Thursday, August 21, 2014

කරන්න දෙයක් නෑ..

කරන්න කිසිම දෙයක් නෑ. අද වැස්සා.. වැස්සා කියපුවම නිකං වස්සා වගේ.. ඒ නම හරි යන්නෑ.. අද අහස් දිය ඩිංගක් බිමට වැටුනා. ඩිංගක් කිව්වට ඒක ටිකක් සැරයි. වැස්ස සැර වුනාම හංදියෙ ත්‍රීවීල් අයියලා සැර වෙනවා. දන්නෑ ඇයි කියලා. මම වැස්ස නිසා අද ඔපිස් එන්න පරක්කු වුනා. ඔපිස් ඇවිත් මට කරන්න තියන වැඩ අඩුයි. ඉතින් නිකං ඉන්න කාලෙ වැඩී. නිකං ඉන්නකොට කම්මැලි හිතෙනවා. මිනිස්සුන්ට කම්මැලි කියලා හැගීමක් තියෙන්නෙ අපරාදේ. එහෙම තියන නිසානේ මට කම්මැලි හිතෙන්නේ.

ඉස්සර මම එංගලන්තෙ ඉගන ගනිද්දි එහෙට වැස්සෙ නෑ. හිම වැටුනේ. එහෙ හරි ලස්සනයි. එහෙ කිසිම මිනිහෙක් දුක් විදින්නෑ. එයාලා හැමෝම ගොඩක් සතුටින් ඉන්නේ. ඒකට ලංකාවේ.. හම්බන්තොට අයට හාල් නෑලු. එහෙම කියලා ගොඩක් අය බුකියෙ දුක් වෙලා තිබ්බා. හාල් නැතුව හම්බන්තොට මිනිස්සු ගොඩක් දුක් විදිනවා. පවු එයාලා..රට ඉන්න ගොඩක් අය ලංකාව ගැන හෙන කැක්කුමකින් කතා කරනවා. ලංකාවෙ ඉන්න මට නන් එහෙවු කැක්කුමක් නෑ. මං හම්බකරං කන ගානෙන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා. මට වෙන අය දුක් වින්දට ගානක් නෑ. මොකද හම්බන්තොට එකා කෑවද කියලා මං අහන්නෑනේ. ඒ නිසා මට ඒ දුක දැනෙන්නෑ. ඒක අපෙ කාලකණ්නිකම වෙන්නැති. ඔවු එහෙම වෙන්නැති.

දැං ලංකාවට වහිද්දි පාරෙ වතුර පිරෙනවා. පාරෙ වතුර පිරුනම සපත්තුව ඇතුලට වතුර යනවා. සපත්තුව ඇතුලට වතුර ගියාම දවසෙම ඒ සපත්තු දාගෙන ඉන්න හරි අමාරුයි. ඒ නිසා පාරෙ වතුර පිරෙන්න දෙන්න හොද නෑ.අපි පයින් යන මිනිස්සු. වහන පදින අය හයියෙන් යනවා.. ඒ වාහනේ තෙමෙන නිසා වෙන්නැති. එයාලා හයියෙන් යද්දි රෝ්‍ද වල මඩ වලවල් වල වැටිලා අපේ ඇගට වතුර විසිවෙනවා. ඒ වෙලාවට ඒ රියදුරු මහත්යාගෙ අම්මා මතක් වෙනවා. ඒත් සමහර වෙලාවට එයාලට හදිස්සියක් වෙන්නැති නේ. ඒ නිසා ඔව්වා ගැන විස්සෝප වෙලා වැඩක් නැතුවා. ඒ වෙලාවට මට හිතෙනවා පිටරට යන්න. පිටරට ගිහින් එහෙ මහන්සි වෙලා රස්සාවක් කරලා ලංකාවට බනින්න පුලුවන්. ලංකාවෙ ඉද්දි පඩි මදි. මං දන්න රට ගිය හැමෝම වාහනයක් අරගෙන ගෙයක් හදලා ආතල් එකේ ජීවත් වෙනවා. ඉතින් ලංකාවෙ ඉන්න උනුත් ඔය ටිකම කරනවා. එකම වෙනස රටගියාම වගේ ලංකාවට බැනලා ආතල් එකක් ගන්න චාන්ස් එකක් නැති වෙනවා. මොකද ලංකාවෙ ඉද්දි බනින්න වෙලාවක් නෑ නේ.. එක්කො රස්සාව. නැත්තං ගෙදර සාමාජිකයො එක්ක ආතල් එකේ ඉන්න ඕනි. නැත්තං ඉන්න රොත්තක් වෙන යාලුවො එක්ක සෙට් වෙන්න ඕනි. ඔය මොකක් හරි වෙන ආතල් වැඩක් නිසා ලංකාවට බැනලා ගන්න සෙට් වෙන ආතල් එක මට නන් මිස් වෙනවා. ඒක අපරාදයක්..

