Monday, June 28, 2010

නුඹ ගියාම මගෙ සිත හැර ..... සිත හැඩු හැටි මට පුදුමයි


සිනාසලන ඔය ඇස් දෙක
අරන් ගියා මට මතකයි
සදුත් හිරුත් හිහඩ වෙලා

බලං උන්න මට නුහුරුයි

ලො
වට හොරෙන් නුඹ ආවා
සිනාසුනා මම සත්තයි
නුඹ රහසෙම පිටු පෑවා
තනිවුන
සිත මට උරුමයි

ඇදුරුම්කම නැතත් නුඹට
මිතුරු උනා මම ඇත්තයි
නුඹ ගියාම මගෙ සිත හැර
සිත හැඩු හැටි මට පුදුමයි


14 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ලස්සනට හිතෙ තියන දුක වචන වලට පෙරලලා.. ගොඩක් ලස්සනයි අයියා.. ඒත් ගොඩක් දුකයි ඒ වගේම....

    ReplyDelete
  2. ආදරයයි...වේදනාවයි....හැමවෙලේම එක ලඟමයි....:(...

    ReplyDelete
  3. ආදරයයි කඳුලයි අතරේ අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ,,,

    ලස්සනයි කවි පෙළ..

    ReplyDelete
  4. ආදරය එක්කම හැමවෙලේම එකට ඇලිලා තියෙන දෙයක් ලු කඳුල.....

    සිනා සලන මගෙ ඇස් දෙක
    අරන් ගියත් දුර ඈතට
    හිතුනා යළි දුවන් එන්න
    දුක පිරිලා උතුරනකොට

    මිතුරු වෙසින් ලඟ හිදගෙන
    හඬනා මගෙ හිත හැදුවට
    කොහොමද මම ලඟ ඉන්නේ
    වෙන්වීමක් හිමි වෙනකොට

    ReplyDelete
  5. අමතක උනා කියන්න....හරිම ලස්සන පද ටිකක් පසන්

    ReplyDelete
  6. නිසංසල වී බලා සිටියේ නුබ
    යන තුරා මම වෙන්වෙලා
    නුබම පමනක් නොවේ පෙම්කරේ
    මගේ සිතත් දැන් නැවතිලා

    ලගට ලංවෙන්න නොහැකිව
    වෙන් වුනා මම නොදන්වා
    නුබේ කවි දැක යලිදු වර මම
    නුබේ සිත ලග නැවතිලා....

    නියමයි පසන්..ඔයාගේ කවි කියවද්දි ඉබේම මටත් කවි ලියවෙනවා.
    කවි මඩුවේන් තමයි පිලිතුරු විදියට කවි ලියන්න හොද පන්නරයක් ලැබුනේ.ඒ ගැන මතක් වුනා ඔයාගේ කවි දැකලා :D :D

    ReplyDelete
    Replies
    1. ඇතටම හරිම ලස්සනයි

      Delete
  7. නිරහංකාර අහිංසකාවි /

    ගොඩාක් ස්තූතියි අගය කරාට නංගියෝ...

    Shadow/හේමලයා /

    ස්තූතියි සහෝ...

    සෝරෝ /

    ස්තූතියි මේ පැත්තට ආවට

    ReplyDelete
  8. දිල් /

    එනකන් නුඹ මගෙ තුරුලට
    මම ඉන්නෙමි සිහන වෙලා
    අවොත් නුඹ යලි දිවියට
    යන්න නොදෙමි දුරස් වෙලා

    මිතුරු වෙසින් ලග ඉදලා
    නුඹ සිත නම් මම හැදුවා
    මටත් හොරෙන් සිත බැදිලා
    නුඹ හට මං පෙම් කෙරුවා

    ඈත දුරක නුඹ යනකොට
    හිනාවෙවි මම උන්නා
    නුඹ ගියාම නුඹේ ලොවට
    මම රහසෙම දුක් වූවා

    ...........:D

    ස්තූතියි දිල්... ලස්සනයි ඔයාගෙ පද ටික ....

    ReplyDelete
  9. පබලු /

    අප්පා කවි මඩුව..ඒ කවි ටික ඔයාල ගත්තද මට තාම ගන්න බැරි උනා ඒ ටික ගන්න ඔනි.. අපරාදෙ කවි 300ක් .. හික්ස්...

    ස්තූතියි පබලු ලස්සන කවියක් දැම්මට....

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. kesh /

    බබාලා ඒක දන්නැහැ. මං දන්නවනෙ. ඒ ඇති.. හික්ස්....

    ReplyDelete
  12. පසා ලස්සනයි, දුකයි බන්.. ඇත්තට පසා, සඳයි, හිරුයි, තරුයි, වැලුයි, මුදු පවන් මෙව්වා තිබුන් නැත්තම් අපිට වැලෙ වැල් නැතුව යනවා. එක හින්දා ස්බාවධර්මෙට උපහාර පිණිස කවියකුත් ලියහන්. කවිලිවිම මම එච්චර කරලා නැහැ, කො අපෙ කූල් බොයි, ගීත්, මැන්ට පොඩි අකරතැබ්බයක් උනා කියලා ලියලා තිබුන , ෆෙස් බුක් එකෙ හම්බ උනෙ නැද්ද..?

    ReplyDelete
  13. රවා/

    ඇයි බං අර ඒකා ඒ ගැන කියල පොස්ට් එකක් දාල තිබ්බෙ... බැලුවෙ නැද්ද???...

    උඹ කියපු දේ නන් සහතික ඇත්ත.. සද හිරු තරු නැත්තනි කවිත් නෑ තමා.. හික්ස්.. කාලෙකින් නෙ.. වැඩද මේ දවස් වල.. ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...