Tuesday, April 27, 2010

දුක හිතෙන ඇත්ත කථාවක්

ඔන්න ඉතින් පසන් බබා පුරුදු පරිදි ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන උදේ පාන්දරම පාරට පැනපු කුකුලෙකුත් කිහිල්ලෙ ගහගෙන බස් එකට නැග්ගයි කියමුකො ඉතින් පොඩ්ඩක් වටපිට බලල හොද සීට් එකක් උඩට පතබෑවිල වටේට ඇන්ටනාව දාන් ඉන්න කොට ලස්සන කෙලි පැටියෙක්කියකුත් ගොඩ උනා මේ බස් එකට පැටික්කියෙක් කිව්වට රස්සාවකට යන කෙනෙක් හොදේ ඉතින් ඔය ළමය බස් එකට නැග්ගට පස්සෙ අපේ රියදුරු මාමා ක්ලච් එක දුන්න විතරයි අර කෙලි පොඩ්ඩ දඩෝං ගාලා ගිහින් පිටි පස්සෙ තියන වීදුරුවෙ හොම්බ ඇන ගත්තෙ නැතෑ ඒ සද්දෙ මොකක්ද කියල බලන්න බේරේක් පාරක් ගැහැව්ව විතරයි ආයෙත් ඒ කෙල්ල උඩින් විසිවෙලා ගිහින් ඩ්‍රයිවර් මාමගෙ ඔඩොක්කුවෙ

මගේ පපුව වාවන්නැතුව ගියා මොනව උනත් ඇහට කනට පේන කෙල්ලනෙ මාත් ඉතින් ආබාදිත කෙල්ලෙක් කියල හිතාගෙන සීට් එක දෙන්න කියල හිතාගෙන දත් 32කම එළියට දාගෙන ‍කෙලි පොඩ්ඩ පැත්තට ඇහැ කැරකෙව්වා
මේන් වැඩක් දැන්නෙ සීන් එක දැක්කෙ ඒ කෙල්ල නිකං අපේ අම්ම පොලේ ගිහින් එනව වගේ ඇග වටේටම වෙසක් කූඩුවෙ රැල් එල්ලල වගේ තිබ්බ බෑග් ගොඩ.? අනේ හත් දෙයියනේ මිනිහෙකුට උස්සන් යන්න පුලුවන් බරක්ද අප්පා....මගේ හිත උණුවෙලා වැක්කෙරෙන් ගත්ත. ඉතින් මොනවයි දන්නවද ඒ බෑග් වල තිබ්බෙ? මටත් නිකන් ඉන්න බෑනෙ අපිට හොරෙන් කොහෙද ඔවා... මාත් ඇහ දාල බැලුව මේන් තිබ්බ දේවල්....

අලි තඩි වතුර බෝතල් 1යි
කෑම දෙකක් දාපු බෑග් 1යි
ලේඛනාරක්ෂක දෙපාරතුමේන්තුවෙන්ද කොහෙද උස්සපු පරණ file ගොඩකුයි
තව ඉංගිරීසි පොත් වගයකුයි
හැන්ඩ් බෑග් එකයි
තව ඒ වගෙම පොඩි බෑග් එකයි
ආහ් ඒ මදිවට phone එකත් කනේ

අනේ සංසාරේ අපේ රටේ කෙල්ලො ඔය තරන් මෝඩද ආ

ඇයි ඔය කෙල්ලට ඔය අඩුම කුඩුම ටික දාගෙන යන්න හෙන ගොඩක් බෑග් ඔනිද වතුර බොතලේ office එකේ දාල එන්න බැරිද? ඇයි officeවල වතුර දෙන්නැද්ද බොන්න. වැඩ ගෙදර අරන් යන්නෙ අහවල් මගුලක් කරන්නද? දාන් ඉන්න කචකචේ අඩු කරානන් ගෙදර ගිහින් කරන්න වැඩ ඉතුරු වෙන්නැහැනෙ. අනේ මට තෙරෙන්නැහැ දෙයියනේ මේ හැදිමිටේ නුවණ කවදා කොසු මිටක් තරන් වෙයිද කියල.......

මේක කෙළිපැටික්කියන් කියවල කොසු මිටවල් අරන් එන්නෙ එහෙම නෑ.... තේරුනයි

ප.ලි.

කවුද මේවට වග කියන්න ඕනි.....

