හෝ හෝ හෝ.. වැස්ස වහිනවා..
හෝ හෝ හෝ අව්ව වැටෙනවා................
යාන්තං රෙද්ද අස්සට කකුල් දෙක ඔබාගෙන වහලෙ උළු අතරින් රිංගල එන හිරිපොදයට තුරුල් වෙලා සුට්ටක් දෑස පියා ගන්න හැදුවා විතරයි.. නෙතු පියන් මත නිදි කුමරිය ඇවිල්ලා උකුළු මුකුළු කරද්දි අපිටත් ඉතින් ඉවසන්න පුලුවනෑ......යාන්තමට මුළු ලොකෙම බොද වී ගෙන යද්දි එකපාරටම....
ඕයි....................මං උඩ ගිය පාර උළු කැට කෑල්ලක් දත් අස්සෙත් හිර වෙලා...
ඇයි කොට්ටෝරුවො කෑගහන්නේ..
අදත් වහිනවා යකෝ..
ඉතින්.. මට මැරෙන්නද කියන්නෙ..
වරෙන් හංදිය පැත්තට යන්න....
මට බෑ...
බෑ යි කියලා බෑ යකෝ.. අර තනකොල පෙත්තා ග්රූප් තොට කින්ඩි දායි.. වරෙන් යන්න....
මේ හිපාටුවගෙන් බෙරෙන්න බැරි තැන මාත් බැස්සයි කියමුකො පාරට...මහ දවල් 5විතර උනට රෑ 8 වෙලා වගේ කළුවර..
කොහෙද බං යන්නෙ..
දන්නෑ බං..දෙකක් දා ගම්මුද.....
පිස්සුද යකෝ.. තෝ හිතුවද මං එහෙම බොන එකෙක් කියලා.. හැමදාම බොන්න කතා කරන්නෙ.. තොපිලා වගේ පාප මිත්රයො නිසා තමයි මටත් කවදාවත් හරි යන් නැත්තෙ.. බලපං රට වටේ ඉන්න අනුන්ගෙ ගෑණුත් කොල් කරල මට බනිනවා.. තොපිලා වගේ උන් හින්දා තමා කවදාවත් මට බොන එක නවත්ත ගන්න බැරි.. සික් විතරක්..
හරි හරි බං.. ඕකට ඔහොම තද වෙන්න ඕනිද.. අපි ගෙවල් වලට යමු.. වරෙන් යන්න..
තෝ උනහපුලුවා..මං කවුරු කියලද බොල හිතන් හිටියෙ..මං දෙකක් දා ගන්න බෑ කියල කිව්වද බොල..ඒ නැතත්...අච්චර සැපට නිදා ගන්න හදපු මාව මේ වැස්සෙ එක්කං ඇවිත්.. දෙකක් දාගමු කියලා මගේ කටත් අවුස්සලා දැන් මොකක්ද බොල මෙතන අමුවෙන් ගෙදර යමු කියන්නෙ..තෝ වගේ අසමත්ජාතියෙක්.. නොදෝමකින්.. මොකට මගෙ යාලුවෙක් උනාද මන්දා.. තොට බැරි නන් ගෙදර පල මං යනවා දෙකක් දාගන්න..
අරූගෙ මූණ දෙක වෙලා.. ඔටුවා නැති උන සුල්තාන් වගේ ඌ මගේ පස්සෙන් එනවා.. දැන් බලන උන් අහපං පුලුවන් නන් ඔටුවා නැති උන සුල්තාන් මොන වගේද කියලා. ඇයි බූරු පැටව්නෙ තොපිලට තෙරෙන් නැද්ද සුල්තාන් කෙනෙකුට ඔටුවෙක් නැති උනාට මහ කජ්ජක්ද ඇ.. අරූටත් එහෙම තමා.. සුට්ටක් බැනුම් ඇහැව්වට දෙකක් දාගන්නනෙ යන්නෙ..
කනත්ත පහු කරල අපේ ස්පොට් එකට ගියා කියමුකො.. මල හත්තිලව්වයි..
