Thursday, June 2, 2011

කියන්නට කවියක්


කියන්නට කවියක්
සොයමි මං තනුවක්
ගයන්නට නුඹ නමින් මොහොතක්
හිඳිනු මැන තවත් එක් දිනයක්

ගලන දිය දෝතක්
රැදෙයි නම් දෑත මත මොහොතක්
රැක ගන්න තව දිනක්
හැකිය නුඹ අන්සතුව පිපුනත්

සඳක් සේ පෙනුනත්
දනිමි හිරු රැසේ සැඩ කවදත්
නමුදු නුඹ ලගට ඇවිදින්
සැතපෙන්න හැකිද මොහොතක්

දෙනෙත මත පිපුනත්
බැරිය සිප ගන්න සිතුනත්
සිහිනයක් විලස නුඹ සිටියත්
එපා ඇහැරෙන්න කවදත්


12 comments:

  1. "සිහිනයක් විසල නුඹ සිටියත්"

    පසන් ළමයා අකුරක් මාරු වෙලා වගේ කියලා හිතෙනවා...

    "රැක ගන්න තව දිනක්
    හැකිය නුඹ අන්සතුව පිපුනත්"

    අයේ මොනවා රකින්නද අන් සතුනං ඒ සතු කෙනාම බලා ගනී නෙව..:D

    ReplyDelete
  2. තැන්කූ අයියා වැරැද්ද පෙන්නල දුන්නට.. මං ඒක හැදුවෝ...:-D

    ReplyDelete
  3. පසා කවිය ලස්සනයි.. උඹව මම දැන් දන්නවා.. උබෙ මුහුන කට හඩ මම දන්න හින්දා මෙ කවියෙ ලස්සන මට දැනෙනවා අඩුයි. මම උඹව දන්නෙ නැහැ කියලා හිතලා කියවද්දි තමයි මෙකෙ ලස්සන පෙනුනෙ... හරිම ලස්සන කවියක් මචන් ... හම්බුන වෙලාවක මතක් කරපන් මෙ කවිය ගැන ...

    ReplyDelete
  4. රවා කවි වල රස විඳින්න එකෙක් යෑ.

    ReplyDelete
  5. ශා... මේක හරිම ලස්සනයි පසන් මල්ලි....

    ReplyDelete
  6. මේක නම් පට්ටයී

    ReplyDelete
  7. හරිම ලස්සනයි පසන්....

    ReplyDelete
  8. lassana kavi pada walak...........

    ReplyDelete
  9. ලස්සන පද පේලිය,

    ReplyDelete
  10. සිහිනයක් ලෙසට මම පෙනුනත්
    මගේ දැසට එබී එක මොහොතක්
    බැලු විටක පෙනෙයි නුඹටත්
    මසිත පිපිපෙම කොතරම් ද මනරම්..

    ReplyDelete
  11. "දෙනෙත මත පිපුනත්
    බැරිය සිප ගන්න සිතුනත්
    සිහිනයක් විලස නුඹ සිටියත්
    එපා ඇහැරෙන්න කවදත්"
    මේ පද ටික තමයි මට නම් ලස්සනම..!

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...