
පෙම් කවක් ලියා
තරු අහස පුරාවට
සද කෙමියෙන් සරසවා
සද සාවිටත් රහසේම
මගේ කුමරි ලගට විත්
කියූ කවි තුරුලේම
මා දමා යන්න යයි
කවි කිසිත් නොබලාම
තරු කැටත් හිනෙහේවි
මගේ පෙම් කවිය දැක
ඇය තවත් දුර යාවි
නොදැන ඇය කවිය වග
සද හොරෙන් සැගවේවි
මං විදින කදුල දැක
ඔවුනොවුන් හිනෙහේවි
තනිකඩය තවම මම
උරුම නැති පෙම් හිතට
ඇයිද නුඹ ලං වුනේ
මගේ සිත හඩවන්න
ඇයිද මං පෙම් කරේ
දුර උන්න නුඹට
ඇයිද මං ලං වුනේ
පෙම් කරපු පවට මට
මේ දුකද හිමි වුනේ
මරු කවිය. ලස්සනයි....නමුත් මම නම් කියන්නේ මෙහෙම
ReplyDeleteහදා ගන්න හැදුවට අමතක කර දාලා
හීන වලින් වද දෙනවා මුලාවේ දාලා
එපා තවත් ලංවෙන්නට කදුළු සලාලා
සමාවෙන්න රත්තරනේ ආදරෙයි කියාලා
කදුළු බිංදු එකතු කරන් පුංචි ඇස් ලග
නෙතු මත මගෙ සරන්නෙපා හීනෙකින් වුව
සැබෑ ලොවේ නැති සෙනෙහස කුමට නිදි ලොව
නුඹත් එපා පෙමත් එපා රැදෙනු ගිය තැන
හිතන්නෙපා ඒවි කියා නුබේ පා ලග
අයදින්නට නුඹේ සුන්දර චපල සෙනෙහස
හැකි නම් නුඹ සැනසෙන්නට වෙනකෙකු ලග
කුමකට මා තනිවෙන්නද කදුළු හල හල
ගීත්ගේ සටහන පිළිබද විචාරයක්...
ReplyDeleteපෙම්වතකුගේ සිත තුල පවතින ආදරයත් විරහවත් කෝපයත් මැනවින් විදහා දක්වන පද පෙලක් ලෙස දැක්විය හැක..
හදා ගන්න හැදුවට අමතක කර දාලා
හීන වලින් වද දෙනවා මුලාවේ දාලා
අමතක කිරීමට කොතරම් උත්සහ කලද හිතේ පවතින ආදරය නිසා සිහිනෙන් පවා ඇගේ රුව පෙපෙන බව කවියා ඉතා දුක් මුසු ආකාරයෙන් පෙන්වා දෙයි...
කදුළු බිංදු එකතු කරන් පුංචි ඇස් ලග
නෙතු මත මගෙ සරන්නෙපා හීනෙකින් වුව
විරහ වේදනවාවෙන් තමා හඩනා බව කවියා සිහිපත් කරන්නේ පාඨකයාගේද නෙතට කදුලක් උනවමින
හිතන්නෙපා ඒවි කියා නුබේ පා ලග
අයදින්නට නුඹේ සුන්දර චපල සෙනෙහස
හැකි නම් නුඹ සැනසෙන්නට වෙනකෙකු ලග
කුමකට මා තනිවෙන්නද කදුළු හල හල
හදපුරා කෑකැරෙන කෝපය මෙලෙස කවියා පිට කරන්නේ හුදෙක් ඇයට ඇති ආදරය නිසාවෙන් හැර අන් කුමකටද??
ගිය බස් එකට අත දමදම කැගහලා
ReplyDeleteපලක් නොමැත කාලය යයි ඉගිල්ලිලා
නුබගැන නොතකනා හිතලග නැවතිලා
ගෙවන්න වෙන්නේ උබේ දිවියම පැරදිලා
කෙලන් කියනේ පාරේ යන බස්වැනිය
එකක් මිස් උනොත් අනිකෙ අයා හැකිය
ඒ බව දැන දැනත් උබ කරනා කෙලිය
දැක දක ඉවසන්න බැහැ අද සිතුවිලි රළුය
පාරේ බස් ගොඩක් එහෙ මෙහෙ යනවා
ReplyDeleteමට මගේ පාරෙ යන බස් නැතිවෙනවා
අන් මග යන බස් වල මට ඉඩ නැතුවා
ඒ හින්දාම මං පාරේ තනි වෙනවා
හික්ස්.....:D
පාරේ බස් නැතත් ත්රී විල් නම් යනවා.....
