Tuesday, May 11, 2010

කවි මඩුවට ගොඩවූ මගේ විලාපය

කවි මඩුවකට ගොඩ වූවයි දුක් විදලා
කවි කාරයෝ බොහොමයි එහි වැහි වැහැලා
කියනා වදන් ඈත මී පැණියෙන් රස කරලා
අයියෝ දෙවියනී මම වේලුනි වලි හොයලා

වලියට කිසිත් නැත මම කලු හන්දා
ඔක්කොම එතන අය එක එක කවි බැන්දා
මම අයිනකට වීලා එහි තනි රැක්කා
ඉන්නට බැරිම තැන පැදුරත් අකුලන් ආවා

අයියෝ දෙවියනී මට උන වියෝයා
පැදුරත් අරන් මම දුවගෙන ගියෝයා
උස්සන් ගිය පැදුර එහි දිග හැරී​යා
මම තනි හින්දා ආපහු දුව ගියෝයා

අයියෝ ගීත් අයියේ නුඹ සිටියා නන්
රවා කොලුව වත් මගෙ තනිකම රැක්කා නන්
බිගු අය්යා රැකියාවේ නොසිටි නන්
කෙලසකවත් මට වෙන්නැහැ මේවා නන්

5 comments:

  1. තවම රිහසල් පටන් ගත්තා විතරයි. මම තවම වියායාම කරනවා. කට්ටියම දැන්ම බැහැලැ ඇන කොටා ගන්නවා. වලි කොතැනද අපි එතැන. පොඩ්ඩක් ඉවසලා ඉන්න අපි එනකන්...

    ReplyDelete
  2. ඒක හොදයි වලි නැතුව පාලුයි අප්පා දුකේ බෑ

    ReplyDelete
  3. අපිත් ගියා අපහසුතා ගොඩ මැද්දේ
    වලිත් ගියා හෝ හෝ ගා මඩු මැද්දේ
    හෙවුවත් කෝ ගීත් මලෝ නෑ සද්දේ
    පැදුරත් නෑ කොලුවත් නෑ ඒ පැත්තේ....

    ReplyDelete
  4. පසන් කොල්ලානම් දැම්මා පොඩ් සද්ද
    කුමක් වුවත් ඇහුනේ නම් පුස් සද්ද
    වලියක් වුනත් අපිනම් දෙනවා සද්ද
    මොකවත් නැතත් ජොලියක් එහි නැත්තෙද??

    ReplyDelete
  5. පුස් හඩ නිසාදෝ නුඹ පැනලා දිව්වේ
    පැයකට වරක් ඈවිදින් හැංගී බැලුවේ
    ලොකුකන් කියන අය එහි පැනලා දිව්වේ
    බලමුද කවක් කියලා උදයේ වරුවේ

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget