නුඹ අහිමි බව දැන
නුඹට පෙම් කරන මම
නුඹ අන්සතුය වග
කෙලෙස සිතුනිද මා හට
පුරුදු හැගුමන් මුලාවක
ගමන් ගත් අදුරු උයනක
නේක පැතුමන් තුරුළු කර
අදිමි සිත්තම් පාළු අහසක
සොයමි නුඹ සඳ නැගුනු අහසක
දනිමි නුඹ අන්සතුය හෙට දින
යලිත් නුඹ මා මුණ ගැසෙන විට
කෙලෙස මා නුඹ දෙස බලන්නද...
ආයෙත්
ReplyDeleteහ්ම්ම්ම්....
Deleteලස්සනට අඬලා මෙන්න!
ReplyDeleteදුක තමයි රංජනී...දුකයි කියල මැරෙන්නය..
ReplyDeleteඔන්න අද උඹට පුළුවන් දුක නැති කර ගන්න.......
ම්ම්...........
ReplyDeleteඒක නම් දුකයි තමයී.... :(
හැමදාම වගේ ඔයාගේ කවිය අදත් ලස්සනයී
ජිවිතේ ඔහොම තමයි.
ReplyDeleteහනේ මංදා...
ReplyDeleteජිවිතේ වෙනස් වෙන සුලුයි නේ...හැමදාම ඔහොම වෙන එකක් නැ...
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ජීවිතය වෙනස් කළ හැකිය.. වෙන කෙනෙක්ට තමන්ගෙ ජීවිතේ නරක විදියට වෙනස් කරන්න පුළුවන් කියන්නෙ තමන්ට ශක්තිමත් හෘද සාක්ෂියක් නෑ කියන එක..
ReplyDeletelassana pada pelak................ ochhcra lassanata apita liyanna bahane
ReplyDeleteදරා ගන්නම බැරි වෙලාවක
ReplyDeleteදෑස් දිය වී වැටෙන බව දැන
මිසෙක යළි මල් පෙති සිඹින්නට
එපා සමනල මල් දනව්වක
ජීවිතේ කවියක්ය ඉදහිට
දරන්නට බැරි රිදුම් ගෙන දෙන
යළිත් ඊළග නිමේෂය තුළ
සතුටු හසරැල්ලකින් පිබිදෙන
දෑස් වසමින් කදුළු කළුවර
නැගෙනු වලකනු හැකිද කෙලෙසක
සීත මල් පෙති පිපි ඉසව්වක
යළිත් නෙතු හැර සිනාසෙනු මිස
කාලෙකින් කවියට කවියකින් උත්තරයක්.. ආසයි. මෙහෙම අතීතයක් ඉස්සර තිබ්බා.. ඒ මතකය අලුත් කරාට ස්තූතියි......
Deleteදරා ගන්න නොහැකි නම්
ලං වෙන්න කෙලෙස නුඹ දුරින් හිද
නෙතු මතු නුඹ හිදී නම්
දුරින් ඉන්නට කවි කිමද අද තව....
යලිත් නුඹ මා මුණ ගැසෙන විට
ReplyDeleteකෙලෙස මා නුඹ දෙස බලන්නද...
පුරුදු හැගුමන් මුලාවක
ලස්සනම පද ටිකක්.හැඟුම්බර,දුක්බර පද වැලක්
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
සොයමි නුඹ සඳ නැගුනු අහසක
ReplyDeleteදනිමි නුඹ අන්සතුය හෙට දින
යලිත් නුඹ මා මුණ ගැසෙන විට
කෙලෙස මා නුඹ දෙස බලන්නද...
මම මොහොතක් නැවතුනා මේ පද හතරත් එක්ක
ඇත්තටම මේ ඔයාගේ හිතද නැතිනම් කළුවර හීනයේ හිතට එබිලා බලලා ලියුවාද
හරිම අපුරුයි හුඟක් රසවින්දා
අනේ මං කළුවරට බයයි.. ඒ නිසා කළුවර හීනෙට එබුනෙ නන් නෑ හොදේ.. :-D
Deleteඅනිවාරේන්ම ...ගොඩක්දුකයි.හිතුනා.....
Delete