Sunday, August 29, 2010

උඹට අරය කැමතිලු

උඹට අරය කැමතිලු
මට....... කවුද??
අරය බං..
කොයි කෙනාද??
අර සුදු කොන්ඩෙ දිග එක්කෙනා...
මතක නෑ නෙ.. කොහෙදිද දැක්කෙ..
අර පාර්ටි එකේදි ....ඇයි බං උඹ කථා කරේ
මං.................කාටද??
අර බං අරයගෙ නංගි...
කවුද? කාගෙ නංගිද???
අපේ ක්ලාස් එකේ හිටියෙ...මහත එක්කෙනා...
අර කලිසන් අදින ඇන්ටිද??
අන්න හරි... එයාගෙ නංගි..
ම්ම්ම්ම්ම්...
ෂාහ්.... ලස්සන කෙල්ල නේද?
ඒත් බං..
එයා බැදල කිව්වනෙ...
ඔවු එයා බැදල.. ළමෙකුත් ඉන්නව..
ඉතින් බං මට කැමති.....?
ඔවු.. උඹත් එක්ක කථා කරන්න ආසයිලු...
එතකොට බං....
ඇයි..???
එයා මට ලවු නැද්ද???
පිස්සුද යකෝ...
එහෙනන් මගුලකටද කථා කරන්නෙ......??

(සිතුවිල්ලක් පමණි.........:D )

Saturday, August 28, 2010

පෙම් කවක් ලියා තරු අහස පුරාවට


පෙම් කවක් ලියා
තරු අහස පුරාවට
සද කෙමියෙන් සරසවා
සද සාවිටත් රහසේම
මගේ කුමරි ලගට විත්
කියූ කවි තුරුලේම
මා දමා යන්න යයි
කවි කිසිත් නොබලාම

තරු කැටත් හිනෙහේවි
මගේ පෙම් කවිය දැක
ඇය තවත් දුර යාවි
නොදැන ඇය කවිය වග
සද හොරෙන් සැගවේවි
මං විදින කදුල දැක
ඔවුනොවුන් හිනෙහේවි
තනිකඩය තවම මම

උරුම නැති පෙම් හිතට
ඇයිද නුඹ ලං වුනේ
මගේ සිත හඩවන්න
ඇයිද මං පෙම් කරේ
දුර උන්න නුඹට
ඇයිද මං ලං වුනේ
පෙම් කරපු පවට මට
මේ දුකද හිමි වුනේ

Thursday, August 26, 2010

උඹ කොහොමද එහෙම කරන්නෙ....

රාක්කෙට වෙලා බුම්මගෙන ඉද්දි
මමයි උඹව තෝර ගත්තෙ
මේස උඩ තියල
වටේට පිගානුත් තියල
මට ඕනි තරමට දාල
මමයි උඹව ගිල ගත්තෙ
ටික වෙලාවකට පස්සෙ
.................................
උඹ කොහොමද ??
මං කකුල තියන තැන
තීරණය කරන්නෙ...
ඒක මගේ කකුලනෙ...?

Wednesday, August 25, 2010

මරුවා එන්නෙ නැතුවද මා යන්නට කැදවා......


පාට සිහින ලෝකෙක අපි උන්නා රජ කෙරුවා
ලස්සන රෝස මල් මැද හිද අපි නැටුවා
පෙර කළ පවට සැඩ සුලගක් දසතින් අවා
ලොවටත් හොරා නුඹ මාගෙන් වෙන් වූවා

දිවියම පලක් නැත නුඹ මට පිටු පෑවා
ලස්සන සිහින ලෝකෙන් මං බිම වැටුනා
මේ දුක දරන්නට මගෙ සිත සවි නැතුවා
මරුවා එන්නෙ නැතුවද මා යන්නට කැදවා

පෙර කළ සියලු පව් ගෙවලා දැම්මා
මරණය බයක් නැත මං ලොව තනි වූවා
මං මිය ගියත් හැඩුමට කවුරුත්
නැතුවා
මරුවා වරෙන් විගසින් මා යන්නට කැටුවා

මතු උපදින භවේ නුඹ මට හිමි වේවා
මේවන් දුකක් නැවතත් නොලැබේවා
නුඹ නැති
ලොවක් මට නම්ල නැතුවා
මරණය වරෙන් මම නම් තව
බිය නැතුවා

මාරයාගේ සටහනකට මා විසින් දැමූ comment එකකි.

