Tuesday, January 25, 2011

සුරඟන නුඹයි!!!



ඇවිදින් පසු කරන් මහ කදු ෂිඛර මැදින්
සෙව්වෙමි මමත් සුරගනියක නිතර සොවින්
පෙර අන් ලදුන් හමුවූවද සුරගනක වෙසින්
නුඹ පුද කල සෙනේ නැත දැනුනේ ඒ විලසින්


ඇත මගේ සිතත් අන් ලදුනට පුද කරලා
මං පෙම් කලා ඔවුනට මට උරුමයි සිතලා
හදවත තලා නොකියා මා තනි කරලා
මං තනි වුන විටදි නුඹ සිටියා ලගට වෙලා

පෙම් බසම් දොඩන්නට නුඹ හා තුරුල් වෙලා
කිසිවිට පැතුවෙ නෑ නුඹ ගැන සිහිකරලා
පෙර සසරක පුරුදු ලෙසදෝ මට ලං වීලා
හදවත රැගෙන නුඹ ඇත දැන් මගේ වෙලා


නැතුවට තුරුළු වී පෙම් බස් මුමුණන්න
නුඹ වත මඩල නැත හැමවිට දැකගන්න
අප හමු උනත් එක මොහොතක තනිවෙන්න
නැත අන් කිසිත් ඒ පෙම හා සමවෙන්න

7 comments:

  1. හ්ම් හ්ම් මොනවා කියන්නද මංදා......... මේක ලියලා තියෙන්නේ හරියටම මොකක් ගැනද කියලයි මට තේරුන්නැත්තේ.....

    ReplyDelete
  2. මල්සර ඔන්චිල්ලාවක හිදවා..
    ඔබ ඈය තාලෙට නලවනදා
    රබන් ගසන්නට ඒ සුබ මොහොතේ
    මටත් එන්න කියපන් කොල්ලා

    ReplyDelete
  3. මගෙනුත් වතුර පාරක්......

    ReplyDelete
  4. ආව් ආව් සෝඩා කඩාලා ගේන්නේ
    බයිට් එකට ඉස්සෝ ඩෙවල් දාන්නේ
    අදෝනාව නිම වෙන්ටයි හදන්නේ
    පසනයා පවුල් වෙන්ට වගෙ හදන්නේ

    බිරිද සතුටු කරන අයුරු කියන්නේ
    ඒ ගැන පොත් පත්මලු දැන් හොයන්නේ
    ඒ මුත් නැහැ තාමත් මූ කියන්නේ
    මුගේ පවුල මොන ලැයිමෙද සිටින්නේ

    කවුද දන්නේ මූගේ හොර බිත්තරේ
    රකින කිකිලි කොයි අටුවෙද සිටින්නේ
    දන්න කෙනෙක් පැපරාසීයා වෙසින් නේ
    ගිහින් ෆොටෝ අරන ඇවිත් දියන් නේ

    ReplyDelete
  5. හරි හරි මෙන්න මූ අලුතෙන් සෙට් වෙච්ච කෙල්ලට කවියක් ලීලා :)
    ඔය අහුවුනේ හොරේ :)

    ReplyDelete
  6. kawda me suranganawi............
    kavi tika nam lassanai

    ReplyDelete
  7. පට්ට පට්ට
    පට්ටම කවි පෙළක් පතයෝ

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...