Tuesday, April 6, 2010

මිහිදුම් වළාවේ


සීතල හිම කදු මුදුන් අතරේ
පාව යන මිහිදුම් වළාවේ
කොහේ සිටදෝ පාව එන්නේ
උදෙන්ම ඇවිදින් දහවල යන්නේ

හිරුට බයේ දෝ නුඹ හැංගෙන්නේ
ලොවට බයේ දෝ නුඹ පැන යන්නේ

ලෝකෙම සුන්දර ඉන් නැති වෙන්නේ
නැවතත් එනකන් මග බලමින් ඉන්නේ

මල් මත පිණි දිය නහවා යන්නට
ගත වට සීතල පැන් ඉස යන්නට
ග්‍රීශ්මයේ රැස් නැති කරලන්නට
ඇවිදින් එතියන් නැවතත් කදු වට

8 comments:

  1. wow...........

    හරිම ලස්සන පද ටිකක් පසන්

    ReplyDelete
  2. ලස්සන පද පෙලක්.... පින්තූර ටිකත් හරිම ලස්සනයි....

    ReplyDelete
  3. දිල්/

    "wow"... ඒ අකුරු ටික තමයි ඔයා දාලා තියන ලස්සනම comment එක. ගොඩක් ස්තූතියි දිල්.

    ReplyDelete
  4. විශ්මි /

    ගොඩක් ස්තූතියි විෂ්මි කල අගය කිරීමට

    ReplyDelete
  5. ලස්සනයි පද ටික බැදලා.. සොඳුරු ආරධනයක්

    ReplyDelete
  6. රවා/

    ගොඩක් ස්තූතියි රවා දැක්වූ අදහසට

    ReplyDelete
  7. හරිම ලස්සනයි.....!!

    ReplyDelete
  8. punchisamanalee/

    ගොඩාක් ස්තුතියි පුංචි සමනලියේ.........

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...