Tuesday, April 20, 2010

මෙහෙම ගියොත් පිස්සු හැදෙනව!!

අනේ මන්ද පිළිවෙලක් වෙන්නලු
ඇයි මම අපිළිවෙලද??
මට හැදෙන්නලු
ඇයි මම නරක් වෙලාද???
අනාගතය ගැන හිතන්නලු
ඇයි වර්ථමානය හොද නැද්ද??
දුකෙන් ඉන්න එපාලු
මගේ හිනාව පේන්නැතිවද???
ඔනිවට වඩා හිනා වෙන්න එපාලු
ඇයි වදේ කොහොමද ඉන්න කියන්නෙ??
කවි ලියන්න එපාලු
ඇයි කවි ලියන අය සතුටෙන් නෙමේද??
රැවුල වවන්න එපාලු
රාජසිංහ රජ්ජුරුවන්ට හොද නන් මට නරකද??
කොන්ඩෙ කපන්නලු
අවුරුදු කන්න ගිය බාබර් ඇවිත් නැත්තන් මම මොකද කරන්නෙ????
සුරාව හොද නැහැලු
එහෙනන් මගුලටද ඒව හදන්නෙ??
රෑ වෙන්න කලින් ගෙදර යන්නලු
ඇයි මම දරුවො නළවන්නද??
කෙල්ලන්ට රැවටෙනවලු
මම විතරද රැවටෙන්නෙ??
මෝඩයිලු
ඒ මොකද ඒ ???

එයාව අමතක කරන්නලු
ඊට පස්සෙ??????
මේවට උත්තර කෝ........
මෙහෙම ගියොත් පිස්සු හැදෙනව



14 comments:

  1. අම්මප මචන් පට්ට කතාව. සිරා ස්ටොරිය. උබට පිස්සු නොහෙදුනොත් මෙන්න මගේ කන. කාපන් කන ටයියා වගේ.

    ReplyDelete
  2. ඔවු උඹ පිස්සු හදා ගනින්. ඕකට උත්තර දෙනවට වැඩිය ඒක ලේසියි.

    ReplyDelete
  3. ගීත්/
    එක එක්නොට එක එක ප්‍රශ්න අනේ මන්ද.... මෙහෙමත් ලෝකයක්

    Thejan/
    අනේ ඉතින් උඹල වගේ යාලුවො ඉද්දි අපිට පිස්සු හැදිල නැවතුනොත් ඇති අනේ හැබැටම මෙහෙමත් යාලුවො....

    ReplyDelete
  4. nipuni shanika pereraApril 20, 2010 at 5:01 PM

    මෙහෙම ගියොත් පිස්සු හැදෙනවා තමා..

    ReplyDelete
  5. පිස්සු හැදෙන්නෙ කලින් දන්වලා ද?

    ReplyDelete
  6. නිපු/
    කවුද මේවට වගකියන්න ඕනි :D :D

    මිත්‍රයා/
    දැන් ලෝකෙ වෙනන දේවල් වල හැටියට කළින් දැනෙනව මොකද වෙන්නෙ කියල... හික්.... හික් ....

    ReplyDelete
  7. පසනා මම මෙක ගන්නවා මගෙ වැඩකට තරහා වෙන්න එපා මචන්... මෙක තමයි මම හොය හොය හිටියෙ...හා හාහ්... හා...පිස්සු කෙලිනවා උඹත් දාගෙන.. උන් එක්ක මුකුත් කරන්න බැහැ.. අපිට කරගන්න දෙන්නෙත් නැහැ.. උන් කරන්නෙත් නැහැ.. මුලු ලොකෙම උන්ගෙ කර උඩ තියාගෙන ඇවිදිනවා වගෙ...

    ReplyDelete
  8. සහෝට දැනටමත් පිස්සු හැදිලද කොහෙද ..... :D

    ReplyDelete
  9. හැබෑටම දැනටම පිස්සු වගේද මන්දා ඔය තියෙන ප්‍රශ්න ගොඩේ හැටියට!!!!!!

    ReplyDelete
  10. මොකෑ මුට වෙලා තියෙන්නේ‍ ............

    ReplyDelete
  11. රවා /
    කාලෙකට පස්සෙ මගෙ නම ඔය විදිහට ඇහැව්වෙ ඉස්කෝලෙදි නන් ඔකම තමා ඇහුනෙ මොනව උනත් උඹ කියපු එක ඇත්ත මුන් එක්ක මුකුත් කරන්න බැහැ අපි මොනව කරත් වැරදි ගනින් ගනින් ඔනි දෙයක් ගනින් කොපි රයිට්ස් ද මොනවද ඒව මම ලග නෑ ඕං

    විශ්මි/

    ඔව් විශ්මි බැනුම් අහලම පිස්සු හැදිල ඉන්නෙ හික්... හික්... හික්...

    ReplyDelete
  12. punchisamanalee/
    අනේ සමනළියෙ බලන්නකො මම කරන කිසි වැඩක හොදක් අහන්න නෑනෙ මේ පෝස්ට් එක දැම්ම කියලත් මැට්ටා කියන හැමදා පුරුදු වචනෙ අහගත්ත ඉතින් පිස්සු හැදෙන්නැතුව තියේද?? :(

    වැප්/

    මම මූගෙ පිස්සු වැඩිවෙලා හික්... හික්....

    පිස්සව බලන්න ආපු හැමෝටම පිං හොදේ.....

    ReplyDelete
  13. මිනිස්සු අතින් වෙන ​​ගොඩක් දේවල් හරි චැරදි කියලා බෙදාගෙන
    තියෙන්නේ මිනිස්සුමයි...ඒ ඈයි දන්නවද....
    අපි හැමෝම අතින් මුලින්ම වෙන්නේ වැරදීමක්....
    වැරදුනාම තමයි අපි හරි දේ දැනගන්නේ.......
    ඒ ටික තේරැමි ගත්තනම් පසන් ඔයා මේ ව​ගේ ඈයි.....
    කියලා අහන එකක් නැ..........

    ReplyDelete
  14. ඔන්න ඔන්න මට බනින ටිකිරි නගා මෙහෙටත් ඇව්ත් දාපු පළවෙනි එකම දැක්කනෙ හරි හරි නගේ මම ඉතින් ඔයා කියන දේ කොහොමත් අහනවනෙ ඔයා දිනුන්... :D :D

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...