
සමනොළියකට පෙම් කළ සිත මටත් හොරෙන්
රන්වන් තටු සලා ඈතට ඉගිල ගොසින්
මල මත රැදුනු රොන් තනිවි හැගුම් අරන්
මල් පෙති පවා නොදැනී පර වෙන්න ගිහින්
මල් මත තිබුනු දේදුනු පැහැ බොදව ගොසින්
හුලගට හමා ගිය සුවදත් නැතුව ගිහින්
මගෙ මල් පෙත්තෙ තිබුනා වූ පැහැය අරන්
තව ලස්සන වෙලා පියඹාපන් ලොවට උඩින්
දෑසින් කදුලු සලලා නුඹ අහිමියි කීවා
රන්වන් තටු සලා යන්නට හැදුවා
පෙර දින ලෙසම මම ආයෙත් තනි වූවා
පෙම් කල සිතම ලං කර ගෙන මම හැඩුවා
නුබෙ ලගට තුරැල් වෙලා
ReplyDeleteපෙතිවල පාට අරන්
ලස්සන වුන ඒ තටු දෙක
කවදා හෝ කැඩි යාවි..
නුබෙ පරවන පෙති
දුක් වෙන තරමට
කැඩුනු ඒ තටුත්
දුක් වෙවි..
සැම ක්‍රියාවකටම සමාන
ප්‍රතික්‍රියාවක් තියේවි..
නිපු/
ReplyDeleteඅද නිපූ තනි වෙලා නේ හොදා හොදා මගෙ තනියට ඔයාවත් ඉන්න එක හොදයි හික්..... හික්.... හික්.....
හානේ සමනලීයෙක් ගැනත් කියලානේ...... සමනලි දැනුයි මේ කවිය දැක්කේ....
ReplyDeleteසමනලීයෙක් ගැන කියපු නිසාම නෙවී ඇත්තටම ලස්සනයි