Tuesday, April 6, 2010

පාවි පාවි නුඹ යන කොට

බිංදු බිංදු මල් වැස්සේ
පාට පාට මුතු කුඩෙ යට
රවුම් රවුම් වැහි පොද සිඹ
සින්දු කියපු නුඹ ලග නැත

පුංචි පුංචි මල් පෙති ලග
මුමුණ මුමුණ තුරුලු වෙච්ච
උකුලු මුකුලු දාපු දවස
නිතර නිතර සිහිවෙයි මට

යන්න යන්න සුවද දුන්න
චූටි චූටි මැණික් කැටය
පාවි පාවි නුඹ යන කොට
හඩමි හඩමි මම තනියම





8 comments:

  1. හරිම සරළ පද ටිකක්.හුගාක් සුන්දරයි...සැහැල්ලුයි...

    ReplyDelete
  2. ගොඩා...........ක් ස්තූතියි දිල්...:D :D

    ReplyDelete
  3. nipuni shanika pereraApril 6, 2010 at 9:47 PM

    අනෝරා වැසි විටත්
    තෙන තො ගැටී දේදුන්න
    ඔෙබිමයි කියන්නට
    දිනක් ඔබ වෙත ඒවි
    අත් නොහැර හදවතින්
    මග බලා හිදින් තව...

    ReplyDelete
  4. අනේ නිපූ. අපේ නිපූට ගිය කළ.. ගොඩක් ලස්සනයි ඒක..ගොඩාක් ස්තූතියි

    ReplyDelete
  5. උමරිමයි මචන්. විරහව තුලින් රසවත් පද වැල් ගොතන්න පුලුවන්. උබෙ නිර්මාණය ඉතාma රසවත්

    ReplyDelete
  6. ගීත්/
    සාදරෙයෙන් පළිගන්නව මචං.. ගොඩක් ස්තූතියි අගය කළාට..

    ReplyDelete
  7. පිස්සුද බං , මැණික් කැට සුවඳ දුන්නෙ මොන රටේ ද? ලක්ස් කැටයක් වත් නම් කමක් නෑ. උපමා රූපක යොදන කොට ගැළපීම බලලා දාපන්.

    ReplyDelete
  8. මචං උඹ මගේ බ්ලොග් ගුරා වෙලත් මටම කෙලිනවනෙ හ්ම්ම්ම්.... අනේ!! මටමනෙ වෙන්න​නෙ.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...