Monday, January 14, 2013
Wednesday, December 12, 2012
Monday, December 10, 2012
මගුලක ආතල් එකක්
පස්සට යාන්තං ඉර අව්ව වැටිලා ඔම්ලට් එකක් දාගන්න පුලුවන් ගානට රත් වේගෙන එද්දි හුචක්කුව වදින්න ගත්තා.....අලෝ...
අලෝ.. අලෝ නෙමේ නැගිටපං යකෝ.. මගුලට යන්නැද්ද..
හැහ්.. මගුල .. කාගෙද යකෝ ඒ මගුල..
ඇයි ඔටුවො සුදා බදිනවනේ.. වරෙන් ලෑස්ති වෙයන්...මං පැය භාගෙන් උඹලගෙ ගෙදර...
හුටා.. ඒක පොස් මගුලක්නේ බං.. මං කොන්ඩෙ උල් කරගන්න ටිකක් හිටපං.. සුටුස් ගාල ලෑස්ති වෙන්නං ඇ...
පැය භාගයක් යන්න හම්බ උනේ නෑ.. ගෙදර බල්ලා බෙරිහන් දෙන්න ගත්තා..
මොකක්ද කොටෝ තෝ කලේ.. බල්ලව හැප්පුවද
පෙන්නෑ බං..මං බල්ලව දැක්කෙ නෑ..
තෝ කොටා ස්ටීරිං වීල් එක අස්සෙන් අහස බලාගෙන එලෙව්වට බිම ඉන්න බල්ලො පේන්නෑ යකෝ.. බැහැපිය බිමට මං ගන්න වාහනේ...
යාන්තං සෙට් එක දාගෙන මගුල තියන පොට් එකට ගියා.. හප්පා. එතන තියන සිරියාව.. එකෙක්වත් ඇවිත් නෑ.. අපි සෙට් එක ජෝඩුවට කලින් මගුලෙ.. ඉතින් මොකෑ කරන්නද කොට්ටං ගහක් යට නවත්තලා බිම ඉදගෙන ටයි ගැට ගහන්න පටං ගත්තා..
ආහ්.. ඉදා බීපං..
ඔය මොනවද යකෝ...
මගුලට ගෙනාපු බෝතලයක්.. කොහොමත් බොන එකනේ.. හිස් බඩම ඇදලා දාපං බං.. පණුවන්ට හොදයි
අමුවෙන් බෑ යකෝ..
අමු නෑ බං.. මං වතුර ටිකක් දැම්මා.. ඉක්මනට නමාගෙන දීපං.. එක කෝප්පයයි තියෙන්නේ..
එක දෙක උනා දෙක තුන උනා.. ජෝඩුව ආවා..අපි පස්සෙන් ගියා.. බෙර ගහන උන් කවි කියනවා .. උඩ පනිනවා එක පාරටම සද්දයක් ආවා..
හැහ්.. මොකක්ද බං ඒ උනේ..
ඒයි බං නැට්ටුවා අල්ලපු කස්තිරමට අරෑගෙ සෙට් එකේ වැදිලද කොහෙද. ඌ බිම බඩගාගෙන යනවා බං..
නෑ යකෝ.. ඌට බදින්න බෑ කියලා හිතිලා.. ගෙදර යන්න ඕනි කියලා අඩනවලු..
හුටා..එහෙනන් දැම්ම බෝතල් අපි ලග කියලා කෑගහන්න එපා.. වෙඩිම කැන්සල් උනොත් අපි මාරු වෙමු...
මොන ඉලව්වක්ද.. අර පුයර දාපූ මනමාලිව දැක්කා විතරයි අරූ දුවගෙන ගිහින් පෝරුවේ.. සුදු රෙදි අන්දනවා රතු රෙදි අන්දනවා.. එක විකාරයයි...
සීයක්.. ඔට්ටුයි.. නෑ දෙසීයක් ඔට්ටුයි..
මොනවටද යකෝ ඔට්ටු දාන්නේ..
මං කියනවා මනමාලි අඩනවා කියලා.. මූ කියනවා මනමාලිගෙ අම්මා අඩනවා කියලා..
හරි .. දෙන්නම ඇඩුවොත් මට තොපිලා දෙන්නා දෙසියක් දියං ඇ..
කියලා කට ගන්න හම්බ උනා.. පිරිමි පරානයක් අඩන සද්දේ ආවා..මලා..
මෙන්න අෂ්ඨක කියන එකා අඩනවා..
කැමරා අයියේ..ඇයි අෂ්ඨක මාමා අඩන්නේ..
නෑ.. එයා අඩනවා වගේ රගපෑවම වෙනදට මනමාලි අඩනවා මල්ලි.. ඒත් අඩ අඩන්නැති නිසා ඒ දුකට මූ අද ඇත්තටම අඩනවද කොහෙද..
යකෝ මෙව්වා මාර ආතල්නේ....එක පාරටම වලියක්..
කොටා බලපං .. අර වලිය මොකක්ද කියලා..
ඌ අස්සෙන් බඩගාගෙන් රිංගලා ගිහින් බලලා ආපි..
උන්ට උතුර දකුණ හොයා ගන්න බැරුව බං.. අත්සං කරන්න තියෙන්නේ නැගෙනහිර බලාගෙනලු.. දැන් ගිණීකොනටලු මේසෙ තියෙන්නේ..
වේටර් කියනවා දකුණු මෙහෙලු.. මාමා කියනවා.. නැගෙනහිර නැහැල්ලු.. අයියෝ.. මං උන්දෙන්නට මන්න පිහිය දීලා ආවා බං..
නොදකිං ඔටුවා.. මන්නේ ගෙනෙන් යකෝ.. පොල් බිදින්න.. පල...ගිහින් අරං වරෙන්..
මේ ඉලවු බෑ බං... වරෙන් දෙකක් දාගන්න යන්න.. අද වෙලාවත් මදි.. මුන්ට ඉක්මනට හනිමූං යන්න ඕනිලු..
ඔං හුලං වදින පොට් එකක් ඉදගෙන දෙක තුන නමාගෙන යද්දි.. ඉර කැරකිලා දොලහ විතර උනා ඇ..
යමං.. ටිකක් නටන්න..
අඩෝ.. කොහෙද යකෝ ඔය ඉඳුල් වතුර බාල්දිය උස්සං දුවන්නේ..
අතන ඇන්ටි කෙනෙක් ආවේස වෙලා බං... නටාගෙන නටාගෙන යනවා යකෝ...
මල හත්තිලව්වයි.. අමරදේවගෙ සිංදුවට ඔහොම නටතෑකියැ..
මචං.. මං කොයි එකටත් වතුර බාල්දිය ගහන්නද..
එපා බං.. එයා පොස් නිසා නටාගෙන නටාගෙන යනවා වෙන්නැති බං..
එකපාරට සිංදුව නැති උනා.. ඇන්ටි මිසින් උනා..බැන්ඩ් එක බැහැලා ගියා...
යාන්තං දවල් 1යි 45 ට උන් ආවා ස්ටේජ් එකට...2ට මගුල ඉවරයි.....
ඒයි වරෙන් බං නටන්න.. අන්න අරුං ආවා.... දැන් නටමු..
එතකොටම කොන්ඩෙ උල් වෙන්න හදා ගත්ත අයියා කෙනෙක් කියපු
කෝ බෘං ගෙ කොල්ලො සෙට් වෙන්න පොඩි ෆන් එකක් ගන්න...
හැහ්.. මොකාද යකෝ බෘං කියන්නේ..
බෘං නෙමේ කොකටුවො.. ගෘම්. මනමාලයා යකෝ.
ආහ්.. සිංහලෙන් කියන්න එපායැ.. ඇන්න අරූ කතා කරනවා එහෙනන්. වරෙන් නටමු..
ටෙස්ටිං වං වං වං..
හැහ්.. ඒක භාතියලගෙ සිංදුවක් බං..
නෑ යකෝ.. ඒක මයික් ටෙස්ට් කරනවා..
කමෝන් කොල්ලනේ.. මෙන්න නටන්න සිංදුවක්..මයික් අයියා කෑගහද්දි කොටා මැද්දට පැනලා මැන්ඩියට කකුල් දෙක තියාගෙන ඉන්නවා...
“අම්මා... පෙවු කිරි කඳුළින්.. ලෝකය මෙතරම් .. හැඩවේදෝ...“
කොටාට මල පැන්නා..