Monday, August 23, 2010

සද වැටිලා....


අර බලන්නකො හද වැටිල
කෝ... කොහිද.. මට පේන් නැහැනෙ...
අර බලන්න .. අර පොකුණ මැද තියෙන්නනෙ
ඔව්මයි.. බලන්නකො ලස්සන
ලස්සන නෙමේ අනේ...
එයා ගිලිල මැරෙයි... මං බේර ගන්නද...
එපා. ඔයාට පිස්සු??
බලන්න ඒක එහෙම තියෙද්දි කොයිතරන් ලස්සනද
ඒ උනාට සද අමාරුවෙන් ඉන්නෙ
අසරණ වෙලා.. ඔයාට දුක නැද්ද මං බේරගන්නද??
එපා......
මං ආසයි එයා එහෙම ඉන්නව බලන්න
කොයි තරන් ලස්සනද..
වතුරෙන් යට වෙලා අසරණ වෙලා ඉන්න ලස්සන...
බලන්න ඒත් සද ලස්සනට බබළනව
මං ආසයි එයා එහෙම ඉන්නව බලන්න
ඒත් සද දුකින්නෙ
කමක් නෑ.. මං සතුටෙන්නෙ.....
ආහ්....
මොකද දුනේ
ඇයි ඔයා ගලකින් ගැහැව්වෙ
බලන්න දිය රැළි ගිහින් හිනාවෙ
න සදට වද දෙනව
කොයි තරන් ලස්සනද?
ඔයා ආස නැද්ද
මං නන් හරිම ආසයි එයා එහෙම ඉන්නවට...

Wednesday, August 18, 2010

කසාදයෙන් පසු නිවසෙහි ගෙවන පළවෙනි දවස

(මෙය මගේ බ්ලොග් සටහනක් ලෙස හෝ මින් පෙර පළ නොවූයේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ඇති උවමනාව නිසාය..)



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

සියලු බාධක බිද මීට දින කිහිපයකට පෙර අප විවාහ විය.පෙම්වතිය මාගේ බිරිදයි.. මා ඇගේ සැමියායි..නැවුම් වගකීම් රැසක ආරම්භයයි.සතුටක් හා බියක් මුසු ආගන්තුක නව දිවියක ඇරඹුමක අද මුල් දිනයයි..

මා සිතන්නට වීමි.. අපව වෙන් කිරීමට පැමිණි සියලු බාධක මග හැර අප ලැබූ ජයග්‍රහනය පිළිබදව මා සිත තුල ඇත්තේ අහිංසක වූ ආඩම්බරයකි..පෙම්වතිය දැන් මාගේ බිරිදයි..සියලු දුක සැප බෙදා ගනීමට ඇය මා අසල සිටී. තවද මා දුක් විදීමෙන් පලක් නැත. ඇය දැන් සියලු දේ අත්හැර මා සමග පැමිණි ඇත..

සුලුවෙන් උවද කිසිවෙකුටක් ණය නොවී අප විසින් ගත් උත්සවය පිළිබද වාර්ණනා බෙහෙවින් විය.. එහි සියලු පැසසුම යා යුත්තේ මා වෙනුවෙන් මෙවන් කැපවීමක් කළ මාගේ බිරිදටය.සිත තුල පැවති දහසකුත් අශාවන් සිතතුලම සගවා සියලු වියදම් අඩු කිරීමට ඇය ගත් උත්සහය කිසි විටකත් මා හට අමතක කළ නොහැක..මගුල් දිනය සදහා ආරධනා කළයුතු බොහෝ පිරිසක් සිටියද ලගම හිතවතුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් උවද ඉතා මැනවින් විවාහ කටයුතු ඉටු කළ ගත හැකි වීම සතුටට කාරණයක් විය.. මුලදී දෙමාපියන් විරුද්ධ වුවද අවසානයේදී ඔවුන‍්ගේ පිහිටක් නොවෙන්නට ‍අප වඩාත් අසරණ බව අප හොදින් දන්නා කාරණයකි..