කරන්න දෙයක් නැති කමට මොනවා හරි ලිව්වා. අද දෙදහස් දා හතරේ විසි එක් වෙනිදා. මගේ බ්ලොග් එකේ මට පස්සෙ බලන්න හිතට ආපු දේවල් ටිකක් ලිව්වා. නැත්තං මට මෙහෙම එව්වා හිතුනා කියලා අමතක වෙයි. එහෙම අමතක වුනොත් අපරාදේ. මේ වගේ අදහස් වලින් තමා කවදා හරි මේ පුංචි ලංකාව ලොකු කරන්න පුලුවන් වෙන්නේ. අපි හැමෝම දූපත් මානසිකත්වයෙන් මිදෙන්න යනවා. අපේ රට දූපතක්. ඉතින් දූපත් මානසිකත්වයෙන් මිදෙන්න නන් එක්කො ඉංදියාවට ගිහින් සෙට් කරන්න ඕනි..අන්න එදාට ලංකාව දුපතක් නෙමේ. එහෙම වුනාම අපිට පුලුවන් වෙයි දූපත් මානසිකත්වය නැති කරන්න. මං හිතට ආපු කවියක් ලිව්වා. අදට ඇති. ඇගිලි රිදෙනවා..


නෙතු පියන
සීත රාත්‍රියේ
ලොව නිදන
නිශා යාමයේ
නුඹ කොහෙද..සිත රැගෙන ගියේ.
ගෙනත් දියන් මට
මෝඩ ගෑණියේ...(ඩර්ටි වර්සන්)


නෙතු පියන
සීත රාත්‍රියේ...
ලොව නිදන
නිශා යාමයේ
නුඹ කොහෙද .. සිත රැගෙන ගියේ
ගෙනත් දෙන්න මට
මගෙ සිහින කුමරියේ.......(ලවු වර්සන්)


නෙතු පියන
සීත රාත්‍රියේ...
ලොව නිදන
නිශා යාමයේ
නුඹ කොහෙද .. සිත රැගෙන ගියේ
රැගෙන ගියා නම්...
තියං මැරීයන් යෝදියේ..(බූට් වර්සන්)

20 comments:

  1. වැස්සක් නිසා පිස්සෙක් වෙන්න සිදුවෙනාව සමහර වෙලාවට!

    කවි වර්ෂන් තුනේන මං කැමති බූට් වර්ෂන් එකටයි

    ReplyDelete
    Replies
    1. //වැස්සක් නිසා පිස්සෙක් වෙන්න සිදුවෙනාව සමහර වෙලාවට!

      වැස්සත් නැතත් මෙයාට කොහොමත් පිස්සු. පිස්සෝද මනුස්සයෝය!

      Delete
    2. කකා
      වැස්සක් නිසා හරි පිස්සෙක් වෙන්න පුලුවන් නන් කොච්චර හොදයිද...
      බුට් වර්ශන් එකට මාත් කැමතියි.. :-D


      ඇනෝ..
      පිස්සොද මනුස්සයෝය.. උඹද මමද ඇතුලුව.. :-D

      Delete
  2. මදෑ ඉඳලා ඉඳලා හත් අවුරුද්දකින් විතර බ්ලොග් එකක් කියෙවුවා... මොනවද යකෝ මේ ලියලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ආයෙමත් අඳෝනා.............

      Delete
    2. සොරෝ/
      ඇයි මොනවද මේ ලියලා තියෙන්නේ.. මං දන්නෑ.. කවුද ලිව්වේ..

      මරේ//
      කෝ යකෝ අදෝනා.. තෝ තමා මගේ කවි සිත මොට කරපු එකා.. :-D

      රන්දිල්//

      :-D :-D

      Delete
  3. උඹ ඉන්න දිහාවට ආයි වහින්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. උදේට විතරක් වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරපං ඇ..