අඩෝ.. මුගෙ අම්මට එන්න කියාපං ඩෝ.. දනහිස දෙකට නැමෙන්න බීලා ඉද්දි අම්මටද යකෝ නටන්න කියන්නේ..
දණීපනි ගාලා කොටාව ඇදගෙන ගියා කාර් එක ලගට.. මූ.. පොලෙවෙ පස් කනවා නටන්න ඕනි කියලා.. ඒ ගමන කාර් එකේ තිබ්බ ජෝතිපාල සන්ෆලවර්ස් එක්ක ගහපු කැසට් එක දීලා ෂේප් කරගත්තා.
හප්පා.. මෙන්න ජෝඩුව යනවා..
ඒයි සුදා.. උඹලා යනවද.. අපිට කන්න කෑම..
තොපිලා තාම කෑවෙ නැද්ද යකෝ.. දැන් ඔක්කොම ඉවරයි.. දැන් ඉස්සරහා කඩෙන් කොත්තු ටිකක් කාල ගෙදර පලයන්..
ආහ් .. තැන්කූ සුදා.. උඹට පුලුවන් නන් ඕඩර් එකත් දීලම පලයන් ඇ....
මෙන්න ඒ ගමන කොටා ඔලුව බිම තියාගෙන පොලොවෙ පස් කන්න යනවා..
මොකක්ද යකෝ උඹ කරන්නේ..
මං මේ ඔලුවෙන් කැරකෙන්න යනවා යකෝ..
නොදකින්.. තෝ කැරකියන්.. මං යනවා කොත්තු තුනකට ඕඩර් එකක් දාන්න...සික් විතරක්.. ඒ මගුලෙත් කන්න හම්බ උනේ නෑනේ.....
Tuesday, September 25, 2012
ග්‍රාම සේවක නන් මහ තිරිසනෙක්
හැමදාම වගේ ඉර ගෙදර වැට කඩුල්ලට උඩින් එබීගෙන එද්දි ඊයෙ ඉතුරු වෙලා තිබ්බ බත් දංකුඩ පොඩ්ඩ හූරගෙන කාල හේනට යන සිරිදාස දිහා එතනා බලාගෙන හිටියේ පුරුද්දට වගේ.. ගෙදර මිදුලේ නිදාගෙන හිටපු බලු නගුටත් පුරුද්දට වගේ සිරිදාස පස්සෙන් ඇදිලා ගියා..ගෙදර දොරට හේත්තු කරලා තිබ්බ පොල් අතු දොර පියන අතන ගන්නකොටම සිරියාවති කඩුල්ලට උඩින් එබිලා මොර දෙන්න ගත්තා..එතනා.. යමු පිං ඇලට නාන්න.. වරෙන් සුමනත් එනවා කිව්වා..
හෝදන්න තිබ්බ පොඩි උන්ගෙ ඇදුං කෑලි ටිකත් මතක් වෙච්චි එතනට ආයෙ හිතන්න දෙයක් තිබ්බෙ නෑ..
ඔහොම ඩිංගිත්තක් හිටිං.. මං රෙදි බාල්දියත් අරං එන්නං..
වැව් නියර උඩින් යන කොක්කුදිහා බලාගෙන දෙන්නම හාවක් හූවක් නැතුව ඇදිලා ගියේ දවල් පොලට යන්න අතේ සල්ලි නැති නිසාද කියලා දෙන්නම දැනගෙන හිටියේ නෑ..
ආහ්.. අද උදැහැනේම දෙන්නා නාන්න ඇවිත්..
ඇතදීමට අදුර ගත්ත සුමනා කුඹුක් ගහ මුල ඉදන් බුලත් හප තැවරිච්ච දත්ටික පෙන්නලා මොර දුන්නා..
ඔවු බං.. දවල්ට පොලට යන්නත් ඕනිනේ.. උදේම විගහින් නාගන්න කියලා ආවා..
ආහ් උඹලට ආරංචිද...
රෙදි බාල්දිය බිම තියන්නත් කලින් ඇස් ගෙඩි දෙක නලලට ගත්ත සුමනා එතනයි සිරියාවතියි දිහැ බලාගෙන හිටියා..
ඒ මක්කැයි..
අර පුංචි හාමු ග්‍රාම සේවකයට ගහලා තියෙන්නේ.. ග්‍රාම සේවකයා අවලං වැඩක් කරාටලු..