අද අප විවාහ දිනයෙන් පසු නිවසෙහි ගෙවූ පළවනි ‍දිනය විය..මීට පෙර සැමදාම මා තුරුලු කරගත් කොට්ටය සොයන්නට වීමි.. එය කොහේවත් නැත.. ආහ්... එය පෙරදින ඉවත් කළ බව සිහි වීමෙන් මා සිතට දුකක් ඇති වූවත් මගේ බිරිද මතින් නැගී ආ සුවදින් මා සිත නැහැවී යන්නට විය..

"මචං බැන්දව වෙනසක් නෑ බං.. කලින් කොට්ටයක් බදා ගෙන නිදා ගන්නව.. දැන් wife බදා ගෙන නිදා ගන්නව"

මීට දින කිහිපයකට පෙර මගේ මිතුරෙක් විසින් කිවූ වදනක් සිහි වීමෙන් සිහින් සිනාවක් දෙතොලේ සටහන් විය.. ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ...

මා බිරිදව තදින් තුරුලු කර ගතිමි...

"හ්ම්ම්ම්ම්....."

"වෙනද කම්මැලිය අද උදෙන්ම නැගිටල නේ.."

නිදි මතින්ම උවද මා තුරුලට වන් ඇගේ සුරතල් වදන් මා සිත කුල්මත් කරන්නට වූ අතර ඈ වඩාත් ප්‍රිය කරන ඇගේ නළල සිප ගැනීමෙන් මගේ ආදරය ඇයට පෙන්වා සිටියමි..

ඇය මා තුරුලේය.. කෙසේ නම් අදහන්නද.. සතුට වවා ගත නොහැකි තරමටම උතුරා යයි..

"මං ගිහින් තේ හදන් එන්නං......"

වෙනදා නම් අම්මා ලගට ගොස් ඉල්ලා සිටීමට සිදු වූ දෙය ඉටු කිරීමට ඇය මා අසල සිටී.. වාවාගත නොහැකි සතුටකින් සිටියද ඇයට මා හැර යන්නට දීමට තරන් සිතක් නොවුනි..

"කො අතාරින්න කො.. මං ගිහින් ඉක්මනට තේ අරගෙන එන්නං.." මගේ නලලත සිප ගත් ඇගේ දගකාරකම එළෙසමය.. මා වඩාත් ප්‍රියකල ඒ සුන්දර සිනහව දැන් සදහටම මාගේ වී හමාරය..

මගේ අත ඉවත් කල ඈ මා හැර යන්නට සැරසුනි..

"අනේ.. එපා මැණික... ඉන්නකො තව ටිකක්....."

"මැණික.. කාටද ‍යකෝ මැණික කිව්වෙ..."

සුපුරුදු කට හඩකින් තිගැස්සී ගියෙමි..

මගේ මිතුරෙකු මා අසලය..

"උඹ කොහෙද මෙහෙ??.." මා වික්ෂිප්තව ගියෙමි......

"ඇයි වස්සෝ.... තෝ මට එන්න කිව්ව නේ සෙල්ලන් කරන්න යමු කියල.. ඉතින් තෝ මහ දවල් බුදිය ගත්තම හරියනවද??.............."

"ලැජ්ජ නැද්ද හරකො මේ මහ දවල් නිදා ගන්න.."

තවත් මට මුගේ ගෝරනාඩුව ඉවසාගෙන සිටිය නොහැක....

"නෑ.. මට ලැජ්ජ නෑ.........................."

