Monday, April 19, 2010

පියඹුවේ ඇයි මෙලෙස රහසින්

සුරගනක සේ නුඹ
දැනෙන්නට විය
මගේ ළග නුඹ
සැතෙපෙනා විට


බිද දමා බැදි යදම්
මහා විරුවෙකු ලෙසින්
සොයා නූඹ වෙත
හැල්මෙ අවෙමි
තුරුලු වන්නට නුඹ ලගින්

සලා නුඹෙ දිදුලනා තටුවෙන්
සනසවා එහි නැගුනු පවනින්
නොපවසා නුඹ රකුසියකු විලසින්
සැනසුවා මා සුරගනක සෙනෙහසින්

නුඹේ සුන්දර මුහුන දුටු විට
සැක කලේ නැත රකුසියක විලසට
හැර දමා නුඹ ගියත් මෙලෙසට
සුරගනකි නුඹ තවම දිවියට

හැර දමා ප්‍රේමයේ සලුපිළි
පෙන්නලා රකුසියක හැගුමන්
තටුසලා නුඹ රුදුරු විලසින්
පියඹුවේ ඇයි මෙලෙස රහසින්


12 comments:

  1. විරහව කියන්නෙත් ආදරනීය ජිවිතයක සැබෑම සුන්දර වේදනාවක්.

    ReplyDelete
  2. ඒක ඇත්ත ගීත් ඒ අත්දැකීම හරිම සුන්දරයි.......

    ReplyDelete
  3. සුරගනක සේ ලගට ලං වු
    නමුදු සෙනෙහස පාලා
    දුරට දුරටම ගියේ මම නම්
    හීන කන්දක් දීලා (pabalu)

    ReplyDelete
  4. (pabalu)‍/

    හීන කන්දක්ම දීලා
    හීන කන්දේම මාව බැදලා
    තැනූ ලොකයේ මරා දමලා
    ගියේ ඇයි නුඹ දුකම දීලා

    ReplyDelete
  5. nipuni shanika pereraApril 19, 2010 at 9:13 PM

    හිත තුල පාවෙන
    හැගමි එක් කර
    තනා එක් ඔරැවක්
    පැද යා හැකි නම්
    ඈත අනන්තය වෙත
    බිදි ගිය අප සිත්
    අමුණා හැගමින් එක් සිතක...
    පියාපත් සිද දමා පොලවට
    දෑස අලවා තාරකාවක
    හැකිද තුරුලු වන්නට
    ආයෙමත්..

    ReplyDelete
  6. නිපූ/

    සිද දමා ගිය මගෙ අහිංසක සිත
    නැවත ‍දෙන්නට නුඹ පැමිණි විට
    හදා ගත හැක තුරුලු වන්නට
    යලි නොයන බව දිවුරන්න මා හට

    ReplyDelete
  7. nipuni shanika pereraApril 20, 2010 at 1:03 PM

    රැය​ට පෙමි කර නැත එලියක් දුටුවෙ කිසිදාක
    ජිවිතයම පහන් කල පුරහද ඔබමයි හැමදාම
    මියෙන තරා හිස තියාන උණුහුමට තරැල් වෙන්න
    ලෙංගත සිතින් මට ලංවු
    කිසිවෙක නැත නුඔ සේම..

    ReplyDelete
  8. නිපූ/
    හ්ම්ම් අනේ මන්ද. ලස්සනයි.. ගොඩක්..

    ReplyDelete
  9. සුරගන නුඹ සදක් සේ බැස ගියද...
    නුඹෙන් එකළු වු ජිවිතය.....
    පොදින් පොද අවකාශයට නික්මෙන්නා වු පන නලට....
    කළ එලියක්මයැ විය.

    ReplyDelete
  10. ටිකිරී/
    මරු ආ නියමයි කියල වැඩක් නෑ....

    ReplyDelete
  11. nipuni shanika pereraApril 24, 2010 at 10:16 AM

    නොහැක මට තරැවක්ව ඉන්නට..
    නොහැක මට සිසිලස පුදන්නට..
    කදුල වන්නට කුමට
    මා ඔබ ලග රැදෙන්නද...

    ReplyDelete
  12. වරෙක සුරඟනකි ඔබ ලඟ සැතපෙන්න
    වරෙක් රකුසෙකි ඔබ හැර දා යන්න
    ආලය කිමෙක්දැයි මට යලි පවසන්න
    විරහව නොමැති කල සුන්දර නැද්ද එය

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...