අඩෝ.. තොපිලා මහ කැත මිනිස්සු යකෝ.. අපිට හොරෙන් සෙට් වෙන්න නේ හදන්නෙ..
නොදකින් වනචරයා...කොටා බලපං අරු අපිට කලින් ඇවිත් තනියෙන් ගහලා දැන් අපිටම දාන සද්ද...
මොකෝ තෝ කවදාවත් නැතුව තනියෙන් බොන්නෙ....
අද දුක් සීන් එකක් උනානෙ මචං..
අපිටත් ඉතින් චීත්තයක් නන් දවසක් හරි බොන්න බැරියැ....
මොකක්ද මොකක්ද බං සීන් එක...
මට මගේ ෆස්ට් ලවු එකේ හොදම යාලුවාව හම්බ උනා බං..
නෑ............. ඉතින් උඹට දුකයිද සීන් එකට...
පිස්සුද බං.. මට දුක නෑ බං..
එහෙනන් තෝ මල පෙරේතයා වගේ බොන්නෙ අහවල් එකකටද ඇ.....
මට සිහියෙන් ඉන්න ලැජ්ජයි බං.. මං කරල තියන දේවල් මතක් වෙද්දි මට සිහියෙන් ඉන්න හිතෙන්නෑ බං....
ඇයි දැන් උඹ මොනවද කරල තියෙන්නෙ..
මං කරපුවා කිව්වම උඹලත් මාව තනිකරයි බං..
නෑ නෑ යකෝ.. අපි එහෙම කරන්නෑ.. උඹ කියපං උඹ මොනවද කරල තියෙන්නෙ...
අරූ අඩනවා නිකං වැලහින්න වගේ.. හොටු එකයි... කඳුළු විමානයයි..
හා හා අඩන්නැතුව කියපං තෝ මොනවද කරල තියෙන්නෙ....
උඹලා දන්නෑ බං මං ඒ කෙල්ලට ලේ වලින් ලියුමක් දීලා තියනවා බං...
නෑ.. යකෝ උඹ පිස්සු යකෙක්නෙ.. ඉතින් දැන් ඇයි උඹ අඩන්නෙ...
උඹලා දන්නෑ බං.. ඒකි ලියුම බලලා කිව්වලු බං.. ඒකි කවදා හරි දොස්තරවරියක් උනාම මට ඔපරේෂන් එකක් කර ගන්න ආවොත් සිහි නැති කරන් නැතුව මාව ඔපරේෂන් කරනවා කිව්වලු බං..
ඇයි බං ඒ...
මාත් එහෙම ඇහැව්වා බං.. එතකොට කිව්වා ඇයි බං ලේ වලින් ලියුම් ලියන්න පුලුවන් නන් ඔය කෑල්ලක් කපන කන් ඌට බැරි නන් වැඩක් නෑ කිව්වලු...
හත්තලව්වයි..
දැන් තොපිලට තෙරෙනවා නේද.. මං කොහොමද යකෝ සිහියෙන් පාරෙ බැහැල යන්නෙ...
හරි දැන් එච්චරද උනේ..
නෑ බං තව සීන් ගොඩයි බං...අඩෝ.. වේටර් මල්ලිට එන්න කියපං..
ඇයි ඇයි මොකේ අවුල..
බලපං.. මෙව්ව කන්න පුලුවන්ද.. ඇඹුල්ම ඇඹුල්.. එන්න කියපං වේටරයට...
යකෝ.. කොට්ටෝරුවො..හොටු ටික පිහද ගනින්.. නොදකින් විතරක්.. මල පෙරේතයා වගේ ඉදලා අර අහිංසකයට බනින්න හදනවා.. දැන් කියපං මොකද සීන් එක කියලා....