ReplyDeleteයායුතු මගේ එවානම් ගෙනියනවා
වියදම වැඩි උනත් සැපනම් උතුරනවා
අතරමන් නොවි එකේවත් නැග යනවා..
ඉලංදාරියා /
ReplyDeleteගමනේ ටික දුරක් යනවිට ඉඩ මදි වෙනවා
පවුලට තවත් අය ටික ටික වැඩි වෙනවා
ත්රී විල් ගමන ඒ හින්දා පල නැති වෙනවා
තව බසයක් එනකම්ම මං මෙහෙ පල් වෙනවා
........:D
පුංචි පවුල රත්තරන්ය උබ දන්නවද
ReplyDeleteවියදම අහසට නගිනවා එය පේනවද
ඒ ගැන දැක දැක මෙහෙම වෙනවද
පවුලේ බර වැඩිවෙනකොට තරු පෙනේවිද
වියදම දරන්නට බැරි උන කලක
ReplyDeleteදරුවන් සහ බිරිද වෙයි මට නම් සැපත
දැන්මම හිතල වියදම ගැන එලෙස
කුමටද නැති කර ගන්නෙ මිහිරම මගෙ පවුල
එහෙනම් මචං හැක 1,2,3,4, ක් යන්ට
ReplyDeleteහැකිනම් ඉතින් ඔය බර ඉවසාගන්ට
උබහිතනා ලෙසට හැමදේ ඉටු වෙන්ට
නැතිනම් උපත් පාලන ක්රම සිහියට ගන්ට
ඇත්තට ම ආදරේ කලා ම මේ වගේ දුකක් දැනෙන එක පුදුමයක් නෙමේ ...
ReplyDeleteයන්නට හැකි වුවත් 2 3 4 ක්ම
ReplyDeleteගැස්සෙන විටදි කරදර වෙයි කන්දක්ම
සුපුරුදු ලෙසම බස් වල ඇති සැපම
ත්රි වීලයකට නම් නොවේ අසම සම
නැතිනම් උපත් පාලන ක්රම සිහියට ගන්ට
බිරිදක් උවමනා වෙයි මට එය කරන්නට
බිරිදක් වෙලා ඉක්මනටම ගෙට ගන්ට
කෙල්ලෙක් නොව හොයන්නේ තේරෙන්නැද්ද තොට
Kanishka Hennayake/
ReplyDeleteඒක් ඇත්ත සහෝ... ස්තූතියි සටහනට....
හ්ම්.....අදනම් මා ගොළු වුනා.....
ReplyDelete:'(
෴ හසියා ෴ /
ReplyDeleteඒ මොකද ඒ....:O
:D .... ස්තූතියි ඇවිත් ගියාට
මට තේරෙනවා උබ ඔය කරනාකෙලිය
ReplyDeleteහැර ගිය උන් ගැන මොටද ඔය හැටියට සුදිය
ඕනැනම් කෙනෙක් කරකාරෙට ගන්ට
අහු මුලු වල තියන කුනු ටික පිහගන්ට
ඉරනම් කාරියක් ඇත් උබේ නල්ලේ කොටා
වෙලාව ආතැනදී එවි උබව සොයා
එතකන් ඉවසපන් දිලා දුකට නිමා
හෙට මංගල සීනු හැඩවෙන්නේ උබට තමා
ජය මචෝ......
උඹත් මාත් අප දෙදෙනාම
ReplyDeleteඉන්නේ එක බෝට්ටුවක් තුල නොවෙද
ඒකයි ගොළුවුනේ කියවා අද ලිපිය
මෙනාකරන්නද බං දුක හිමි අපිටමය
මම නම් ආදරේ කලෙමි...දැනුත් කරමි...ඒත් ඔය තරම් වේදනාඅක් අත් නොදැක්කෙමි.....සමහර විට මම හැඟුම්බර අඩු ඇති....:((
ReplyDeleteකවිත් කියාගෙන සද තරු පිරිවරණ
ReplyDeleteඇවිත් ගියා එහෙමයි කවදත් අඟන
තවත් කෙනක් ඇවිඳින් යන තුරු තැවෙන
එකත් ඒ තරම් හොද වැඩකට නොවන