අනේ පලයන් සුමනෝ යන්න.. ග්‍රාම සේවකයා ගිහින් තියෙන්නේ රාජකාරීයකට නොවැ.. පොලෝසියෙ උන්දැත් කිව්වේ..
ආහ්.. ඒ උඹලා දන්න කෙංගෙඩිය.. ග්‍රාම සේවකයා ඒ කසිප්පු මුදලාලිගෙ ගෝලයෙක්ලු..උන්දැ එදත් ගිහින් තියෙන්නේ කසිප්පුවට උදවුවටලු..
ආහ්.. එහෙනන් පුංචි හාමු අහවල් දේකටද ගිහින් තියෙන්නේ..
පුංචි හාමු ගිහින් තියෙන්නේ.. ඒක ආරංචි වෙලා ග්‍රාම සේවකයට දෙකක් අනින්නමලු..
අනේ.. හත්දෙයියනේ.. අපෙ පුංචි හාමු..බය නැතුව යනවද අප්පා ඔය කසිප්පු ගුබ්බෑයටම.. ඒ කිරි සප්පයට මොකක් හරි උනා නන්..
හෙන හතම ගහන්න ඕනි ග්‍රාම සේවකයට.. ඔය හැම දෙයක්ම අහගෙන හිටපු එතනට ඒ වචන ටික කටින් පැන්නේ පපුව ඇතුලෙන්ම වේදනාව ගලාගෙන ආපු නිසා වෙන්නැති..
බලපං සුමනෝ.. ග්රාමසේවකයගෙ ගෑණිත් කිව්වෙ බොරුනේ.. නොදකින් කාලකණ්නි හැත්ත..
ඒත් එතනෝ.. මං නන් හිතුවා ඕක වෙද්දි පුංචි හාමු අහිංසකයි කියලා..
ඒ ඇයි බං එහෙම හිතුවේ..
මං පෙරේද දැක්කනේ බං පුංචි හාමු පංසලේ බෝධිය මුල දනගහගෙන වදිනවා.. එහෙව් මිනිහෙකුට පුලුවන්ද ඔය තරං අපරාදයක් කරන්න..
පිස්සුද සුමනෝ.. ඒ පුංචි හාමු බීලා නැගිට ගන්න බැරුව පන්සලේ වැටිලා හිටියේ.. මං දැක්කනේ ලොකු හාමු වත්තං කරගෙන යනවා..
යකෝ.. තොට සහ ගහනවා ඒ කියපු කතාවට.. පිස්සුද ගෑණියේ.. ඒ පුංචි හාමු පන්සිල් ඇරගන්න ගමන් හිටියෝ.. තොපිලා කට තිබ්බට කියවන්න එපා...
අනේ මන්දා බං.. මට නන් මේ ලෝකෙ සංසාරයක් තේරෙන්නෑ බං..
ග්‍රාම සේවකයා ගමේ හොරු ඇල්ලුවා තමා.. ග්‍රාම සේවකයා ඉස්සර ගමට කොයි තරං වැඩ කෙරුවද.. එහෙව් එකෙක්නේ මේ අවලං වැඩේ කරේ.. දෙයියොම බලා ගන්න ඕනි මෙව්වා..
ඒක නෙමේ...මොකෝ සුමනෝ එතකොට පුංචි හාමු දැන් පේන්න නැත්තේ...
ආහ්.. උඹලා දන්නැද්ද.. පුංචි හාමු තමා ගමේ ඉස්කෝලෙ ලොකු මහත්තැයි වෙන්න ඉන්නේ.. ඕං කොළඹ රටේ ගියා මොකක්ද මාසෙකටඋපාධියක් අරං එන්න කියලා..
අනේ වාසනාවක් සුමනෝ.. මගේ පොඩි උන්ගෙ වාසනාව එහෙවු රත්තරං මහත්තයෙක් ඉස්කෝලෙට එනවයි කියන්නේ..
ඒක තමා එතනෝ මාත් කියන්නේ.. අපිට එහෙවු වාසනාවක් එද්දි අර තිරිසං ග්‍රාමසේවකයා කරපු වැඩේ බලහංකෝ..
හත්වලාමේ.. ඇත්තමයි.. බැරි වෙලාවත් පුංචි හාමුට මොනවා හරි උනා නන්..
සංසාරේ... අපේ පුංචි උන්ගෙ අනාගතේ.. මං යනවා අද ලොකු හාමුදුරුවන්ට කියලා පහන් පූජාවක් තියන්න.. පුංචි හාමුට විභාග පාස් වෙන්න ලැබෙන්න කියලා..
ආහ්.. උඹ යද්දි කියාපං.. මාත් එන්නං.. අනේ සාධු.. අපේ ගම දැන්වත් දියුණු වෙයිනේ...
හප්පේ.. ඇති යකෝ උඹලගෙ කයිය.. විගහින් නා ගනින්.. තව පොඩ්ඩකින් ලොකු හාමු එයි නාන්න.. උන්දැ ආවොත්.. අපිට පොලේ යන්න නෙමේ.. උන්දැගෙ ඇදේ තනි රකින්න තමා වෙන්නේ...
ඒක හැබැයි.. කෝ ඔය සබන් කෑල්ල ගනින් බං.. පිටේ අතුල්ල ගන්න...
ප/ලි..
කතෘ.. අන්.....නාතයි.....
Monday, September 10, 2012
මායාවක්ද නුඹ
Wednesday, August 8, 2012
අතවරයකට ලක් වූ ගැහැණියක ගැන ඇසින් දුටු සාක්ෂි

වෙලාව උදේ පාන්දර හත හමාරට විතර ඇති.. පොලිස් ස්ථානයේ ගේට්ටුව මුරට හිටපු බටයා යන්තං ඇස් ඇරියා විතරයි. කිරි සුදු පාට ලස්සනම ලස්සන අලුත් මෝටර් රථයකින් නයිට් ගවුමකින් සැරසුන රෝස මලක් වගේ කෙල්ලෙක් දැක්ක ගමන්.. ඒ බටයා කුණුකෙල ටිකත් ගිල ගත්තා.. ඒ උනාට ඒ කෙල්ල බටයා දිහා බලන්නෙවත් නැතුව සුරූස්...................... ගාලා කාර් එක ඇතුලටම අරං ගිහින් කාන්තා හා ළමා කාර්යාංශය ඉස්සරහා කාර් එක නතර කරා..
ඒකෙන් බැහැලැ අඩාගෙන ගිහින් පැමිණිලි ලියන නිළධාරිනිය ඉස්සරහා පුටුවෙ ඉදගෙන ආයෙත් කෑ මොර දීලා අඩන්න ගත්තා.. පැමැණීලි නිළධාරිණිය ඔලුව යන්තං උස්සලා ඇහැව්වා..
“ඇයි..“
“මාව අතවරයට ලක් උනා.. “ මහ හඩින් මුලු පොලිසියටම ඇහෙන්න කෑගහලා කිව්වා
ඒක ඇහුන අනිත් නිළධාරිණියන් නිළ ඇදුම අමතක කරලා ගෑණු කම පපුවට අරං පපුව මේස උඩින් තියාගෙන අතවරයට ලක්වුන ගෑණු දැරිවිගේ ශෝක කලාපය නැමැති ඔප දූපය අහන්න වට උනා.. පැමිණිලි මෙහෙයවන නිළධාරිණිය ඇස් දෙක උඩ දාගෙන ප්‍රශ්න අහන්න පටං ගත්තා..
“දැන් කවද්ද දරුවො ඕක උනේ..“
“දැනට මාස දෙකකට කලින්..“
“ඇයි මෙච්චර කල් නොකිව්වේ“
“නෑ එයා අද තමා කිව්වේ එයා මට ආදරේ නෑ කියලා...“
“ආහ්.. එතකොට කොහේදිද එයා ඔයාට අතවර කරේ“
“මගේ කාමරේදි“
“කීයට විතරද ? ....“
“මහ රෑ 12ට විතර“
“එයා ඔයාගෙ කාමරේට ආවේ කොහොමද“
“එයා ඔන්ලයින් ආවේ...“
මෙය තේරුං ගැනීමට නොහැකි වූ නිළධාරිනියන් ඔන්ලයින් නැමැති වාහනය අත්අඩංගුවට ගැණිමට නියෝග කර පණීවිඩ යවයි...ඒ අතර මද කිපුන තරුණ පිරිමි නිළධාරින් අතවරයට ලක් වූ ගැහැණු දැරවිය වට කොට ඇය ගැන අනුකම්පා කරමින් බලා සිටී...
“එයා ඔයාගෙ ඇදුම් ගැලෙව්වද...“
“නෑ.. මට සාය උස්සන්න කිව්වා..“
“හැහ්.. එච්චරද කිව්වේ..“ මද කිපුන බටයෙකු මැද්දෙන් පැන විමසයි
“ඔවු ඇයි... “ ඇය හැඩූ කදුලින් පිළිතුරු දෙයි
“නෑ.. මං එහෙම ඔහොම කරා නන් උඩත් ගලවන්න කියනවා...“ බටයා බිම බලාගෙන ශෝකයෙන් පවසයි..
“නොදකින් වලත්තයා.. “ ගැහැණු ඉදිරියේ ලකුණු දා ගැනීමට, හිතට ආපු හැගීම යට කරගෙන සාජන් කෑමොර දෙයි
“ඉතින්.. දුව ඊට පස්සේ...ඔයා සාය ඉස්සුවද.. “
“නෑ.. “ ඉහි ඉහි.... ඇය මහ හඩින් නැවතත් හඩන්නට වූ නිසා අනිත් අය ඇයව සනසාලීමට කාලයක් ගතවෙයි
“එයා මට සාය උස්සන්න කිව්වට මට එහෙම කරන්න බැරි නිසා.. මං ඇස්දෙක පියාගෙන ඇදේ නිදා ගත්තා..“
“නෑහ්.. ඉතින්.. ඇයි ඔයා කෑගැහුව්වෙ නැත්තේ..“ කාන්තා නිළධාරිනියක් විමසයි
“මට බය හිතුනා.. එහා කාමරේ නිදාගෙන හිටපු කුසුමට ඇහෙයි කියලා..“
“ආහ්.. ඉතින් එයා මොකද කරේ..“
“එයා මට හැමදේම කරා.. මං විනාස උනා.. දෙයියනේ..“ ඇය නැවතත් හඩයි
වටේ රැස් වී සිටයවුන් ඇයට අතවර කල තැනැත්තාට සාප කරමින් පොල් ගසයි..
“මේක මෙහෙම බෑ. සිරියස් කේස් එකක්.. අපි හොස්පිටල් යමු.. බටයා.. ගිහින් ජීප් එක ගේන්න.. “
“ජීප් එකේ ගිනියන්න බෑ මිස්.. මේ ළමයා අතවර වෙලා ඉන්නේ.. වැඩිය ගස්සන්න හොද නෑ.. අපි කාර් එකක යමු..“
“කාර් එකක් කෝ ඉතින්..“
“ඉන්න..“ බටයන් කිහිප දෙනෙකු මාසයක් වැඩ කර උපයා ගත් මුදල මේසය මතට ඇද දමමින් ඇයට කාර් එකක් ගෙන ඒමට අනුග්‍රහය දක්වයි..
ඇයව රෝහල ඇතුලට ගත් පසු.. අතවරයට ලක්වුන තරුණිය බැලීමට රෝහල් කාර්ය මණ්ඩලය වට වෙයි.. වෛද්‍යවරයා ඉතා අපහසුවෙන් සෙනග අතරින් පැමිණ ඇය පරික්ෂා කර බලයි
“දැන් කවද්ද අතවර කරේ ඔය දරුවට..“
“මාස දෙකකට කලින් ඩොක්ට.. “
“වෙන්න බෑ.. මේ ඊයෙ පෙරේදත් අතවර කරලා තියනවා කවුරු හරි..“
“අනේ නෑ ඩොක්ට.. එහෙම වෙන්න බෑ..“
“ඒ කොල්ලා දැක්කම අදුර ගන්න පුලුවන්ද...“
“අනේ බෑ ඩොක්ට.. මං ජීවිතේට ඇත්තට දැකලා නෑ.. පොටෝ එකක් විතරයි දැකලා තියෙන්නේ..“
“හැහ්.. එතකොට කොහොමද අතවර උනේ..“
“ස්කයිප් එකෙන් මට එයා එහෙම කරේ... ඇය නැවතත් මහ හඩින් හඩයි...“
දරුවා මට බොරු කරන්න බෑ.. දැක්ක ගමන් කියත හැකි ඔයාව සැහෙන්න අතවරයට ලක් කරලා කියලා.. ඔයාට එයා තර්ජනය කරනවා ඇති.. ඒක තමා ඔය
මෙය ඇසුන රෝහල් සේවක පිරිස.. බිම පස් උලා කමින්.. තණකොල හපමින්.. එය කල තැනැත්තාට සාප කරයි..
