Sunday, April 18, 2010

ප්‍රථම ප්‍රේමය අමතක කළ නොහැක්කේ ඇයි?????

ප්‍රථම ප්‍රේමය අමතක කළ නොහැක්කේ ඇයි?????

ලොව වසන බහුතරයක් වූ මිනිසුන් පිරිසක් ප්‍රථම ප්‍රේමය අහිමි වීමෙන් පීඩා විදිති. එය එසේ විමට මා දකින කරුණු කිහිපයක් පහතින් සදහන් කරමි..

1. ආදරයතුල අප විදින සෑම අත්දැකීමක් කුලුදුල් වන්නේ ප්‍රථම ප්‍රේමය තුලය.

2. බොළද ආදරය යනුවෙන් හදුන්වන ආශාවල් පමණක් යදින ජීවිතයක මිහිර ඇත්තේ එය තුල පමණක්වීම.

3. වයසින් මුහුකුරා යත්ම ප්‍රථම ප්‍රේමයෙන් ඉටු කරන ලද අශාවල් නැවතත් ඉල්ලා සිටිය නොහැකි නිසා සිත තුල ඇති වන්නා වූ පීඩනය. අප බොළද ප්‍රේමයතුල බොහෝ බොලද වන්නේය. එය වයසින් මුහුකුරා ගිය පසු ලැබෙන ආදරයෙන් ඉල්ලා සිටීම හෝ ලැබීම ලැජ්ජාවට කාරණයක් මෙන් බොහෝදෙනා දකිති. (උදා* ප්‍රථම ප්‍රේමය තුල දුරකථනයෙන් සිප වැළද ගැනීමෙන් පවා අසීමිතව සැනෙසෙන මිනිසුන් වයසින් මුහුකුරා යත්ම එවැනි ආසාවල් හිත තුල පැවතියද අපි දැන් ලොකුයි එහෙම බොළද වැඩ උවමනා නැතැයි යනුවෙන් සිතා හිත හදා ගැනීමට පුරුදුව සිටිමු, නමුදු එයා හිටිය නමි කිස් එකක් දෙනවා යැයි තමාම සිතා ගනිමින් අහේතුක දුකක් අත් විදිති)

4. ලැබූ ප්‍රථම ආදරයේ මිහිර දෙවනි පෙම්වතා හෝ පෙම්වතිය සමග බෙදා ගැනීමට ඇති අකමැත්ත. එනම් දෙවනුව ලබන අදාරය තුල ප්‍රථම ප්‍රේමය පිළිදව කිසිත් කතිකා කර නොගනී. එසේ කතිකා කිරීමෙන් දෙදෙනා විරසක වන්නේ නම් එයින් අදහස් වනුයේ දෙදෙනා අතර මනා අවබෝධයක් නොමැති බවය. එසේ පැවසීමෙන් වෙන කෙනෙක්ගෙ තුරුලෙ හිටපු කෙනෙක් යැයි සිතුවිල්ලක් ඇති ‍වන නිසා එය කීමෙන් වැලකී සිටියහොත්, පසු කලක එය දැන ගත්විට ඇයි මෙචිචර දවස් නොකිය හිටියෙ, තව මොනවද හංගගෙන හිටියෙ යැයි, අසූ තැන් සිට දෙදෙනා අතර තිබෙන්නා වූ විශ්වාසය පලුදු වී යාමට හැක. ‍යමක් වසන් කිරීමෙන් අත් වන්නා වූ කිසිදු යහපත් ඉරණමක් නොමැත.

5 ප්‍රථම ආදරය තුල අප සියල දේ කැප කිරීමට සුදානම් වන්නෙමු නමුදු දෙවනි ආදරයතුල එවැනි කැප කිරීමක් සදහා සිත පෙළඹවිමක් සිදු නොවන අතර ලබා ගැනීම සදහා පමණක් ආසාවක් පවතී

මිනිසුන් ලබන දෙවැනි ආදරයක්තුල සැනසීමට නොහැක්කේ ඇයි??

අප දෙවැනි ආදරයක්තුල ලබන සෑම ‍හැගීමක්ම පලමු ප්‍රේමය හා සැසදීම අප න. අතින් ඇල්ලුවද සිතනුසේ කලින් කෙනා මෙහෙම නෙමේ යැයි සිතුවිල්ල සිතතුල නිතර හොල්මන් කරයි. නමුත් එම සිතුවිල්ල පවසා එම සුවය අත් විදීමට අප මැලිවන්නෙමු. බොහෝවිට ලබන දෙවනි ආදරයක්තුල අප කොපමණ ආදරය ලැබූවත් පෙර ආදරය සමග සැසදීමට යාමෙන් අප ලබන වින්දනය අප විසින්ම නැති කර ගනු ලබන බව මා තරයේ විශ්වාස කරමි.

