Tuesday, May 24, 2011

හොද වෙන්න හොදම නෑ

මං කොහේද මන්ද අහල අහල තියනවා තමන්ට එක කම්මුලකට ගැහැව්වොත් අනිත් කම්මුලත් අල්ලන්න කියලා.. ඒක ඇත්තද.. මං හිතන්නෙ එතනින් කියන්න උත්සහ කරන්නෙ පළිගන්න එපා කියන එක.. අපේ බුදු හාමුදුරුවො කිව්වා වගේ වෛරයෙන් වෛරය නොසන්සිදේ කියන එකනෙ..

දැන් මලහත්තිලව්වෙ අපි ඔය විදිහට කරාම අපිට මොකද වෙන්නෙ... මං නන් අත්දැකීමෙන් කියන්නෙ එක පාරක් ගුටි කාල අනිත් කම්මුල ඇල්ලුවම ගහනවා ඊටත් වඩා හයියෙන්.. හරි ඉවසන් හිටිය කියමුකො..එතනින් ඒක නවතිනවද???... නෑ.. ඒ මදිවට වටේ ඉන්න උන්ට ගහපු එකා ගිහින් කියනවා
බලපං මං අරූට ගැහැව්වා...
ඉතින්.. ඌ උඹට ගැහැව්වද??
මොන පිස්සුද බං.. ඌ නිකං නෝන්ජ‍ල‍යෙක් වගේ හිටියා බං..

සමාජ යථාර්ථය හා අප ඉගන ගත් දෑ අතර පැහැදිලි වෙනසක් පවතී.. මෙවැනි සිදු වීමකදී අපි ප්‍රථිචාරයක් නොදක්වන්නේ නම් අප වැරදිකරුවන් වෙති.. සමාජය වටහා ගන්නේ අප වැරදිකරුවන් නිසාවෙන් අප ඉවසා සිටිනා බවය.. එය තව දුරටත් පහදා දුනහොත් තමන් නිවරැදි නම් තමන්ට පහරක් ගැසූ විට පෙරලා පහර දිය යුතුය.. නැති නම් සමාජයේ සැමදා තනී වී සිටින නෝන්ජලයෙක් වී සිටිය යුතුවේ..

මෙය බුදු දහම හා අනිකුත් දහමන් පැවසූ දේ හා පරස්පරය.. මෙතන වරද සිදුවී ඇත්තේ ආගමික නායකයින් ගේ දේශානාවන් තුලද. නැති නම් මිනිසා ඔවුන් පැවසූ දෙය තේරුම් ගැනීමේදී සිදුවූ වරදක්ද?? මෙය සිතන්නට කාලය යැයි මට හැගේ..

අප හොද වුවහොත් අප සිතනා ආකාරයට අපට ලැබෙන යම් දෙයක් ඇතිද ඊට වඩා යම් දෙයක් සමාජය තුල කුහකකම් සහ වංචාපිරුණු සිත් ඇත්තන් ලබා ගනී.. එය යම් කිසි විටක මෙසේ තර්ක කල හැක.. හොද මිනිහා කවදා හෝ දිනනු ඇත.. මා අසා සිටින්නේ හොද මිනිහා දිනන දිනය කවදා හෝ උදා වී ඇත්ද යන්නයි.. අනිකාට කේලම් කියන තමාගේ හිත තුල සිරවුන හැගීම් තදකර ලොවට බොරු අවිහිංසාව පෙන්වමින් ජීවත් වන මිනිසෙකුගේ අභ්‍යන්තරය නුඹ මොනයම් හෝ දිනක අත්විඳ ඇත්ද..එවන් වූ මිනිසෙකුගේ කුරිරු වචනයකින් හදවතක් කොයි තරමින් වේදනා දෙනු ඇත්ද..

නමුත් ලොව පිළිගන්නේ කවුරුන්ද.. චංචාවෙන් අවිහිංසාව පොරවා ගත් මිනිසුන් නොවෙද.. අනිකාගේ මතය අවිහිංසා වාදියාගේ චාරිතය ඝාතනය කීරීමක් නොවන්නේද.. මේ සමාජය තුල පවතින මේ නොගැලපීම තේරුම් ගැනීමට තරම් මා බුද්ධිමතෙකු නොවෙමි..

