පායන රන් තරු සඳු අතරත්
පාවෙන විසිරෙන වළාකුලෙත්
නුඹ සුසුමින් සැදි මදු බඳුනෙත්
සොයනෙමි ආලය මම තවමත්
දෑගිලි පටලා පිය මං කරලා
නෙතු මත නෙක පැතුමන් පුරලා
ආලය සොයමින් වෙහෙසිලා
ගත සිත තවමත් මුලාවෙලා
නුඹ රුව සිත මත සිතුවමක් වෙලා
ඒ රුව හදවත උමතු කලා
සද තරු රහසෙම මිලින වෙලා
හදවත පමණක් තරුණ වෙලා
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteලස්සන පද පෙළක් .......
ReplyDeleteහදවත පමණක් අවදි වෙලා...
ReplyDeleteහොදයි හොදයි
ReplyDeleteආලය සොයමින් වෙහෙසිලා
ReplyDeleteගත සිත තවමත් මුලාවෙලා
සද තරු රහසෙම මිලින වෙලා
ReplyDeleteහදවත පමණක් තරුණ වෙලා
හ්ම්ම්ම්ම්ම්...ඒ ටික නම් පට්ට......
//ඒ රුව හදවත උමතු කලා // හී හී.. ++++++++
ReplyDeleteහදවත පමණක් තරුණ වෙලා
ReplyDeleteහ්ම්ම්ම්......
සෑම තැනකම හිදී නම් ඇය
ReplyDeleteඇගෙ දෙනෙත-වත-සොදුරු හදවත
තනිකමක් නැත සෙනෙහසට යළි
කදුළු වියලා සිනාසෙනු මැන..
දෑත් පටලා ඇවිද යන තැන
කොතැනදී හෝ වැරදුණිද මග
සදත් මිලිනව තරුත් විසුණුව
අහස වියරුව හඩා වැටුණිද
රුවක් වේ නම් සිතුවමක් ලෙස
මැකී ඇදෙමින් නැවත සිත මත
කොතෙක් කල් ගත වුවත් දින දින
කෙසේ මහලුව යාද ඒ හද..
++++++++++++++++++++
Delete