විවාහයේ පලවෙනි දවසට කෙලවූ මගේ මිතුරාට බනිමින් මුව සෝදා ගැනීමට ගියෙමි....


Tuesday, August 17, 2010

මට ඔච්චම් කරනවද නුඹ.......


කියන්න
මා හැර යන බව
නෙත් කොනින් මා දෙස බලා
තවත් කුමකට
සි‍නාසේවිද නුඹ
ඔහුගෙ සුව යහනේ
සැතපෙන නුඹ
තනිව වැලපෙන මගෙ යහනට එන්නෙ ඇයි
තවත් රිද්දන්නද ඕනි
මං අඩන බව පේන්නැතිවද.....
මං අසරණයි
නුඹත් එක දන්නව නම්.......
ඉදින්
තවත් කුමට මා දෙස නෙතු යොමයිද
යන්න නුඹ
අවසර දුනිමි මම
ඒත්
ඇයි මාව රිද්දන්නෙ
නෙත් අගින් දිලිසෙන සුන්දරම සිනහව
මං ගැන දුක හිතිලද
නැත්තනම්
මට ඔච්චම් කරනවද නුඹ.......

Monday, August 16, 2010

ආසයි මට........


ආසයි මට
සොයා පියඹා එන්න
රෑ තරුත්පුර හදත්
මගේ තනියට පාර කියන කොට
නුඹත් නිහඩව
හිදින හින්දාම
ආසයි මට සොයා
පියඹා එන්න
වළාකුල් යහනාවක
සතපවා සිනා මල් පොකුරු
වස්සන්න නුඹ මතට
ආසයි මට
හිනහැන්නෙ නුඹ තුරුලේම
ගලා යන ගං දියක සිලි සිලියේම
තියන්නට හිස නුඹ උකුල මත
ආසයි මට
ගැවසෙන්න නුඹ ලගම
ඒත්
ඔහු නුඹ ලගින් නම්

බයයි මට අහිංසක සිත රිදවන්න
තවත් බැහැ දුක් ගෙනත්
නුඹව ඉන් නහවන්න
සද තරුත් මිලිනවම හිටියාවෙ
මගෙ දුකත් මං ලගින් තනි වේවි
නුඹ නොදැක තව දිනක්
මෙලෙස සැගවී යාවි
නුඹ නොලැබ මං තවත්
අසරණව හිනැහේවි

Saturday, August 14, 2010

100 වෙනි පෝස්ට් එන

100 වෙනි පොස්ට් එක.... හිතට හරිම වදයක් උන දෙයක්.. මං බොලොග් කලාවට ආපු විදිහ කලින් ලව්වනෙ. බලපු නැති අය මෙතනින් බලා ගන්නකො.එතකොට මං මොනවද 100 වෙනි එකට ලියන්නනෙ........

දැන් වෙලාව 1.00 ත් පහුවෙලා.. මගේ ජීවිතෙන් ටිකක් ලිව්වවොත් හොදයි කියල හිතුනා....

පළවෙනි ප්‍රේමය නැති වෙලා ආගිය අතක් නැතිව ඉන්න කාලෙ මට මගෙම නංගියෙක් හම්බ උනා... නමින් විශාකා...ඇහැලියගොඩ තමයි එයාගෙ ගම... අපි ගොඩක් ලං උනා.. ගොඩක් මං ගැන තේරුන් ගත්ත මගේම නංගියෙක්...ඉස්සල්ලම ඒ කියන්නෙ පළවෙනි දවසෙ හම්බ වෙලා මං එයාට Mc.Donald එකෙන් අයිස් ක්‍රිම් එකක් අරං දුන්නා..චොකලට් අයිස් ක්‍රිම් ඉල්ලුවෙ.. ඒක කන්න අමාරුයි.. කාපු අය දන්නව ඇතිනෙ...අමාරුවෙන් එයා ඒක කාල ම‍ට තාම මතකයි එයා එදා කියපු දේ..