අටලෝ දහමට කම්පා නොවීමට මා උගෙන ඇත.. මා තනියෙන් ජීවත් වෙන්නට අමුතුවෙන් උගත යුතු නැත.. නමුත් ගැටලුව ඇත්තේ පහර දෙන්නාට පහර නොදීමෙන් මා වැරදි කරුවෙකු වීමය.යම් දෙයක් අප ඉවසා සිටීමෙන් අනිකා ඒ වැරුද්දට එය රුකුලක් කරගන්නවා නොවේද.. අප වැඩ කරන සේවා ස්ථානයේ උවත් අනිකාට උදවු කිරීම පිණිස ඔහුගේ වැඩ බාරගෙන ඉටු කීරීමට යයි.. අවසන දෝෂාරෝපනයට ලක් වන්නේ උදව්වට ගිය පුද්ගලයාම නොවන්නේද.. එයට පිළිසරණක් සොයා ගිය විට පවසන්නේ කුමක්ද??

ඇයි ඉතින් උඹ අනු‍න්ගෙ දේවල් කරන්න ගියෙ..

මෙවැනි සිදුවීමකදී වැරදි කරුවන් කවුද? අනිකාට උදව් කිරීමට ගිය පුද්ලයාම වන්නේය.. මෙහි වරද ඇත්තේ කොතනද.. එවන් සිදූවීමක් කළ හොද පස්සෙන් ඒකමක් නොවන්නේද.. අප අන් අයගේ සතුට වෙනුවෙන් තව දුරටත් දුක විදිය යුතුද? එසේ නොවන්නේ නම් අප ඉගන ගත් ධර්මයත් සමාජ යථාර්ථයක් අතර පැහැදිලි වෙනසක් තිබිය යුතුය..

මෙවන් පීඩාවන්ගෙන් අසීමත තැළුම් කෑ පසු තව දුරටත් මුණිවත රකිමින් ධර්මය රැකිය යුතුයැයි තර්ක කළ හැකිද? එවන් වූ සමාජ පසුතලයක අසීමිත පීඩනයන්ට ලක් වන්නේ සමාජය හොද මිනිසුන් යැයි කියන්නා මිනිසුන්ම නොවේද??

මෙතන වරද නිවරදි කිරීමට දැන් කාලයක් නොමැත්තේය. මිතුරන් දෙදෙනෙකු සිටියද කම්පා නොවන්න.. මන්ද යත් මිතුරන් සියගනනක් පිරිවරා විදින වේදනාවන් වලට වඩා මිතුරන් දෙදෙනෙකු උවමනාවටත් වඩා වටිනේය..

යම් කෙනෙක් පහර ගසන්නේද දැන් පෙරලා ගැසියයුතු කාලයයි.. නැතිනම් මිනිසෙකු කම්මුලට ගෑසූ විට අනිත් කම්මුල නැවත ප්‍රහාරයකට බිලි නොදෙන්න.. නුඹ කළ යුත්තේ පහර ගැසූ පුද්ගලයින් ජීවි‍තයෙන් මුලින් උපුටා දැමීමයි..නැවතත් එවැනි පුද්ලයින් දෑසින් දැකීමට තරමින් පවු නොකරන්න... නො‍සැලෙන්න.. මිතුරන් නොවන මිනිසුන් සිය ගනනතට වඩා එක් මිතුරෙකු අගනේය..

මේ වෙනස් වන්නට කාලයයි..
මිනිසුනට උදවු කරන්න.. එක් වරකට වඩා උදවු කීරීමට නොයන්න..
මිතුරන් අදුනා ගන්න.. මිතුරන් වෙසින් සිටිනා පුද්ගලයින් ජීවිතයෙන් ඇත් කරන්න.. මන්ද යත් එය ජීවතයට සතුටක් නොව නිතරම දුක ගෙන දෙන්නේමය..
තමන් වෙනුවෙන් වෙහෙසෙන්න.. අනිකා අනිකෙක්මය.....
අමතක කරදමන්න.. නැවත කිසි දිනක මතකයට නොම ගන්න..
තනි වෙන්න.. ජීවිතය විඳින්න. කිසිදාක තනිකමක් නොදැනෙනු ඇත..
ජීවත් වන්න .. තමන්ගේ යැයි හැගෙන එකෙකු සමග...
උදවු කරන්න.. ගැරහීමක් මිස ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවන්න...
ධර්මය පිළිපදින්න නමුදු ධර්මයේ සහ යථාර්ථයේ වෙනස වටහා ගන්න..
ජීවත් වන්න.. මොන යම් දේ සිදු උනද තමාගේ සිනහව අමතක නොකරන්න..
සිනාසෙන්න .. සතුරාට පවා සිනාසෙන්න... මන්ද යත්

ඔබ දිනියයුතු නිසාවෙනි.. කදුලෙන් ජයගත් පුද්ගලයකු ලොව බිහිවී නැත.. බාධක මතින් හිනෙහෙන්න.. ජීවිතය පැරදුනද
තමාගේ අවසන් සුසුම විරුවෙකු ලෙසින් වා තලයට නිදහසේ මුදා හල හැක්කේය....තමන් මිය යන බව සිහි තබා ගන්න.. මියෙදෙන්නට මොහොතකට පෙර කම්පා සිතක් පහල නොවන්නට වග බලා ගන්න.. ප්‍රිය වචන කථා කරන්න.. මන්ද යත් වා තලයේ තමන්ගේ අමිහිරි ශාපය රැව්පිළිරැව් දෙන නිසාවෙනි.. අනෙකාට සාප නොකරන්න.. මන්ද යත් ජීවිතයේ කළ පවු බූමරංගයක් ලෙසින් නැවත පැමිණෙනු ඇත.. කෙදිනක හෝ තමන්ගේ පවින් තමන් සොවින් තැවෙනු ඇත.. එදිනට කම්පා නොවන්න... මන්ද යත් තමන් ඒ පව කර ඇති නිසාවෙනි....

නිතරම මතක තබා ගන්න..

කළ හොද පස්සෙන් පැමිණෙන බව...

එමනිසාවෙන් හොද කිරීමේදි දෙවරක් හිතන්න.............

10 comments:

  1. හ්ම්ම්... ඔය කාරනා වලින් බොහොමයක් පිලිපැදපු කාලයක් තිබුනා.ඒත් පසු ගිය කාලෙම ඒ දේවල් අමතක වෙලාම ගිහින් තිබිලා කියලා තේරුනේ මේ ලිපිය දැක්කම.
    ආයේත් මේ දේවල් මතක් කරලා දුන්නට ස්තුතීයි...

    මේ දවස් වල පසන් අයියා ලියන්නේ ව්‍යංගයෙන් වගේ...:))))))

    ~පබලු~

    ReplyDelete
  2. උඹ කියන දේ හරි. ධාර්මිකව ජීවත් වෙන්න බෑ දැන්. එක්කෝ ඒකට හරියන්න එකට එක කරන්න වෙනවා. නැත්තං මගඇරලා පැත්තකට වෙලා ඉන්න වෙනවා. ඔය දෙක අතරමැද නියුට්‍රල් තැනක් ආයෙමත් හොයාගන්න පුළුවන්නම් පොඩි චාන්ස් එකක් තියෙනවා කාලයක් ඉන්න. ඒත් බාහිර ලෝකය හැමවෙලේම අපේ ඔළුව උඩ වැටෙන්න බලාගෙන ඉන්න එකක්නේ... ජීවිතේ ලේසි නෑ... මරිසියෙක් වීම හැර විකල්පයකුත් නෑ වගේ... ;-)

    නියම ලිපියක් මචෝ...

    ReplyDelete
  3. සම්පුර්ණ ඇත්ත... මටත් ඔවැනි ආකරයේ සිදුවිම් විශාල ප්‍රමාණයක් සිදුවී තිබේ.... අදටත් මම එය නිවැරදි කර ගෙන නැත...

    ReplyDelete
  4. පබූ/

    මොන ව්‍යංගයක්ද හලේ.. කොහොමත් ව්‍යංජන නැතුව මේ දවස් වල ඉන්නේ.. හික් හික්..