අප සියල්ලොම මිනිසුන් වෙමු. ආදරය ඉදිරියේ හිගමන්යදින්නො වෙමු. නමුත් අප හිත්තුල ඇතිවන්නා වූ අශාවන් එකිකනකා අතර හුවමාරු කරගැනිමට අප මැලි වෙමු. එම හේතුව අප රටතුල විවාහ දෙ‍දරා යාමට හේතුවන ප්‍රධාන සාධයකි..විශේෂයෙන් කාන්තාවන්ගේ හිත්තුල කොපමණ ආශාවල් පැවතියද මොකක්දෝ සොයාගත නොහැකි හේතුවක් නිසාවෙන් එවන් වූ සිතුවිලි සිත තුල සිරකරගෙන පිඩාවන් විදිති.

මාගේ මතයනම් දෙදෙනෙකු ආදරය නම් දෙදෙනා අතර කිසිදු රහසක් පැවතිය නොහැක. අශාවන් අදහස් වැනි සියලුම සිතුවිලි දෙදෙනා අතර හුවමාරුවිය යුතුය. ප්‍රථම ප්‍රේමයේ මිහිර දෙදෙනාම පැවසිය යුතුය. මක්නිසාද යත් අපතුල අනුන්ගේ සිත් දැකීමේ නුවණක් නොපවතින බැවිනි. එකිනෙකා කොපමණ ආදරයකින් හෝ බැදීමකින් පසු වුවද දෙදෙනාට සිත් කියවීම කිසිසේත් සිදුකළ නොහැක. ප්‍රථම ප්‍රේමයතුල ලැබූ සතුට සහ හැගීම් අභිබවා ලබන්නා වූ ආදරයක් හා රැකවරණයක්තුල ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් දුක් වීමට කාළයක් හෝ ඉඩක් ඉතුරුවන්නේ නැත

වෙනත් මත ඇතොත් ඉතාමත් අගය කරමි.

18 comments:

  1. ප්‍රතම ප්‍රේමය ඕනෑම කෙනෙකුගෙ ජිවිතයෙ ප්‍රිථිමත්ම කලපරිඡ්ඡේදය හෙටියටයි මම නම් දකින්නේ. බොහෝ විත හැන්ගි හැන්ගි කරන ප්‍රේමයකි. එහි eති සුන්දරත්වය කියa නිම කරන්න පුලුවන් කමක් නෙහෙ. ප්‍රතම ප්‍රෙමය බොහොවිත ලින්ගික අෂyathaawanta එහa ගිය සෙබෙ මානුෂීය හෙගිමකි. ප්‍රතම ප්‍රේමයෙ සුන්දරත්වය මෙරෙන තුරුම හිත් තුල හොල්මන් කරවි..

    ReplyDelete
  2. ඔව්...ගීත් කිව්ව වගේ ප්‍රථම ප්‍රේමය කෙනෙක්ගේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාලය වෙන්නේ බොහොමත්ම කලාතුරකින්. හැබැයි ප්‍රථම ප්‍රේමය කියන්නේ නැවුම් සිතිවිල්ලක් නිසා කාලයක් යනකම් හිත ඇතුලෙ තියෙන දෙයක්....

    හුගාක් දෙනෙක්ගෙ ප්‍රථම ප්‍රේමය ටික කලකින්ම බිඳිලා යනවා.ආදරය කරන්නත් අත්දැකීම ඕනෙ කියනවා වගේ කිසිම අවබෝධයක් නැතිව බිඳිලා යන්න පුළුවන්...

    ආදරය තුල අවබෝධය හරිම වදගත්..හරි අවබෝධයෙන් ආදරය කලොත් ආදරය හුගාක් සාර්ථක කරගන්න පුළුවන්...

    පසන් කිව්වා වගේ ආදරය තුල එකිනෙකාගේ හැගීම කතාකල යුතුයි කියන එක මමත් හිතන දෙයක්. දෙන්නෙක්ක්ගෙ සිතුම් පැතුම් තේරුම් ගැනීමට ඉන් මග පෑදෙනවා

    ReplyDelete
  3. bohowita prathama premayata wedi ayushak netha..namuth e ethi una aala hegum wirahawa wedanawa. jiwitha kalayatama sundara athdekiimak.. bohowita kawiyan bihiwanne mema wirahawath ekkai. winda aadaraya wageema e wiraha dukath harima sundara athdekimak. bohomayak hithata kaa wadina sundara geetha hema ekakma paahe wirahawa paadka una nirmaana...MOKADA KIYANNE ?

