Wednesday, August 25, 2010

මරුවා එන්නෙ නැතුවද මා යන්නට කැදවා......


පාට සිහින ලෝකෙක අපි උන්නා රජ කෙරුවා
ලස්සන රෝස මල් මැද හිද අපි නැටුවා
පෙර කළ පවට සැඩ සුලගක් දසතින් අවා
ලොවටත් හොරා නුඹ මාගෙන් වෙන් වූවා

දිවියම පලක් නැත නුඹ මට පිටු පෑවා
ලස්සන සිහින ලෝකෙන් මං බිම වැටුනා
මේ දුක දරන්නට මගෙ සිත සවි නැතුවා
මරුවා එන්නෙ නැතුවද මා යන්නට කැදවා

පෙර කළ සියලු පව් ගෙවලා දැම්මා
මරණය බයක් නැත මං ලොව තනි වූවා
මං මිය ගියත් හැඩුමට කවුරුත්
නැතුවා
මරුවා වරෙන් විගසින් මා යන්නට කැටුවා

මතු උපදින භවේ නුඹ මට හිමි වේවා
මේවන් දුකක් නැවතත් නොලැබේවා
නුඹ නැති
ලොවක් මට නම්ල නැතුවා
මරණය වරෙන් මම නම් තව
බිය නැතුවා

මාරයාගේ සටහනකට මා විසින් දැමූ comment එකකි.

11 comments:

  1. මරණයට වඩා වේදනාත්මක ජීවිතය.....

    ReplyDelete
  2. උපදින හැමට මරණයනම් අත් වෙනවා
    හිරු අද බැස ගියත් ආයෙත් නැග එනවා
    දුක් කදුලැලි නිවා හෙට සතුටක් එනවා
    මිතුරේ ඉවසපං හෙට උබ රජවෙනවා

    දැගිලි බැදී සතුටින් තු‍ටු උනත් එදා
    ඈ අද ගියත් නුබ සමගින් දුරස් වෙලා
    හෙට දින පුදින සමන් මලක් වෙලා
    කෙනෙක් එවි ඔබේ ලොකය සුවද සදා

    ලෝකය තුලදි අපිවෙනුවෙන් ලියන පොත
    ලියපු කෙනා බොහෝ දෙවල් ලියා ඇත
    මොනවා ලිය වුනත් දෛවයේ නැමති පොත
    ඉවසමු මිතුර හෙට සිනහව ලැබෙනු ඇත

    ReplyDelete
  3. Shadow/හේමලයා/

    හ්ම්ම්ම.... ඒක නන් ඇත්ත සහෝ...

    ReplyDelete
  4. ඉලංදාරියා /

    හෙට ගැන සිතා මං අද හිනෙහෙනවා
    හෙට එන දිනත් මේ ලොව මං තනි වෙනවා
    හෙට ගැන හිතල මට නම් තද වෙනවා
    අද නන් මරුව ආවොත් මමනම් යනවා

    හෙට කියා දෙයක් මට නම් තව නැතුවා
    බොරුවට බැදීමක් පමණක් එහි ඇතුවා
    හෙට ගැන සිතා අද සැනසෙන්නට බැරුවා
    ඔය හෙට ලොවට කිසි දින එන්නේ හැතුවා

    හෙට ගැන කියා බොරුවට සිත හදනු එපා
    හෙට දින හිරු ඇවිත් මගෙ සිත රිදනු එපා
    මරුවා එන මගට බාධක දමනු එපා
    ඇය නැති ලොවක හෙට ගැන සිහිකරනු එපා

    ReplyDelete
  5. හේමලයා හා එකඟයි.

    ReplyDelete
  6. මරණය සැපයි තව ජීවත් වෙනවාට වඩා.....!!!

    ReplyDelete
  7. මරුවා නැතිව අප හැම ලතවෙන්නේ
    කවදත් ඔහු නෑ හරි තැනකට එන්නේ
    අද නැත්නම් හෙට ඔහු පෑමිනෙන්නේ
    ඉඩ ඇත්නම් මාවත් අරගෙන යන්නේ

    ReplyDelete
  8. හසියා අයියා කියපු එක තමා මටත්........ මරණය සැපයි තව ජීවත් වෙනවාට වඩා......!!

    ReplyDelete
  9. මරණය සැපයි මරුවා ලගට එනතුරු...
    සතුට අරගෙන ජීවිතේට කෙනෙක් ඒවි..බලාගෙන ඉන්න..
    මරණය පතන්නේ නැතුව.. :(

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...