"අයියෙ අද තමයි මං පළවෙනි සැරේට මෙහෙන්අයිස් ක්‍රිම් කෑවෙ.... ඒත් මේක රස නෑ කිව්ව "(හී.. හී... චොකලට් අම්බානක් වැඩිනෙ.............)මං ආයෙත් වැනිලා අයිස් ක්‍රිම් එකක් අරන් දුන්නා....හී ..හී.. ඒ සතුට මං තාමත් විදිනව...

ඒ සුන්දර හිනාවෙ මතකය තාම මං ගාව තියනව.. පස්සෙ අපි ආදරේ කරෙ නැති උනාට එයා මගෙම නංගියෙක් උනා... මට ආදරේ කරෙ නැති උනා‍ට "ඔයා තමයි මගෙ අයිය" කියන තරමටම අපි ලං උනා... 2009 අවුරුද්දෙ ඒ කියන්නෙ මීට මාස 10කට කලින් තාම මතකයි එයා කථා කරල මට කිව්ව මං ආසයි ආයෙත්Mc.Donald එකෙන් අයිස් ක්‍රිම් කන්න මාව එක්කන් යනවද ඇහුවා... මං හා කිව්ව...

ඊට දවසකට කලින් (2009 ඔක්තොම්බර් 10..) එයාගෙ නංගි කථා කරල කිව්ව අයිය අක්ක මැරුණා ඩෙංගු හැදිල මල ගෙදර එන්න කියල.. ඒත් මං විශ්වාස කරේ නැහැ.. ඊට දවස් දෙකකට කලින් එයා මට කථා කරා...මාව බලන්න එනව කිවුව... අයිස් ක්‍රිම් කන්න ආසයි කිව්ව නංගියා............ මං කොහොමද විශ්වාස කරන්නෙ....
මං ආයෙත් ඇහුවා.... ගෙදර ලිපිනය අහගත්ත

මං මල ගෙදර ගියා....දෙවනි පාරට මගෙ පුංචි නංගියව දැක්කෙ මලමිනියක් විදිය‍ට..මේක ච්ත්‍රපටියක් නෙමේ.. සැබෑ සිදු වීමක්.. පුංචි ගෙදරක මිනිය තිබ්‍බෙ.. මං යද්දි සව් කොල වලින් මල් වඩමක් තිබ්බ...ඒක විතරයි තිබ්බෙ.. මගේ නංගියට තිබ්බෙ ඒක විතරයි.. ඒ මළ ගෙදරට යද්දි මං මුකුත් අරන් නොගිය දුක මං අදත් විදවනව.. අවු.21 මගේ නංගිව හිස් විදිහට වලදානව මං දැක්ක.. මං අවුරුද්දෙ දානෙ දෙන්න හිතන් ඉන්නෙ.. ඒකය මගේ යාලුවො ගොඩක් මට උදවු කරනව.. 100 වෙනි පොස්ට් එකෙන් මං එක දෙයක් ඉල්ලනව..
ඒ මගෙ නංගියට නිවන් සැප ලැබෙන්න කියල........

ඒක විතරයි මට කියන්න තියෙන්නෙ.. මං තරං කෙනෙක් නැති උනාම විදින දුක කවුරුත් විදල නැතිව ඇති..ඒ දුක කාටවත් ලැබෙන්න එපා...

100 වෙනි පොස්ට් එකෙන් මං ඉල්ලන්නෙ එක දෙයයි...

ඒක මගෙ විශාකා නංගියාට නිවන් සැප ලැබෙන්න...

මං වෙනුවෙන් එක්කෙනෙක් හරි ඒ ප්‍රාර්ථනාව කරනන්න.. මට ඒ ඇති....

මේ 100 වෙනි පෝස්ට් එක මං මගේම නංගියෙක් විදිහට බලා ගත්තු මගේම විශාකා නංගි වෙනුවෙන්..

මගේ විශාකා නංගියාට නිවන් සැප ලැබේවා!!!!

ඒකට පිං මදි නං කවද හරි මගේම දරුවෙක් වෙලා ඉපදෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව......

අනික මාව මේ තරන් දුරත් අරගෙන ආපු ‍මගේ මේ බ්ලොග් එක කියවන හැමෝටම ගොඩක් ස්තූතියි..

නම් විදිහට කියන්න ගියොත් ගොඩක් අය ඉන්නව.. ඒ අතරින් ටිකක් කියන්නන්.. නිපූ.....සුදාරිකා...වැප්.. ගීත්..ඉලන්දාරියා.. රවා..පබලු... සමන්මලී නගා..... ගොඩක් මං ගැන හොයල බැලුව.. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි....

මගේ මේ බොලොග් එක කියවන ඔයාල නිසා තමයි මං සතුටින් ඉන්නෙ.. ඒකට ඔය හැමෝටම ගොඩක් ස්තූතියි.....ඔයාල දෙන කොමෙන්ට් එකක් බලලා මං ගොඩක් සතුටු වෙනවා..ඒ හැම දේටම ගොඩාක් ස්තූතියි....

තවනන් කියන්න මුකුත් මතක් වෙන්නැහැ... මගේ අතින් කාට හරි නොදැනුවත්ව හරි වරදක් වෙලා තියනව නන් සමා වෙන්න....

ඔයාලා හැමෝටම සතුටින් පිරිච්චි ජීවිතයක් ලැබෙන්න කියල මං පතනව...

ස්තූතියි හැමෝටම...



Thursday, August 12, 2010

නුඹ මගෙ වෙනවද කියන්න


සමනළතටු පිහාටුවෙන්
දේදුනුවල පැහැය අරන්
සුදු සිහිනෙක පාට ඔතන්
නැවත එන්න නුඹ රහසින්

පියඹ යන්න අහස පුරා
රන්තරු මල් පිපෙන තුරා
ආදරයෙන් ලගට වෙලා
ඉන්නවාද මගෙම වෙලා

සයුරු වෙරළ රළ මනින්න
නුඹග උකුලෙ හිස තියන්න
අහසේ තරු කැට ගනින්න
නුඹ මාගෙම වෙලා ඉන්න

හිස පිරිමැද අතගාන්න
නුඹෙ නළලට හාදු දෙන්න
මගෙ තුරුලේ හිස තියන්න
නුඹ මගෙ වෙනවද කියන්න


හ්ම්ම්ම්ම්ම්ම්........99වෙනි පොස්ට් එක.ඊලගට 100.. ආයෙත් හිතන්න ඕනි දෙයක්..හ්ම්ම්ම්ම්ම....

Wednesday, August 11, 2010

අවසන් ගමන් යන්නට මිදුලට බැසීමි....................


සෙනග අතරින් එකෙකු පැමිණෙයි
මටත් රහසේම පියනින් වසා දැමීමට සැරසෙයි
අඩ අදුර මා අවට පැතිරී යද්දී
දෙපසින් දල්වා තීබූ පහන් සිලේ එළියෙන්
නුඹ දුව එනු පෙනිණි
දෙතොලින් පවසන්න වෙර දැරෑවෙමි
එක් වරක් ඇගේ රුව බලන්නට ඉඩ දෙන්න
නමුදු මුවින් වදනක් නැත
දෙතොලම නිසලය
ගලා යන්නට කදුලු නැත
නුඹගේ විලාපය මැදින්
විසි කෙ​රූ රෝස මල
මගේ දෙතොල සූරාගෙන පහලට ඇදී ගියද
එය නවතා ගන්නට වෙර නොදැරුවෙමි
අගුලෙන් පියන හිරවී යනු ඇසිනි
සෝ විලාපයවන් අතරින්
මිතුරන්ගේම උර මතට නැගී මා
ඇගේ මුහුණත් නොබලාම
අවසන් ගමන් යන්නට මිදුලට බැසීමි....................

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...
There was an error in this gadget