30 comments:

  1. පසන් මහත්තයෝ..යොදාගෙන තියෙන උපහැරනෙ නම් බොහෝම පරණයි. අර විපක්ෂ නායකතුමාගෙන්වත් අලුත් එකක් ඉල්ලගන්න. ඔය හැදි මිටේ කතාව හැමෝම කියන මෝඩ කතාවක්නෙ. ඒක මෙතන දාගෙන අපරාදේ.... ;p

    හැබැයි ඉතින් හැම ගෑණු දරුංවෙක්ම එහෙම්මම නෑනෙ.නේද ? සමහටවිට මේ ගෑණු දරුවා වෙන මොකක් හරි අත්‍යාවශ්‍යාය වැඩකට යනවද කවුද දන්නේ. අනික ඉතින් බ්‍රයිවර් අන්කල් උනත් බ්‍රේක් ගහද්දි ඔයිට වඩා පරිස්සම් වෙන්න ඕනෙනෙ. පිරිමි වගේ හයි හත්තිය ගෑණුදරුවන්ට නෑනෙ...

    තව එකක් දැන් ඉතින් පොරකාලා අනිත් අයවත් තල්ලු කරගෙන ඉස්සරවෙලාම බස්වලට නගින්නෙත් පිරිමි අයනෙ.....අපේ බස් එකටත් එහෙමයි. මම නම් එයාලට ඉඩ දීලා පැත්තකට වෙනවා.මොකද " ගෑනූ ළමයින්ට පාරේ ඉන්න හොඳ නෑනෙ " ;)

    ReplyDelete
  2. මෙන්න මෙන්නෝ..... දිල් පැට්ක්කි මොල් ගහකුත් අරගෙන ඇවිත් මට පතබාන්න අනේ මම පවු මම අසරණයි

    දිල් කෙල්ලෙ ඔය බස් එකේ නන් වැඩිව සෙහග හිටියෙ නැහැ හැබැයි සීට් ගානටවත් හිටියෙ නෑ මගෙ හිතේ

    දැන් එතකොට එකටත් අපි අසරන පිරිමිද වග කියන්න ඕනි

    උපහැරනෙ වෙනස් කරමු එහෙනන් ගෑනුන‍්ගේ නුවණ පොල් ඉරට්ටක් මැන බැලීමෙන් සොයාගත හැක :) :D

    ReplyDelete
  3. නියම කථාව තරු 5යි මල් 7යි. කියලා වැඩක් නැහැ. මම හරි කැමති ෙම් කථා Style එකට. අනික මචං ඔය ඔය කෙල්ලෝ ඉන්නවා නේද? ඉස්සර මිටම තමා තවම තියෙන්නේ ඒක වෙනස් වෙලා නැහැ. කොල්ලන්ට බූට් තියන්න විතරයි නුවන තියෙන්නේ. ( බලමු දැන් ගේම ඉල්ලන්නේ කවුද කියල) ඔය වත්සලා ලා දිල්ලා මගෙත් එක්ක නමක් පටලවාගෙන වලියට බර සප්නලලා එහෙමත් මේ ගොඩේම තමයි හිකිස්...හිකිස්.... හිකිස් ...හිකිස් :D

    ReplyDelete
  4. හා හා... එලම කථාව දිල්... ඉංගිරිසියෙන් කියන්නේ "Ladies First" කියලා. ඒක නිසා එයාලට පළවෙනියට නගින්න ඉඩදෙන එක අපේ යුතුකමක් නේ... හික් හික්... පසන් ළමයගෙ කථාවත් මරු.

    ReplyDelete
  5. pasan ට/

    මම කොහොමත් ඔය ගෑණූ පිරිමි හරි වැරදි කියන විවාද වලට පැටලෙන කෙනෙක් නෙමේ පසන්. මොකද ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම එක වගේ නෑනෙ. කලිනුත් මම කියලා ඇතිනෙ....අවුරුදු 4 1/2 මට ආදරය කරලා දුක කියන දේ උපරිමව මට දීලා එක කොල්ලෙක් ගියා කියලා මම ලෝකෙ ඉන්න හැම කොල්ලම කෙල්ලන්ට බූට් දෙනවා කියලා ඇගිල්ල දික කරන්න ගියෙත් නෑ යන්නෙත් නෑ.මොකද හැම කොල්ලෙක්ම එහෙම නැති නිසා. ඉතින් හැදි මිටක් තරම් දිගක් තියෙන මගෙ මොලේට එහෙම හිතෙන එකේ අච්චරක් මොලේ තියෙනවා කියන ඔයාල කෙල්ලො ඔක්කොම එක ගොඩට දාල කතා කරනවා....

    හිනා යනවා නේද ?

    ReplyDelete
  6. ගීත්/
    නෑනැ තව කෙල්ලන්ට පුලුවන් දේවල් තියනව මචං ඒව ගැනත් පෝස්ට් එකක් දානව තාම කරුණු එකතුකරනව තව හොද හොද දේවල් එළිවෙන ජාමෙට කිව්වලු hik hik hikzzz... :D

    ReplyDelete
  7. හික් හික්. මොලේ තිබ්බට මදිනේද දිල්... පාවිච්චි කරන්නත් ඕනා...හිනාදත් කියලා අහනවා....

    ReplyDelete
  8. දිල්/

    අන්න අන්න වලි බෑ ඔං දන්නවනෙ මම සාමකාමී පොරක් කියල මම ඔවට හරි බයයි ඔවට ඔට්ටු නෑ දැන් ෂේප් හරිද??????? කේන්ති ගන්න එපා කලු වෙයි සුදු කෙල්ල.. හික්.. හික්... හික්.. අනේ වලි බෑ මම කලිනුත් කියලනෙ තියෙන්නෙ..

    ReplyDelete
  9. ඔව් ඉතින් කෙල්ලන්ට ගොඩාක් දෙවල් පුලුවන් තමා... :P

    ReplyDelete
  10. හිපො/
    ඇය අප්පා මෙච්චර දරුණු.... ඔයාල පිරිමියෙකුට වැරද්දක් කියන්නකො. අපි කෙන්ති ගන්නවද බලන්න... ඩිංගිත්තක් ඉවසල ඉන්නකෝ....... මම දාන්නන් ලස්සන පෝස්ට් එකක් ඔයාල ගැන තාම කරුණු එකතු කරනව අදත් පොතක් ගත්ත සූට්ටක් ඉවසන්න පුරුදු වෙන්නකො...

    ReplyDelete
  11. හුරේ....හ් කමෝන දිල් කමෝන් ......අහ් මෙන්න ලුත් නංගියා.....හිපෝ නංගියාත් ඇවිත්.....කමෝන හිපෝ....

    ReplyDelete
  12. ආහ සොරි හිපෝ අක්කියා.....

    මෙන්න කෙල්ලන්ට පුළුවන් දේවල්
    බොරුවට ඈඩීම
    ගෙදරින් කැමති නැහැ අනේ කීම
    මට වඩා ඔයාට හොද කෙනෙක් හම්බ වෙයි කීම
    අපි යාලුවෝ වගේ ඉමු අනේ කීම
    තව...තව...තව......මතක් උනහම කියන්නම්.....

    ReplyDelete
  13. අයියෝ කථාක් කිව්වම මෙයාල රන්ඩු වෙනවනෙ අයෙ මේ වගේ දේවල් දාන්නැ මම. කැමති නෑ ඔය මගුල් රන්ඩු වලට.. ඔන්න හැමෝටම කියල තියෙන්නෙ......

    ReplyDelete
  14. ගීත් ට /

    ගීත්ට කෙල්ලො කීයක් එහෙම කියලා තියෙනවද ?

    2ක් ? 5 ? 10 ? 50 ? 100 ????????
    ලෝකෙ තව කෙල්ලො ඉන්නවා නේද ගීත් ? එයාලත් එහෙමයි කියන්න සාධක තියෙනවද ? මම මේ කිව්වෙ කෙල්ලො මේ ලෝකෙ ඉන්න කෙල්ලොයි කියන ඔක්කොම ඒ විදිහයි කියන්න සාධක....තියෙනවද ? තියෙනවානම් බය නැතුව ලියන්න...හොදද.. :)

    ReplyDelete
  15. කෙල්ලොනම් ඉන්නවා තමයි ඒත් ඒ තරම් විස්වාසවන්ත ඒ තරම්ම හොදම කෙනා එහෙම කරපුවහම අනිත් අය ගැනත් හිතන්න හිතෙන්නේ එහෙම තමා. දැන් බලන්න අච්චර අහිංසක සුගත් ට දම්මි කරපු දේ හරි කියලද ඔයා කියන්නේ? මට දුක මම ගෙන නෙවෙයි. අච්චර අහිංසක සුගත් ට දම්මි කරපු දේ ගැන. සුබානි හර්ෂනිත් කියන්නේ දම්මි සුගත් තනිකලාට හිතට දුකක් ඇති උනාට හැම කෙල්ලෙක් ම එක මිම්මෙන් එපා මනින්න කියලා. එදා දම්මි කරපු දේම තමයි අද ඉන්න අයත් කරන්නේ. ඇයි එතකොට මනමේ කුමරිය මනමේ කුමාරයට කරපු දේ . අඩුම ගානේ ඔයා කොල්ලෙක් එහෙම කරපු නවකතාවක් වත් ඔයා කියවල තියෙනවද කියන්න. කියන්න මට කියන්න මට. ඇයි අප්පා.... හරි හරි...අනුන්ගේ කාමර වලට රිංගල අපි රන්ඩු වෙන එක හරි නැහැ...ඒ නිසා අපි ආයේම වෙන දවසක රන්ඩු වෙමු. දාන්ට 5ක්

    ReplyDelete
  16. ඔයා දැකලා තියෙන්නේ ලිදක් අස්සෙ ඉදන්.තේරුනාද ?
    දම්මි සුගත්ලට කරපු දේවල් පොතක තිබුන දෙයක් විතරයි.ඒත් දිල්ට ඇවිදින්න බැරුව ගියාම සුරංග දාල ගියේ හැබෑ ජීවිතේදී.....මොකද්ද දිල් කරපු වැරැද්ද ? ඇවිදින්න බැරිව ගිය එකද ?
    කාගෙවත් ගැන කතා කරන්න මම ආස නෑ. ඔයා ඔච්චරම බොළඳ කෙනෙක්ද ? එහෙනම් කතා කරලා වැඩක් නෑ. ඔයා දම්මි සුගත් ගැන හිත හිතා ඉන්න. good luck

    ReplyDelete
  17. @Pasan
    ජොලියටනේ රණ්ඩු වෙන්නේ මල්ලියෝ....

    ReplyDelete
  18. අයියෝ....එයි සුදු මේ තරහ අරගෙන ඔහොම ඉතින් රන්ඩු වෙන්න බැහැ අයියෝ.....ඔය ඕන කිවුවේ උදාහරණ නේ. එකයි මම උදාහරණ දුන්නේ. උදාහරණ දෙන්න ඉතින් ඔයයි මමයි දෙන්නම දන්නා උදාහරණයක් එපැයි දෙන්න. ඔය දන්නවද මම කිවොත් සිරිපාලට කමලාවතී බූට් තියපු එකයි චුටි බබයියට බබී නෝනා බූට් එක තියපු එකයි ගෙන කිවොත්. නැහැනේ සුදු නංගෝ...ඔහොම තරහා අරගෙන තර්ක කලොත් ඔයා සුදු කෙල්ල නෙවෙයි කළු කොට සුමනාවතී වෙයි. ඔන්න අපි නැහැ එතකොට. මෙන්න මේ හිපෝ අක්කිය වගේ චුට්ටක් හිනා වෙලා ඉන්නකෝ.. බලන්න කෝ හිපෝ අක්කියගේ මුනේ තියෙන පිරුණු සිරියාව. එක දතයි කටේ එත් බලන්න මූනෙ තියෙන හුරතලේ. දෙන්න හිතෙන්නේ නැද්ද උම්මා එකක් දැක්කහම.

    ReplyDelete
  19. @ගීත්
    හප්පා... ඔන්න ඔහොමයි කොල්ලො පගාව දෙන්නේ. ඔය තියෙන්නේ කොල්ලො දන්න දෙවල්... ගීත් මල්ලා මාට්ටු.

    ReplyDelete
  20. බලන්න කෝ හිපෝ අක්කේ අරය තරහ වෙලා වගේ. දුක හිතෙනවා අයියෝ..එයාට වැඩක් නැහැනේ පුද්ගලික ජීවිතය ඇදල ගන්න මෙතනට. මේක පුද්ගලික දේවල් කතාකරන තැනක් නෙවෙයි නේ අක්කෝ. බෙරිද පොඩි ශේප්මන්ට් එකක් දාල දෙන්න අදට විතරක්. ඔය ඉතින් සුදු සුරතල් හිපෝ පොඩ්ඩ නේ :D

    ReplyDelete
  21. හිපෝ අක්කියො අපි හැමෝම එක වගේ නෙමේ අපි මෙතනට එන්නෙ රන්ඩු කරන්න නෙමේ රන්ඩුව විහිලුවටවත් එපා කෙනෙග්ගෙ හිත රිදුනම එයා ලග ඉන්නෙතුව එයාගෙ හිත හදන්න බෑ කාගෙවත් හිත රිදවන එකට මම කැමති නෑ ඒක නිසා විහිලුවටවත් එපා කරුණාකරල මේක දැන් නවත්තන්න
    අපි හැමෝටම දුක පොදුයි ඒක අපි විදින විදිහ වෙනස් ඒ නිසා ඒ හැමදේම තේරුන් ගන්න බලන්න ඔයා මට වඩා වැඩිමල්නන් ඒක මටත් වඩා හොදට දන්නව ඇතිනෙ
    මම මේ දවස් ටිකේම සතුටින් හිටියෙ ඒ සතුට නැති කරන්න එපා මම කැමතිනෑ විහිලුවටවත් රන්ඩු කරනවට ඒ නිසා මේක නවත්තන්න Please..........

    ReplyDelete
  22. ok....onna mamath kata piya gatta...mageth kata hoda nehe... :( sorry machan

    ReplyDelete
  23. ගීත් /
    eka hodai machan.. too much kisima eyak oni nehe...nawattapan.. me wikara nawattala kavi maduwa patan ganna widihak balapan... eka ethanama ewara unada???

    ReplyDelete
  24. නැහැ මම එක ප්ලැන් කරලා අහවරයි...දැනට වෙබ් අඩවි සංවර්ධය පිලිබදව පට්ට මීටර් සෙට් එකක් එක්ක වැඩ කරන විදිහ සාකච්චා කරමින් ඉන්නේ. මම ප්ලැන් එක එයාලට බාර දීල තියෙන්නේ...තව විනාඩි කිහිපයකින් ග්‍රොඋප් චැට් එකක් මගින් වැඩි විස්තර සාකච්චා කිරීමට නියමිතයි. වැඩේ මට කර ගන්න බැරි උනොත් ප්ලැන් එක මම නිදහස් කරනව පුළුවන් කෙනෙකුට කරන්න.

    ReplyDelete
  25. :) ow ane... mokatada nikan waada karanne. api hamoma ea wage nee... duk hithunoth ekatath inne api api witharai... sathutatath ehemai... ehew eke sathutin imu...

    ReplyDelete
  26. Hipo/

    anna hipo akkige mole yantan weda kara.. ela ela.. ow api hemadamath sathutin emu.. randu wenna epa ayeth....

    naughty hipo we wenna epa.. gud babek wenna....:D :D

    ReplyDelete
  27. මම මොනවත් කියන්නේ නැහැ ඔලුව හොල්ලනවා විතරයි.
    මොකද මම කට ඇරියොත් වලියක්...
    මොකද මම වලියට ප්‍රිය බර නොහොත් වලිබර නිසා....
    එත් දාගත්තත් දාගන්නේ ඉතින් ජෝලිබර වලියක් තමයි.
    සිරා බර වලිනම් නෙවෙයි.....
    මොකද මම කලාබර නිසා....
    කලාවට බර කලාබරලා සිරා බර වලි දාගන්නේ නැහැ නේ.


    :D

    ReplyDelete
  28. හැබැයි මචං උඹ හරිම තමයි. හැදි මිට දැන් ගෑරැප්පුවේ මිට දක්වා අඩු වෙලා තියෙන්නේ.
    මම දන්න සමහර ගෑණු ලමයි ( සමහර කිව්වහම ඉතින් මට කනෙන් පෙන්නන්නත් පුළුවන් :P ) කරන්නේ ඔෆිස් එකට ගිහින් හතර වටේට කෝල් කර කර ඉන්න එක. ඊට පස්සේ ඔය තත්වෙට මුහුණ දෙනවද දන්නේ නෑ

    ReplyDelete
  29. හා හා හැදි මිටේ තරම කියලද හිතන් ඉන්නේ?? ඕක තමයි වැරදුනු තැන..... :P

    ReplyDelete
  30. මිස්සක/
    මේ මේ කොල්ලෝ යලි බෑ ඇත්ත උනත් කරන්න දෙයක් නෑ අපිට කට පියාගෙන තමයි ඉන්න වෙන්නෙ නැත්තන් මෙත්න මරා ගන්නවනෙ අනේ මන්ද මෙයාලත්

    punchisamanalee /

    නෑ නෑ සමනළියෙ පොඩ්ඩක් ඉවසල හිටින්නකො මම ඔයාල ගැන කියල දෙන්නන් ලගදිම හික්... හික්... හික්....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...