වෛද්‍යවරයා තරුණ ගැහැණු ළමයාව රෝහලේ 4 වාට්ටුවේ නේවාසිකව නතර කර තවත් පරීක්ෂන සදහා නියම කරයි.. ඒ අතර
“කෝ මේ පොලෝසිය.. “ වෛද්‍යවරයා කාන්තා නිළධාරිනියක කැදවයි
“මේ දරුවව සැහෙන්න සැරයක් අතවර කරලා තියනවා.. මෙයාට දැන් තර්ජන ඇති.. ඒ නිසා මෙයා කියනවා එහෙම කරේ නෑ එක පාරයි කියලා.. මෙයාට විශේෂ පොලිස් ආරක්ෂාවක් දෙන්න..“
“හොදයි ඩොක්ට.. ඒත් ඡන්දෙ නිසා අපිට බටයො අඩුයි..“
මෙය ඇසුන සුළු සේවකයින් අතිකාල වැටුප් එපා කියමින්.. ඇයගේ ආරක්ෂාවට ඇද වටා රැකවල් යොදයි..
මහ රෑ දොලහට ආසන්නය.. ඇය තාමන් අවදියෙන්.. මුර බටයින් නිදි කිරා වැටෙමින්...
ඇයගේ දුරකථනයට ඇමතුමක් පැමිණෙයි
“රෝස මල.. ඔයා කෝ.. මං ඔයාගෙ ගෙදර ආවා.. ඇයි ජනේල ඇරලා නැත්තේ..“
“අනේ.. මං මාමලගෙ ගෙදර ආවා.. අද එන්න වෙන්නෑ..“
“ඔයා මාරයිනේ.. මං මේ ඔයාව බලන්න ආවා.. ගේ ඉස්සරහා ඉන්නේ..“
“ඔයා දැන් ගෙදර යන්න පැටියෝ.. මං හෙට ගෙදර එනවා.. හෙට මං ජනේල ඇරලා තියන්නං.. ඔයා ආසම අර දුහුල් නයිට් ගවුමත් මං ඇදං ඉන්නංකෝ...“ ඇය රහසින් කොදුරයි.. අවසානයේදි.. ඇය උණුසුම් හාදුවක් දුරකතනය හරහා ඔහු වෙත යවයි..
“හා.. මං දැන් යන්නං.. හෙට ලොකු ජනේල ඇරලා තියන්න රෝස මල.. පොඩි ජනේලෙන් එන්න අමාරුයි.. එදත් මගෙ කලිසම ඉරුණා..“
“හා.. දැන් ඔයා යන්නකෝ... ලවු යූ පැට්ටෝ.......“
සුළු සේවකයින් තවමත් නිදි ලොවය.. ඇය තවමත් අවදියෙන්ය..
කථාව
..............නිමි...............
Saturday, August 4, 2012
මගේ මලගම දවසකට
මගේ මල ගම දවසකටඇවිත් යන්න එන්න
මගේ මිනිය දෙස බලාගෙන
මං ගැන ඔබේ හිතෙ ඇති හිරවී ගිය
සියලු දේ පවසන්න
මා අසා සිටින්නෙමි
ඔබේ හිත නිවෙන තෙක්
මගේ මල ගම දවසේ
එපා මිනියට කර ගසන්නට
හිතේ බර නැතිව යන තෙක්
මගේ මිනියට ඔබ බනිනු මැන
සමන් මල් පියලි බැද
නුඹ රන් තොරන් බදිනු ඇත
එපා මගෙ නමින් වෙහෙසෙන්න
ගල් බෝතෙලෙන් සිනාසුන මැන
පාවඩ මතින් පියළි බැද
විල්වුද සයන එපා මට
පිදුරු යහනකින් බැද
ලෑලි මට උවමනා නැත
නුඹ ඇවිත් යන්නට එන්න
මට බැනපු නැති වදනින් දොඩා යන්න
මා අසා සිටිනු ඇත
අද මෙන්ම මා මිය ගිය දිනට..........
Subscribe to:
Posts (Atom)