උඹල දන්නෑ බං.. ම් ඒ කාලෙ කැඩෙට් කරානෙ.. මං කොහොමත් කළුයිනෙ බං.. ඉතින් බං අර පට්ට අව්වෙ ප්රැක්ටිස් ගිහින් මූණෙ තෙල් පෙරාගෙන යනවා බං කෙල්ලව බලන්න.. ගිහින් රොටරි එකේ අඹ ගහ අස්සෙන් හැංගිලා ඒකිගෙ ක්ලාස් එක දිහා බලාගෙන ඉන්නවා බං..
ආහ්.. ඉතින් ඒක මොකක්ද බං.. දැන් මොකක්ද අවුල..
නෑ බං.. මං අද වෙනකං හිතන් හිටියේ මං එහෙම ඉන්නවා කියලා කෙල්ල දන්නෑ කියලා.. ඒත් බං උන් දන්නවලු බං... මං හැංගිලා ඉන්නවා උන්ට පෙනුනලු බං.. උන් මාව බයිට් කරාලු මචං.. මට බෑ මං තවත් ලෝකයාට මුණ දෙන්න..
යකෝ දැන් මූණ දෙන්න බැරි එක කෙසේ වෙතත් බිව්වා ඇති නේ.. වරෙන් ගෙදර යමන්..
හිටින් මට උඹලට කියන්න දෙයක් තියනවා..
ඇ.. ඒ ගමන මොකක්ද කියපං බලන්න...
මට සතුටුයි බං ටිකක්..
ඒ ගමන මොකක්ද තෝ කියන්න හදන්නෙ..
දැන් බලපං.. අපි ඒ කාලෙ ඉගන ගත්තෙ නෑ... ෆුල් ආතල් එකේ හිටියා.. විභාගෙ පාස් උනේ නෑ.. ඒ උනාට ඒ කෙල්ල ඒ කාලෙ ආතල් ගත්තෙ නෑ ඉගන ගත්තා කැම්පස් ගියා...
හරි දැන් මොකක්ද තොගෙ තියන සතුට..
උන් කැම්පස් ගිහින් ආයෙත් ඉගන ගත්තා.. අපි එලියෙ ඉදන් ඉගන ගත්තා.. ඩිග්රියක් අටව ගත්තා.. දැන් වයස 28යි.....
හරි දැන් ඒකත් හරිනෙ.. මොකක්ද තොගෙ සතුට..
යකෝ... අපි දැනුත් ආතල් ගන්නවා.. වාහනයක් පදිනවා..ඒත් බලපිය අරකි.. දැන් දොස්තරවරියක් වෙලා තිරිකුණාමලේ මදුරුවො තල තලා තාමත් දුක් විදිනවා.. අනාගතෙත් උන් රෑ දවල් නැතුව වැඩ කරනවා.. පඩි වගේද බං ආතල්..ඒ අතින් අපි ඒ කාලෙ විභාගෙ ෆේල් උනාට සතුටු නැද්ද බං...අපි ඒ කාලෙත් ආතල් ගත්තා ඊට පස්සෙත් ආතල් ගත්තා.. දැනුත් ආතල් ගන්නවා.. සතුටු නැද්ද යකෝ..
මල හත්තිලව්වයි.. ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑනේ...
තෝ බිව්වා ඇති.. වරෙන් ගෙදර යන්න.. කොටා.. උස්සපං මූව..
මහපාරට බැස්ස විතරයි... ආව වෑන් එකක්.. නැවැත්තුවා අපි ඉස්සරහම.. මොකක්.. කළුවගෙ වෙරි බැස්සා කියහංකෝ..මාත් ඔලුව දාල බැලුවම..
මල හත්තිලව්වයි.. පන්සලේ ලොකු හාමුදුරුවෝ.. කළුවා ප්රධාන දායකයෙක් කියපංකො..
කළු පුතා බෑරක්ද මේ..
නෑ .. හාමුදුරුවනේ.. රෑට කන්න කියලා ආවා...
ආහ්.. යන් වෑන් එකේම.. මං ගේ ලගින් දාගෙන යන්නං...
නෑ.. නෑ.. අපෙ හාමුදුරුවනේ.. හාමුදුරුවො යන්න.. මං වඩින්නං...
මළා.......