේ නැද්ද.. ඒ චෙක්පත මුදල් කරේ කවුද කියලා..
මං බැංකුවට ගියා මහත්මයා.. ඔවුන් දුන් විස්තර මා පොලිසීය හරහා විමසුවා.නමුත් ඒ සියල්ල නිවැරදි තොරතුරු නෙමේ මහත්මයා..
හ්ම්ම්ම්.. වොට්සන්.. මේක තමයි දැනට බැංකු ක්‍රමයේ තියන සුරක්ෂිතම මුදල් හුවමාරු ක්‍රමය.නමුත් දැන් පේන විදිහට එහිද අඩුපාඩුකම් බොහොමයි වගේ..
හොදවි විල්බර්ට් මහත්මයා. දැන් ඔබතුමා ගෙදර යන්න.මං මේ පරික්ෂනය භාරගන්නවා.. හෙට දින ඔබතුමාගෙ ගෙදරදි අප හමුවෙමු.
ඉතින් වොට්සන්.. අද ඔබට බොහොම වෙහෙස පාටයි..අප හෙට උදෑසන පිටත් වෙමු.. විල්බර්ට් මහත්මයාගෙ සුන්දර තේවත්ත බලන්න...

එම වදන් මා හට නුපුරුදු විය..

මොනවා.. හෝම්ස් මහත්මයා මමත්...

වික්ෂිප්ත වූ දෑස් දෙස සිනාමුසු මුහුණින් බලාසිටි හෝම්ස් මහතා
ඔබට හෙට දින විශේෂ රාජකාරියක් නැතිනම් වෙනසක් අත් අත්විදින්න මා සමග ඒවි යැයි මා සිතුවා..
හොදයි හෝම්ස් මහත්මයා.. මා බොහොම සතුටින් ඔබ හා එක්වන්නම්..
හිත තුල නොසන්සුන් තාවයකුත් මේ අපූරු පුද්ගලායාගේ නිරීක්ෂන මගින් නිගමන බිහිකිරීමේ දක්ෂතාවය බලා ගැනීමේ ආසාවකුත් ඇතිවන්නට විය.. එදින රාත්‍රිය නින්ද පැමිණියේ වෙහෙස නිසාවෙන් පමණී.

උදෑසන හිරු කිරණ මීදුම අතරින් ගලාවිත් මා සයන මත නේක රටා මවනු වෙනදා මා බලාසිටියද අද දින තිබෙන විශේෂ රාජකාරියට ඇති උනන්දුව නිසාවෙන් ඒ සියල්ල පසක ලා මා ආලින්දය වෙත පිය නැගුවෙමි.. මා පැමිණිමටත් පෙර හෝම්ස් මහතා සිය උදෑසන ආහාරය ගනිමින් සිටියේය.

සුභ උදෑසනක් හෝම්ස් මහත්මයා...
සුභ උදෑසනක්.. වොට්සන්.. මා අදහස් කරේ දහවල මීදුම අඩුවෙන් කලින් විල්බර්ට් මහත්තයගෙ ගෙදරට යන්න කියලා..
ඇයි හෝම්ස් මහත්මයා..
එතකොට මට ලේසියි වැඩි ප්‍රසිද්ධියකින් තොරව මීදුම අතරින් මා සොයන දේ නිරීක්ෂනය කරන්න..
ඒ කියන්නේ ඔබ දැනටමත් අභිරහස විසඳල ඉවරයිද?

මා ප්‍රිය මිත්‍රයා නිවරැදි තොරතුරු නැතුව මා කිසි විටකත් විසදුමක් හොයන්නෑ.. අපි පිටත් වෙමු වොට්සන්.. නැතිනම් බොහෝ ප්‍රමාද වෙන්න පුලුවන්..

හැකි ඉක්මනින් උදෑසන ආහාරය නිම කළ මා නිවසින් පිටත් වූවේ කුමන ආකාරක දවසක් ගත කිරීමට සිදුවේදැයි හිතුතුල හට ගැනුන නුපුරුදු හැගීමක් සමගය.අසුන් දෙදෙනෙකු බැදි කරත්තයක් අප නිවස ඉදිරිපිට නවතා තිබුනේ හෝම්ස් මහතා කලින් කල දැනුම් දීමකට අනුවය..
මා සමග කාථා නොකරම කවුළුව ‍තුලින් එළිය බලා සිට හෝම්ස් මහතා මා සමග අමනාපයෙන්දැයි මට විටක සිතෙන්නට විය. අප දෙදෙන කිසිදා දැක නැති ආගන්තුකයන් දෙදෙනෙකු ලෙසින් රථය තුල ගමන් කරන්නට විය. එක්වරම නිහැඩියාව බිදිමින්

වොට්සන් මහත්මයා.. ඔබ මොකද හිතන්නේ මේ පරිසරය ගැන..
ම්ම්ම්ම්.. මීදුමෙන් වැසීගිය කදුවැටිත් ඒ අතරින් ලා කොළ පැහැයෙන් සැරිසීගත් තේ වතු යායත් හැරෙන්නට මට කිසිවක් නොපෙනුනි. එම දසුන වර්ණනා කළ නොහැකි සුන්දර දර්ශනයක් ලෙස මා ඉදිරියේ ඇදෙන්නට විය.