    හොද හොදම නෑලු ඇ.......

    තැන්කූ හොදේ ඇවිත ගියාට........

    ReplyDelete
  5. hare :-) /

    හොදම දේ නිහඩ බව කියල අහල නන් තියනවා.. ඒත් ඒකත් හොද නෑ වගේ ‍බං..
    මොකද හොද හොදම නෑලු නේ.. හික් හික්..
    ගොඩක් ස්තූතියි මචං අදහසට...

    ReplyDelete
  6. නචියා/
    වැරදි තියනව නන් හදා ගනින් බං.. නැත්තං අපිටමයි කරදර වෙන්නෙ... :-D

    ගොඩක් ස්තූතියි මේ පැත්තට ඇවිත් ගියාට.....

    ReplyDelete
  7. /* මං කොහේද මන්ද අහල අහල තියනවා තමන්ට එක කම්මුලකට ගැහැව්වොත් අනිත් කම්මුලත් අල්ලන්න කියලා.
    */

    ඕක තියෙන්නේ බයිබලේ, ජේසු කිව්වාය කියලා.

    ReplyDelete
  8. ඔය කතාව කවුරැ කිව්වත් වැරදියි.. එක කම්මුලකට ගහපු මිනිහට අනෙත් කම්මුලත් දුන්න කියමු!!! හදිස්සියෙන්වත් ඒ මිනිහ කම්මුල් 2ටම ගහල තෘප්තිමත් ෙනාවුනොත්??? දැන් මොකද කරන්නෙ?? සමහරවිට ඔහු තෘප්තිමත් වෙනකම් සෑම අයුරකින්ම අනෙකට වද දෙයි... මමනම් හිතන්නෙ ඔය කම්මුල් 2ම දෙන විකාර කථාව පිළිපැදීම සමාජ දුර්වලතාවයක්... මිනිහෙක්ට කතා කරන්න සුදුසුම භාෂාව තමයි ඔහු කථාකරන භාෂාව... ඒක නිසා අාගමික වශයෙන් ඔය කම්මුල් 2ම දෙන කථාව හරි උනත්!!! වර්ථමාන සමාජය system 1 සමග අපරාජිතව ජීවත් විමට නම්, ටිකක් අළුත් විදිහට හිතන්න වෙනව...
    හම්ම්ම්ම්ම්..... "සමහර අය අහයි ඒහෙම කරහම හරිද"? කියල.
    අළුත් විදිහ කිවවෙ අාගම ධර්මය අමතක කරන්න කියන ඒක නෙවෙයි, ඒත් සිරාවටම මමත් කියන්නෙ සෑම අාගමකම සංෙශා්ධනය වියයුත් විවහාරයන් බහුලයි.. ඒව තමන්ගෙ දවසෙ වාසියට සරිලන විදිහට හදාගන්නවද, නැත්නම් සමාජය හදන්න පුලුවන් විදිහට සංෙශා්ධනය කරනවද කියන කාරණය ගැන තමන් තමන්ට අවංක වන්න.... (හම්ෙම්.....අමාරැෙවන් type කරෙත..... මගෙ Unicode Upset සමහර letters type කරන්න බැහැ... So...I'm sorry for the spelling mistakes!! :D ටටා...

    ReplyDelete
  9. හොඳ වෙන්නම හොඳ නැත.

    තවත් කතාවක් එක් කම්මුලකට ගැසූ විට අනික් කම්මුලත් අල්ලන්නයැයි ගාන්ධිතුමා කියා ඇති නිසා අනික් කම්මුලත් අල්ලන මුන්නා බායි මෑන්ට ආයි ගහන්න ආපු පොරට පෙරල ගෙන ගහලා කියන්නේ ඊට පස්සේ මොකද කරන්නේ කියලා බාපු [ගාන්ධිතුමා] කියලා නැහැනේ කියලා :))

    ReplyDelete
  10. මම හරිම අාසාෙවන් කිෙයවිවා‍.ෙගාඩාක් ස්තුතියි.හරිම වැදගත් ජිවිෙත්ට.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...