    ReplyDelete
  4. ප්‍රථම ප්‍රේමය අමතක කළ නොහැක්කේ ඇයි?
    මිනිසාට තමන්ගෙ ජීවිතේ පළමු වරට ලබපු අත්දැකීම් අමතක කරන්න අමාරුයි. ඒ වුනාට ඒ පළමු අත්දැකීම ම ජීවිතය කරගත් අය ඉන්නෙ බොහොම සුලු ප්‍රමාණයක්. මොකද අපිට සාමාන්‍යයෙන් එකවරම හොඳ තීරණයක් ගන්න අමාරු නිසාත්, පළමු අත්දැකීම ම කියලා නොගැලපෙන දෙන්නෙක් එකතුවෙලා දෙන්නාගෙම ජීවිත+අනාගතය විනාශ නොකරගතයුතු නිසාත්...

    ReplyDelete
  5. wow...මම නොහිතපු දේවල් කියල දුන්නට ඔයාල හැමෝටම පින්
    ගීත්/
    මචන් උඹ කියල තිබ්බ ‍දේවල් සම්පුර්ණ ඇත්ත ඒත් ප්‍රථම ප්‍රේමය ඇති වෙන්නෙ විරුද්ධ ලිංගික ආකර්ෂනය නිසා තමයි ඒක තමයි ඒ ආදරයේ ආරම්භය එතන පිරිසිදු ආදරයක් ඇති වෙන්නෙ දෙන්නා අතර හොද අවබෝධයක් ආවට පස්සෙ විතරයි

    දිල්/
    ඔබතුමීගෙ අදහස් පළ කිරීම ඉතා ඉහලින් අගය කරමි ඔයා කියපු දේ ඇත්ත ආදරය කරන්න අත්දැකීම් ඕනි

    මිත්‍රයා/
    ගොඩක් ස්තූතියි දැක්වූ අදහසට

    ReplyDelete
  6. ඔවු ලින්ගික ආකර්ෂනය නිසා තමයි. නමුත් ප්‍රතම ප්‍රේමය තුල ඉස්මතු වන්නේ සැබැ ආදරයයි. සැබෑ මානුෂීය විරුද්ධ ලින්ගික සෙනෙහසයි. නමුත් ප්‍රතම ප්‍රෙමයෙන් පස්සේ 2 වෙනි 3 වෙනි වගෙ අදරයන් තුල එය ආදරයකට එහ ගිය දෙයක් නැතිනම් අශාවන් පාදක කරගත් අදරයක් හැටියටයි මම මම දකින්නෙ. නමුත් අපගෙ උඩු සිත ලින්ගික අශාවන් පසු පස්සේ ලුහුබැදියට අපගේ යටි සිත ඉල්ලන්නෙ සැබැ සෙනෙහසයි. ඒ නිසා ප්‍රතම ප්‍රේමය කවදවත් අමතක කරන්න බැරි බවයි මගෙ අදහස. MOKADA KIYANNE ?

    ReplyDelete
  7. ම්ම්...හොඳ ලිපියක් මචන්...!

    ReplyDelete
  8. පසන්.. මමත් ගොඩාක් වෙලාවට උත්සහා කරන මෙවගෙ දෙවල් ගැන කල්පනා කරන්න.. කරලා. පොයින්ට් ෆොර්ම් එකෙන් මෙ වා ගැන හොයන්න අධ්‍යනය කරන්න. නමුත් කරන්න අමාරු වැඩක්.. ආදරය , හැගීම් සම්භන්දව නම් කරන්න ගොඩාක් අමාරුයි..විරුද්ද ලිංගික ආකර්ෂනය, ලොකයෙ පවතින දෙයක්.. ප්‍රථම , දෙවන කියලා නැහැ.. එනෙක් ගෙන් මට ලැබුන දෙයක් මට අමතක වෙන්නෙ නැහැ කවදාවත්.. හොද ලිපියක් පසන්.. මෙ දිගෙ ගියොත් වෙදනාව විතරක් හදවතට ඉතුරු වෙනවා.. ඔය ඉන්න ටිකෙ පුළු පුළුවන් විදියට හදවත් වල තියන ආදරෙ, වෙදනවා, දුක, සතුට වෛරය බෙදා හදගෙන ඉමු එකයි.. මෙව්වා ගැන කතා කරන හොදයි.. එත් අපිට මෙ ඔස්සෙ ගියත් වෙදනාව විතරයි ඉතුරු වෙන්නෙ.. සතුටක් තියනවා නම් .. එක රදවාගත් මොහොතක් විතරයි..

    ReplyDelete
  9. ගීත්/
    2වනි 3වෙනි ආදරයක්අශාවන් මුල් කරගෙන ඇති වෙන්නෙ නැහැ අත්දැකීම් එක්ක අපි 2වනි ආදරය ගැන ගොඩක් දේවල් ‍හොයනව
    ඒත් 1වනි ආදරය ඇති වෙන්නෙ ආශාවන් පමණක් මුල් කරගෙන ඒක පස්සෙ ආදරයක් වෙනව එහෙම පස්සෙ ඇතිවන ආදරයතුල අපි ලිංගක ආකර්ශනයතුල නෙමේ ඉන්නෙ එතන තියෙන්නෙ පිරිසිදු ආදරයක් එතනදි ඔයා කියන දේ හරි ඒත් ප්‍රථම ප්‍රේමයේ ආරම්භය ලිංගික ආකර්ශනය කියලයි මම කිව්වෙ
    2වනි 3වනි ආදරයතුල අපි ආකර්ෂනයට වඩා ගොඩක් දේවල් හිතනව නිකන් දැකල හිත ගිය පළියට අහන්නැනැනෙ අපි ඒකයි මම කිව්වේ

    ReplyDelete
  10. Chinthana Jayaweera /
    ගොඩක් ස්තූතියි මචං අගය කිරීමට

    රවා/
    සතුටුයි මේවගේ දේවල් හිතන එකට. ඒවා මෙහෙම කථා කරමු. ඒකෙන් කාට හරි හොදක් වෙයි කියලයි මම මේවා දාන්නෙ. උඹත් දාපන් මචං අපි දැනුම බෙදා ගමු.
    දුක සතුට විතරක් නෙමේ දැනුමත් අපි බෙදා ගමු ඔයාල වගේ අය මට මෙහෙම හරි අදුන ගන්න ලැබුන එකට සතුටුයි.

    ReplyDelete
  11. nipuni shanika pereraApril 19, 2010 at 9:55 PM

    හිත් අහසට එලිය ගෙනා හිරැ මලට
    වෙලි පැටලෙන්න ආසයි බැස ගියද
    තවත් ලොවකට පාව යන්නට
    ඈරයුමි කරන අලුත් සදේ
    තිබුනත් ආවාට
    එලිය කරන
    සද කිරණින්
    හද නිවන
    සද සිසිලෙන්
    අරැත සොයමින් සැරිසන්න
    ජිවිතය සුන්දරයි හැමදාම.....

    ReplyDelete
  12. නිපූ/
    සිංහල පුරුදුයිනෙ.... දැන්.. හොදයි.. හොදයි..

    සුන්දර ජීවිතේ හැමදාම
    දෝතින්ම බදාගෙන
    දකින සිහිනේ පෙර සේම
    ලස්සන වේද හැමදාම

    ReplyDelete
  13. nipuni shanika pereraApril 20, 2010 at 2:26 PM

    විදුනු ජිවිතය සංතෝශයෙන්
    විදවනු එපා කිසිවිටක
    කදුලැල් පිසදා හිනැහි හැකිනමි
    සුසර කරවන්න හදවත්
    එකම සංඛා්‍යාතයකට
    අවදි කරවන්නට හැකිය
    අයාලේ ගිය ජිවිතය..

    ReplyDelete
  14. නිපූ/
    අනේ මන්ද.!! දැන් නන් බයත් හිතෙනව....

    ReplyDelete
  15. මම පටන් ගත්තු තැනම.........
    මගේ හිත නවත්තපු.....
    තාමත් මගේ හිත ගොඩාක් රිද්දන...
    මගේ ප්‍රථම ​ප්‍රේමය.............

    ReplyDelete
  16. ටිකිරි/
    කවුද ඒ මම දන්න කෙනෙක් ද???

    ReplyDelete
  17. ස්වීට්June 19, 2014 at 11:36 AM

    කවුරු කොහොම කිව්වත් මං කැමතියි ප්‍රථම ආදරේ අමතක කරලා යථාර්තයට මුණ දීලා ඇත්තත් එක්ක ජිවත් වෙනවනම් නොලැබෙන දේවල් මතක් කර කර ඉන්න එකෙන් වෙන්නේ අපිට ලැබෙන්න තියන ගොඩාක් වටිනා දෙවල් අහිමි කර ගන්නවා කියන එක නේද? ප්‍රථම ආදරේ කියන්නේ මුළු ජීවිතේම නෙමෙයි.අපි එක තේරුම් ගන්න ඕන!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...