වොට්සන් මහත්මයා ලස්සන විදිනවා වගේ.. නමුත් මට නන් මේ ‍පලාත අපරාධකාරයකුට තෝතැන්නක් වගේ.. මීදුමෙන් වැසුන පරිසරය.. තේ වතු මතින් වැටී ඇති අතුරු පාරවල් නන් අපරාධකාරයෙකුට නියම පරිසරයක් නිර්මාණය කරනවා.. ඔබට ඒ පිළිබඳ වැටහීමක් නැද්ද වොට්සන්..

ම්ම්ම්ම්..නෑ හෝම්ස්.. මා ඒ පිළිබද කල්පනා කරේ නෑ.
අපි දකින එහෙත් කල්පනා නොකරන නිසා තමයි වොට්සන් ඔබයි මමයි වෙනස් වෘත්තීන් දෙකක් කරන්නේ..

හොම්ස්ගේ දොතොල මත ඇදි සිනහව මට අවමන් ක‍රන්නේදැයි සිතුණී. ඒ සිතුවිල්ල මා මනසින් වියකී යන්නට ප්‍රථම අප රැගෙන ආ රථය විල්බර්ට් මහතාගේ ‍නිවස වෙත වැටී ඇති පටු මාර්ගය ඔස්සේ ගොස් ආලින්දය අසල නැවැත්විය.
කරත්තය පැමිණි ශබ්ධය නිසාවෙන් ‍හෝ පෙර සුදානමක් තිබූ නිසාවෙන් අප පිළිගැනීමට විල්බර්ට් මහතාත් පොලිස් නිළධාරියකුත් පෙර මගට පැමිණියේය.

අසුන් බැඳි රථය අසලට විල්බර්ට් මහතා පැමිණියත් ඒ පිළිබඳ අවධානයක් නොදැක්වූ හෝම්ස් තව දුරටත් තේ වතු දෙසට දෑස් යොමා ගෙන සිටින්නට විය. සැබැවින්ම එය සුන්දරය. එහි දසුන නිල් පැහැයෙන් නම් හදුන්වන්නද කොළ පැහැයෙන් යැයි හදුන්වන්නද මා හට සිතා ගැන්මට පවා නොහැකිය. මල් තුහීන බිම පතිත වන නිසාවෙන්දෝ දෙනෙත බිම යොමා ගත් හෝම්ස් මහතා අවසරකියකින් තොරවම නිවස දෙසට ඇදෙන්නට විය.ගල් බංගලාවක් වූ විල්බර්ට් මහතාගේ නිවස එක පෙලට සැදී කාමර රැසකින් යුක්ත වූවක් විය.අතුරා ඇති බුමු තුරුණු විදේශයක සිට ගෙන විත් යැයි මට සිතුණි. නිහැඩියාව රජ කරමින් අප එක නෙකා දෙස බලා සිටියද එම නිහැඩියාව බිඳිමින් විල්බර්ට් මහතා අප හට අසුන්ගැනීමට ආරාධනා කරන ලදී.

විල්බර්ට් මහත්මයා.. කොහෙ ඉදංද ඔබ චෙක් පත් ලිව්වේ.

හෝම්ස් මහත්තයා .. මම ඒ ටික සකස් කරේ මාගේ කාර්යයාල කාමරයේ සිටයි.

අපි යමුද ඒ කාමරය බලන්න..

ඔවුන් දෙදනා පසු පසින් මාද එම කාමරය දෙසට පිය මනින ලදී. එය සැබැවින්ම කාර්යයාල කාමරයකි. ලියන මේසයක්, පොත් රාක්කයක්  සහ ආගන්තුකයන්ට පිරි නැමීම සදහා තිබු පුටු දෙකක් හැරෙන්නට එය තුල වෙන කිසිවක් නොතිබිණ.

