සිනාසලන ඔය ඇස් දෙක
අරන් ගියා මට මතකයි
සදුත් හිරුත් හිහඩ වෙලා
බලං උන්න මට නුහුරුයි
ලොවට හොරෙන් නුඹ ආවා
සිනාසුනා මම සත්තයි
නුඹ රහසෙම පිටු පෑවා
තනිවුන සිත මට උරුමයි
ඇදුරුම්කම නැතත් නුඹට
මිතුරු උනා මම ඇත්තයි
නුඹ ගියාම මගෙ සිත හැර
සිත හැඩු හැටි මට පුදුමයි
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්... ලස්සනට හිතෙ තියන දුක වචන වලට පෙරලලා.. ගොඩක් ලස්සනයි අයියා.. ඒත් ගොඩක් දුකයි ඒ වගේම....
ReplyDeleteආදරයයි...වේදනාවයි....හැමවෙලේම එක ලඟමයි....:(...
ReplyDeleteආදරයයි කඳුලයි අතරේ අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ,,,
ReplyDeleteලස්සනයි කවි පෙළ..
ආදරය එක්කම හැමවෙලේම එකට ඇලිලා තියෙන දෙයක් ලු කඳුල.....
ReplyDeleteසිනා සලන මගෙ ඇස් දෙක
අරන් ගියත් දුර ඈතට
හිතුනා යළි දුවන් එන්න
දුක පිරිලා උතුරනකොට
මිතුරු වෙසින් ලඟ හිදගෙන
හඬනා මගෙ හිත හැදුවට
කොහොමද මම ලඟ ඉන්නේ
වෙන්වීමක් හිමි වෙනකොට
අමතක උනා කියන්න....හරිම ලස්සන පද ටිකක් පසන්
ReplyDeleteනිසංසල වී බලා සිටියේ නුබ
ReplyDeleteයන තුරා මම වෙන්වෙලා
නුබම පමනක් නොවේ පෙම්කරේ
මගේ සිතත් දැන් නැවතිලා
ලගට ලංවෙන්න නොහැකිව
වෙන් වුනා මම නොදන්වා
නුබේ කවි දැක යලිදු වර මම
නුබේ සිත ලග නැවතිලා....
නියමයි පසන්..ඔයාගේ කවි කියවද්දි ඉබේම මටත් කවි ලියවෙනවා.
කවි මඩුවේන් තමයි පිලිතුරු විදියට කවි ලියන්න හොද පන්නරයක් ලැබුනේ.ඒ ගැන මතක් වුනා ඔයාගේ කවි දැකලා :D :D
ඇතටම හරිම ලස්සනයි
Deleteනිරහංකාර අහිංසකාවි /
ReplyDeleteගොඩාක් ස්තූතියි අගය කරාට නංගියෝ...
Shadow/හේමලයා /
ස්තූතියි සහෝ...
සෝරෝ /
ස්තූතියි මේ පැත්තට ආවට
දිල් /
ReplyDeleteඑනකන් නුඹ මගෙ තුරුලට
මම ඉන්නෙමි සිහන වෙලා
අවොත් නුඹ යලි දිවියට
යන්න නොදෙමි දුරස් වෙලා
මිතුරු වෙසින් ලග ඉදලා
නුඹ සිත නම් මම හැදුවා
මටත් හොරෙන් සිත බැදිලා
නුඹ හට මං පෙම් කෙරුවා
ඈත දුරක නුඹ යනකොට
හිනාවෙවි මම උන්නා
නුඹ ගියාම නුඹේ ලොවට
මම රහසෙම දුක් වූවා
...........:D
ස්තූතියි දිල්... ලස්සනයි ඔයාගෙ පද ටික ....
පබලු /
ReplyDeleteඅප්පා කවි මඩුව..ඒ කවි ටික ඔයාල ගත්තද මට තාම ගන්න බැරි උනා ඒ ටික ගන්න ඔනි.. අපරාදෙ කවි 300ක් .. හික්ස්...
ස්තූතියි පබලු ලස්සන කවියක් දැම්මට....
This comment has been removed by the author.
ReplyDeletekesh /
ReplyDeleteබබාලා ඒක දන්නැහැ. මං දන්නවනෙ. ඒ ඇති.. හික්ස්....
පසා ලස්සනයි, දුකයි බන්.. ඇත්තට පසා, සඳයි, හිරුයි, තරුයි, වැලුයි, මුදු පවන් මෙව්වා තිබුන් නැත්තම් අපිට වැලෙ වැල් නැතුව යනවා. එක හින්දා ස්බාවධර්මෙට උපහාර පිණිස කවියකුත් ලියහන්. කවිලිවිම මම එච්චර කරලා නැහැ, කො අපෙ කූල් බොයි, ගීත්, මැන්ට පොඩි අකරතැබ්බයක් උනා කියලා ලියලා තිබුන , ෆෙස් බුක් එකෙ හම්බ උනෙ නැද්ද..?
ReplyDeleteරවා/
ReplyDeleteඇයි බං අර ඒකා ඒ ගැන කියල පොස්ට් එකක් දාල තිබ්බෙ... බැලුවෙ නැද්ද???...
උඹ කියපු දේ නන් සහතික ඇත්ත.. සද හිරු තරු නැත්තනි කවිත් නෑ තමා.. හික්ස්.. කාලෙකින් නෙ.. වැඩද මේ දවස් වල.. ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට..