Monday, June 7, 2010

හමන සුලගට කියන්නට හැකි නම්

හමන සුලගට
කියන්නට හැකි නම්
නුඹ නොමැතිව හද හඩන බව
සුලග ඇවිදින්
ලොවට රහසේම
නුඹට පවසාවි
මම හඩන බව

පෙර සංසාරයයෙත්
මාව හඩවාපු
නපුරු නුඹ ලගම
කුමක් අයදිම්ද
යන්න පෙර මං බලන විට
තවත් නුඹ එයි
මගේ ලගටම
හිතම රිදවන්න

නුඹෙ සිත නැත
රිදවාල කිසිදිනක
ඇයිද නුඹ සිත
දරුණු කරගෙන
රැදෙන්නට නුඹ ලග
අවසරද පවසන්න
පෙමක් නැතිවත්
සනසන්න මගෙ සිත



12 comments:

  1. "සිතින් අදිනවා ආපසු යන්න නොදී
    නෙත් වලින් අදිනවා වාගෙයි අහින්සකී"
    චන්දන

    "යන්න ඔබ යන්න ඈත් වෙලා
    ඔබ නිසා කදුළුල් සැලුනා"
    අනුරාධා

    "ලොවට වහන් වෙවී පෙම් කල හැටී
    පුදුමෙකි අරුමෙකී වෙනු වුනූ හැටී"
    ගීත්

    "පෙර සංසාරයයෙත් මාව හඩවාපු
    නපුරු නුඹ ලගම කුමක් අයදිම්ද"
    පසන්

    කවුරු කොහොම කොයි විදිහට කීවත් ඒ දුක ඒ දුකම තමා. ඒ දුක දැනෙන්න ඒ දුක විදින්නම ඕන

    ReplyDelete
  2. පිස්සු හැදෙන comment එකක්නෙ.. ගොඩක් ස්තූතියි මචං...:D මොනව උනත් කියපු දේ ඇත්ත විදින්ම ඔනි ඒක දැනෙන්න.......:(

    ReplyDelete
  3. කතා නොකර
    තරහ වෙලා ගිහින්
    පැත්තකට වෙලා හි​​ටියාට
    එචිච​රටම මම නපුරැද

    දගකාර කමට නපුරැකමි කලාට
    නුඔ නැතිව මෙහොතක් වත්
    ඉන්නට බැරි බව
    තාමත් ඔබ දන්නේ නැද්ද

    ReplyDelete
  4. යන්න නම් ආයෙත්
    ආයේ ආයේත්
    එන්න නම් එපා .....
    සුවද ඈතට
    රැගෙන යන්න නම්
    ආයෙත් ආයේ ආයේත්
    එන්නෙපා .....
    පබලු

    මෙන්න මෙහෙම කිව්ව නම් ආයේ ආයේත් දුකක් නැහැ...:D

    ReplyDelete
  5. Nipu /

    ඔව් නපුරුයි තමා....:D..:P

    කියන්නට ආදරය
    සිඹින්නට ඒ මුහුණ
    තුරුලේම සැනසෙන්න
    බැරිම නන් හිනැහෙන්න

    නපුරු නුඹ හැර කවුද
    රිදවන්නෙ මගේ සිත
    නපුරුකම පිරවිච්ච
    නුඹ නොවේ නම් වෙන කවුද

    ReplyDelete
  6. පබලු/
    යන්න නුඹ ඈතටම
    සුමුදු මුව කමල නොපෙනෙන්න
    එන්නෙ නැහැ පසුපසුම
    මගේ සිත හැර යන්න

    කියන්න නන් ලේසී ඒත් කරන එකනෙ අමාරු ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete
  7. දිල්/

    ස්තූතියි ගොඩක්

    ReplyDelete
  8. මැණික්(සුළඟ)/

    මැණික් සුලග පළවෙනි කොමෙන්ටුව නෙ ගොඩක් සතුටුයි ස්තූතියි අගය කරාට

    ReplyDelete
  9. ලස්සනයි.දිගටම ලියන්න.

    ReplyDelete
  10. ruwan kumara maddage/

    ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...