කාමරය පුරා නෙත් හෙලමින් විටක ඉව කරමින් මෙන්ද විටක මද සිනහවකින් මුව සරසා ගෙනද හෝම්ස් කාමරය පුරා ඇවිද යන්නට විය. ඔහුගේ මෙම හැසීරීම ආගන්තුක වූ මට සැබැවින්ම ඔහු උන්මත්තෙකු යැයි නොසිතුනා යැයි පැවසීමට නොහැක.විනාඩි ගනනක් පුරාවට සිදු වූ විමර්ෂනයකට පසු ආගන්තුකයන්ට පනවා තිබූ පුටුවක් මත හිදගත් හෝම්ස් මහතා විල්බර්ට් මහතාගේ පුතුනුවන් හා කතා කිරීමට අවැසි බව පවසන ලදී. එවිට විල්බර්ට් මහතා විසින් කරන ලද විධාණයකට අනුව ඉතා කෙසඟ සිරුරක් හිමි විඩාබර මුහුණකින් යුතු ඔහුගේ පුතුනුවන් යැයි හදුන්වනු ලැබූ මෝගන් තැනැත්තා අවුදින් අප ඉදිරියේ සිට ගන්නා ලදී. ඔහු දෙස මදා වෙලාවක් නෙත් යොමා සිටි හොම්ස් මහතා පුටු ඇන්දට බරවී සුසුමක් හෙලන්නට විය.

ඉතින් මෝගන් මහත්මයා.. ඔබ මේ සිදුවීම දවසේ විශේෂ දෙයක් අත්වින්දද?

නැහැ මහත්මයා. මම වෙනදා වගේ අසුන් ස්තාලයේ ගැට ගහලා කාර්යයාල කාමරයට ආවා පියානන්ව මුන ගැහෙන්න.

ඊට පස්සේ

ඊට පස්සේ වෙනදා වගේම මම දවසේ වතු වල විස්තර පියාට සදහන් කරලා හෙට දවසට අදාල වියදම් සදහා ගෙවීමට ඇති චෙක් පත් ඉල්ලා සිටියා..

එදින ඔබට ගෙවීමට විශේෂ වූ මුදලක් තිබුනද..

නැහැ හෝම්ස් මහත්මයා..

එහෙනන් .. එවන් වූ මුදලක් ඔබට අවශ්‍ය වූයේ ඇයි.

හෝම්ම් මහතා විසින් ඇසූ පැනයෙන් ඔහු අපහසුතාවයකට පත් වූවා දැයි නොදනිමි. නමුත් රත් පැහැ ගැන්වූ ඔහුගේ මුහුනත් සෙමින් වෙවුලන ඔහුගේ දෙතොලත් කුමක් හෝ අභීරහසක් සගවනුදැයි මම සිතන්ට වීමී.

පවසන්න මෝගන් මහත්මයා.. ඔබට එදින එවන් මුදලක් ඇවැසි වූයේ ඇයි?

දෙනෙත් පසාරු කරගෙන යන හෝම්ස්ගේ බැල්ම නිසාදෝ වෙවුලන දෙතොල සොලවමින් මෝගන් ඔහුගේ හට අවධි කරන්නට විය..

හෝම්ස් මහත්තයා.. ඒ සල්ලි...

එක් වරම වසා තිබූ දොර පිියන කිරි කිරි හඩින් විවෘත කරමින් මෙහෙකාරිය තේ බඳුනක් රැගෙන අප වෙතට පැමිණයාය..

5 comments:

  1. නියමයි. මුල් කොටස් දෙකත් බලන්න ඕන

    ReplyDelete
  2. එල ද බ්‍රා. කොටස් සියල්ලම බැලුවා. ඉතුරැ ටිකත් ඉක්මනට දාමු.

    ReplyDelete
  3. කලින් දෙක මට මිස් වෙලාද, කියෙවුවා කියලා මතකයක් නෑ.. මරු.. අනිත් දෙකත් ඔළුවට දාගෙනම ඉන්නම්..

    ReplyDelete
  4. මට මුල ඉදලා කියවන් බැරිවුනා..මෙතන ඉදන් තමයි කියවන්න ගත්තෙ..මේ ටිකනං හොදයි..ඒ්ත් අර ලොකු කතාවෙ වගේම මේකෙත් හෝම්ස් ඉන්නෙ සීතල පලාතක..අපේ ගම්පලාත වගේ කර්කශ අර්ධ ශුෂ්ක කලාපෙකට හෝම්ස් එනවනං මං ආසයි..

    ReplyDelete
  5. ෂාහ්.. ලියල තියන විදියට මම හිතෙන නුවරඑලි ගියා කිව්වොත් වැරදි නෑ.... ඉන්නකෝ ඉතුරුවා බලන්න ඕනේ.. අද නේ ආවේ මෙහෙට.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget