Tuesday, May 18, 2010

නුඹ හැර ගියත් මම තාමත් වැලපෙනවා

බලන්න
කවුලුවෙන් නෙතු යොමා
වැහි බිංදු පොළව සිඹින අපූරුව


මගේ හද කුමක් කියන්නේ
නුඹ ලගටම දිව එන්නේ
මල වැහි යටින් මගෙ තුරුලට එන්නේ
මම නුඹ ලගමයි නුඹ තුරුලේ ඉන්නේ

මල් මත වැහි බිදු රග දෙනවා
තුරු මත වැහි බිදු දිලිසෙනවා
මද අදුරින් ලොව වැසි යනවා
නුඹ තව වර මගෙ තුරුලට එනවා

දෙනුවන් කැලුම් උතුරා ඇද හැලෙනා
නලලේ දිය බිංදු දෙකපුල් සිඹ යනවා
දෙතොලම නුඹෙ තෙමිලා දිය පොද පිරිලා
එදිය බිංදු මගෙ දෙතොලින් රස බලනා

නූඹ හැර ගියත් මගෙ හිත දුක් වෙනවා
මම තාමත් නුඹ එනකන් දුක් වෙනවා
නුඹ අද දිනෙත් ඔහු තුරුලෙම සැතපෙනවා
නුඹ හැර ගියත් මම තාමත් වැලපෙනවා

4 comments:

  1. අපේ අත්දැකීමට අනුවනම් නුබ හැර ගියාට නුබව සිහි වෙන්නේ තවත් කෙනෙකු මුනගැ‍සෙනකල් විතරයි ඔක තමයි ලෝක සොභාව කොහොම
    උනත් වෙ කවි පද ටික ‍හොද බවයි අපේ හැගීම

    අපි www.sriwow.info

    ReplyDelete
  2. උඩින් එකෙක් උගෙ සයිට් එක ප්‍රොමොට් කරන ගමන් ඇත්තකුත් කියනවා.. නමුත් එ ඇත්ත හැමොටම වලංගු වන එකක් නම් නෙමෙ..කොහොම උනත් පසනා කවිය ලස්සනයි.දාලා ගිය මිනිස්සු ආපහු එනවා නම්.. එත් වැඩක් නැහැ.. එ දෙ ලබාගන්න කම් තමයි අගය එ දෙ තියන මිනිස්සු එවා ගැන වැඩිපුර වෙහෙසෙන්නෙ නැහැ.. බොහො තැන් වල...

    ReplyDelete
  3. Anonymous /

    ආ ඔහොම හරි කවුද කියල අදුර ගන්න පුලුවන් විදිහට දාපු එකට ස්තූතියි දක්වපු අදහස් වලටත් බාගයක් විතර එකගයි තව කෙනෙක් හම්බඋනා කියල හැම දේම අමතක කරන්න පුලුවන් කියල හිතනව නන් ඒක වැරදියි මචන්

    ReplyDelete
  4. රවා/

    ඒක ඇත්ත රවා ගිය මිනිස්සු ගැන මම කථා කරන්න වැඩිය කැමති නෑ ඒ සොදුරු මතකයන් විතරක් හොදටම ඇති
    ස්තූතියි අදහසට

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget