Thursday, April 8, 2010

අමිල වූ ප්‍රේමය

අමිල වූ ප්‍රේමය
තොග පිටින් ගෙන
ලන්සු තබමින්
වෙන්දේසියේ දමා ඇත
ඈවරයි........ දෑවරයි.........
එකෙකු උගුර ලේ රහ වන තුරු
ආලයේ හිගමන් යදිද්දී
විකුණනුම් කරුවන්
ජීවිතය අමතක කර
තම පයට පෑගෙන අසරණ
ආලයේ හිගමන් යදින්නන්
තවත් පාගා දමමින්
වැගිරෙන ලෙයින් තෙත්වූ පිළි දවටා
නින්දිත ලෙසින් සුවයක් විදිති

7 comments:

  1. ගොඩාක් දුරකට ඇදගෙන යන කවියක්.. මෙක තමයි ඉතින් ආර්ථික විද්‍යාව ... මොනාද අතට අහුවෙන්නෙ එක මාර්කට් කරනවා.. ඔනැම කෙනෙක්..

    ReplyDelete
  2. ඒක ඇත්ත රවා.. අපිත් කරන්නනෙ ඕකම තමා. පුලුවන් දේ විකුනල බැරිදේ ගැන දුක් වෙනව.. ගොඩක් ස්තූතියි දැක්වු අදහසට

    ReplyDelete
  3. මම එකග නැති දෙයක්....
    ආදරේට ලන්සු තියන්නේ මෝඩයෝ

    ReplyDelete
  4. දිල් මාත් එකඟයි... ආදරේට ලන්සු තියන්නේ මෝඩයෝ

    ReplyDelete
  5. ආදරේට මිලක් නෑ අයියෙ. ඒක අමිල වස්තුවක්. ඒ බව නොදැන ලන්සු තියන අයත් ඉන්නව. එයාලට ලැබෙන්නෙ ඉතින් එයාල වගේම අය තමා.

    ReplyDelete
  6. දිල් /කරුමක්කාරයා
    ඔයාල හරි ඒත් අවාසනාවකට වගේ අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ ඒ වගේ සමාජයක මාත් ඉන්නෙ ඔයාලගෙ අදහසේම තමයි ඒත් සමාජයේ සිදුවීමක් කිව්වෙ.

    විහඟිගෙ සිතුවිලි
    සම්පූර්ණ ඇත්ත නංගියෝ...

    ගොඩක් ස්තූතියි හැමෝටම......

    ReplyDelete
  7. pasan if u like come to gtalk
    we can do something together
    senewiratna@gmail.com

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...