      Delete
  4. හොක් හොක් උබට කලින් වෙන කෙනෙක් ලංකාව ලොකු කරයි :D

    ReplyDelete
    Replies
    1. ආහ්.. යාන්තං ඇති.. අපිට දූපත් මානසිකත්වයෙන් ගොඩ යන්න පුලුවන්.. :-D

      Delete
  5. "එකම වෙනස රටගියාම වගේ ලංකාවට බැනලා ආතල් එකක් ගන්න චාන්ස් එකක් නැති වෙනවා..." මොකෝ මෙච්චරම බරපතල අද :-)
    තව තව පොඩි පොඩි වැඩ ටිකකුත් වුණා / වෙනවා රටේ, ඔය නොරට රක්සා කරන අය ලංකාවට එවන සල්ලිවලින්. ඒත් අද කාලේ නම් අහවල් චින්තනේ පිටු දකින කල් ඒවටත් වගතුවක් වෙන්නෙ නෑ කියලයි රටේ ඉන්න කට්ටිය කියන්නෙ :-)

    ReplyDelete
    Replies
    1. මේකනේ අයියා..
      සල්ලි මොකා ආවත් හොරකම් කරනවා..
      මං කිව්වේ ඒක මට අදාල නෑ..
      මගේ ජීවිතේ මම ආතල් එකේ ඉන්නවා..ඒක මගේ කාලකණ්නිකම..
      මට රට හදන්න ඕනි නෑ. හැබැයි මට පුලුවන් විදිහකට මම හැදෙනවා.
      ඒක මගේ තියන මහ ජරා අසිස්ට ගතියක්..
      ඒත් රටට බනින්න මම පුච්චගන්න ලේ ටික ඉතුරු කරගෙන මම ආතල් එකේ ඉන්නවා.. :-D

      Delete
    2. බොලේ කාටවත් ගින්නක් නැතිව තමන් ආතල් එකේ ඉන්න එක කා.ක. කමක් වෙන්නෙ කොහොමෙයි?? ඒ විදිහටම තමන් හැදෙන එකට අසිස්ට කියන්නෙ ඇයි මලේ??? අද මොකකට හරි මල පැනල වගේ ;-)

      Delete
    3. අනේ නෑ අයියා.. මට මල පැනලා නෑ.. මං කිව්වේ මට දැනෙන දේ.. අයියෝ මේක එක දෙයක් අල්ලලා ලියපු දෙයක් නෙමේ අයියා.. නිකං හිතට ආපු දේවල් ටිකක් ලියලා දැම්මා.. බුදු අම්මෝ මේක රට ගිය කෑල්ල විතරද අල්ලන්න තියෙන්නේ.. අනිත් එව්වා.. අපි දූපත් මිනිස්සු අයියා.. තිස්ස අයියා සත්තයි ඇ.. මේක තරහකින් වත් අමනාපයෙන් වත් ලියපු දෙයක් නෙමේ.. හුදෙක් ආතල් පිණීසයි (හු.ආ.පි.) ලියපු එකක් අයියා..සත්තයි.. :-D

      Delete
  6. කෝ මේ කවි වල උඹේ වර්සන් එක....

    මම් හිතුවා බොට අද ඔහොම වෙයි කියලා..:)

    ReplyDelete
    Replies
    1. මගේ කවි වර්සන් එක තොපිලා එකතු වෙලා විනාස කරලා තියෙන්නේ.. දැන් මට කවි ලියන්න බෑ.. මං දන්නෑ.. :-D

      Delete
  7. උඹේ රැකියා පසුබිම අනුව උඹට තියෙන්නෙ පිරිසක් හෝ පද්ධතියක් සාමාන්‍යකරනය කිරීම. ඒ කියන්නෙ ගින්නක් නැතුව සිස්ටම් එක දුවවන්න අවශ්‍ය මිනිස්සු නිර්මාණය කරන එක.
    උඹ වසර ගානක් ඒ රැකියාව තුල ඉඳලා උඹ හිතන විදිය මාර පැතලි තැනකට ඇවිත්. ඒ කියන්නෙ කිසිම දෙයක් අමුතු විදියට දකිනවාට වඩා සාමාන්‍ය විදියට දකින්න පුරුදු වෙලා.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. නෙතු පියන
    සීත රාත්‍රියේ...
    ලොව නිදන
    නිශා යාමයේ
    හිත රැගෙන.. මා ගියේ
    දුන්නේ උඹමනේ
    වෘෂභ රාජයෝ... (ඩර්ටි වර්සන්)

    නෙතු පියන
    සීත රාත්‍රියේ...
    ලොව නිදන
    නිශා යාමයේ
    හිත රැගෙන.. මා ගියේ..
    නුඹ මගේමයි
    ප්‍රේම රාජයෝ.. (ලව් වර්සන්)

    නෙතු පියන
    සීත රාත්‍රියේ...
    ලොව නිදන
    නිශා යාමයේ
    හිත රැගෙන.. මා ගියේ
    මගේ ගොංකම
    මල පෙරේතයෝ... (බූට් වර්සන්)...

    කවියට බොහොම මනාපයි.. :)

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget