Monday, April 5, 2010

මට නොවේ වෙන කෙනෙකු හට

අහිංසක පැතුම් පොදි බැද
සිහින මැව් ලෝකය සදන්නට
ඉමක් නැති මහා කතරක
සැරිසැරූ නුඹ මුවැත්තියක ලෙස
ලැබුණු දිය පිරි පොකුණ
අයිති නැත නුඹෙ යැයි කියන්නට
ඉවත යන්නට තනන සැම විට
අතවනයි ඔහු දිය පොදක් දෙන්නට
නුඹෙම නොවුනත් එ දිය පොකුණ
දොතට ගනී නුඹ එම දියෙන්
සැනසුමක් ලබන්නට....
දියෙන් සැනසෙන හෑම දිනකම
තවත් ලං වෙයි අහිමි දිය විලටම
ආදරය මෙය නම් සැමදා නුඹ පතන
දුකම සැපතකි ඔහු ලගම සැනසෙන.....

(මෙය මට නොවේ වෙන කෙනෙකු හට
පතමි මෙය ඇගේ නෙතු ගැටෙන්නට)

8 comments:

  1. හ්ම්ම්ම්ම්ම් !

    අනේ මන්දා...මගේ කතාවදෝ කියලා මට හිතෙනවා පසන්......මොකද මමත් මට අයිති නැති විලක දිය බිදක් හොයන කෙනෙක් නිසා..

    කොහොම නමුත්.....හිතට දැනෙන නිර්මාණයක්

    ReplyDelete
  2. සමහරවිට වෙන්න පුලුවන් දිල් වෙන්න බැරිකමක් නෑ

    ReplyDelete
  3. දන්නවද පසන්...අපි හුගාක් ආදරේ කරන්නේ අපිට අහිමි දේවලට...අපි සදට මොනතරමක් ආදරේද ? සද එළියට කොයි තරම් පෙරේතද ?

    ReplyDelete
  4. හ්ම්ම්.... වෙන්න ඇති ඒත් ජීවිතේ අපි තව ටිකක් වයසට ගිහින් හැරිල බැලුවම අපි එක තැනමයි. අපි ආදරේ කරපු අයයි, අපිට ආදරේ කරපු අයයි, හැමෝම අපිව පහු කරගෙන ගිහින්. සහෝදරියකුට වගේ කියන්නෙ දැන් ගැන හිතන්න එපා. ඔයාට අවු40 වෙද්දි ඔයා තනි උනාම මොකද කරන්නෙ කියල චුටිටක් හිතල බලන්න..

    ReplyDelete
  5. ඒ කියන්නේ මේක ඔයා ලියලා තියෙන්නේ මටද ?

    ReplyDelete
  6. හ්ම්ම්ම්................

    ReplyDelete
  7. ස්තුතියි මා ගැන හිතනවට

    ReplyDelete
  8. your welcome my dear sister........

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...