Saturday, October 15, 2011

ගූගල් බස් මියයන්නට පෙර - පළවනි කොටස



ගූගල් බස් යනු මා දිවියේ අලුත් පිටුවක් පෙරලන්නට සමත් වුන.. ආදරණිය නවාතැන් පලකි...ලොව ඇති වූ යම් දෙයක් නැති විය යුතුය.. එය එසේ හෙයින් ගූගලයාද ගූ ගල් බස් වල අවසානය මෙසේ දැනුම් දී ඇත.






Google Buzz is going away, but your posts are yours to keep
In a few weeks we'll be retiring Google Buzz. At that time you won't be able to create any new posts, but your existing content will remain accessible in two important ways:
  1. You can view it on your Google profile
  2. You can download it using
දිනය 2010 - අගෝස්තු 26 -
එය මා බස් ලොවට පය තැබූ ප්‍රථම දිනයයි.. ජීවිතයක නව පිටුවක ආරම්භයයි..

කන බත් පිඩක් පාසා නුඹ සිහිවෙනවා
තනිකම සිතට නිරතුරු මගෙ වද දෙනවා
නොදකින නුඹේ නිල්​ නෙතු සිහිවෙනවා
තවනන් බැහැ ඉවසන්න මං විගසින් එනවා

තව මල් පිපීයන් ලොව සුන්දර වන්න
රන් සමනලුන් පියඹාපන් රොන් ගන්න
නුඹ තව හිනැහියන් ම​ගෙ සිත තුටු වෙන්න
මං නොදුටුවත් මගෙ පෙම පිළිගන්න

ගෙල වට රන් මාල බැදලා සරසනවා
මංගල පොරුවේ මං නුඹ හිදවනවා
ගමටම මගුල කියලා නුඹ ගෙනයනවා
නාඩන් නගේ ලගදිම රැය එළි වෙනවා
.........................................................................................................................................
2010 අගෝස්තු 27
ආසයි මට ලොවට හොරෙන්
ඔබ වෙත පියඹලා එන්න
තරු පොකුරෙන් පාර අසා
නුඹ කොහිදැයි සොයා ගන්න

සිනා පොකුරු දෝත දරා
නුඹෙ සුසුමේ පා කරන්න
මුලු ලොකෙන් වහන් වෙලා
හැකිනම් නුඹෙ මගේ වෙන්න ...........:-D
...........................................................................................................................................
2010 අගෝස්තු 30
පුන් සද ඇයිද අහසේ හිනෙහනේනේ
තරු වැල් කිමද නිදි නැති රෑ බබලන්නේ
මිහිදුම් වලා ඇයිදො පියඹා යන්නේ
නුඹ නැති ලොවක් ඇයි මෙලසින් දිදුලන්නේ

පිණි දිය වැටුන පිට්ටනියේ අවිදින්න
මල් වැහි තුරුලෙ තෙමිලා හිනෙහෙන්න
නුඹ තුරුලේම මුමුණන ගී අහගන්න
තව එක වරක් නුඹ ඇවිදින් සැතපෙන්න
..........................................................................................................
2010 අගෝස්තු 30
මේ ඇස් පියවෙන්නට මත්තෙන්
දකින්න ඇත්නම් නුඹ රුව රහසින්
අන්සතු ළදකට මා පෙම් බැදුමින්
දුක විතරද අද උරුමය මෙලසින්

හඩන්න කදුලැලි දෙනෙත පිරෙන්නට
නගන්න සුසමන් සිහිවන සැම විට
හිදින්න නුඹ ලග මේ හැම මොහොතට
කියන්න ඇයි නුඹ හැර ගියෙ මෙලෙසට

නුඹටත් රහසින් මං පෙම් කෙරුවා
හැර යනතුරු එය නොදැනිම තිබුනා
නුඹ අන් තුරුලක සතුටින් වෙසෙනා
දෙනෙතට රහසින් කදුලැල් ගලනා

අහිමි බවක් මට පෙර සිට දැනුනා
මටත් හොරා සිත ප්‍රේමෙන් වෙලුනා
අසන්න මේ පෙම නුඹ ලග නැතුවා
නොදනිමි තවමත් මගෙ සිත හඩනා

නුඹ රුව දැකුමට සිත වද දෙන්නා
අහිම උනත් නුඹ මගෙ පෙම ලෙසිනා
නුඹව ලබන්නට නොහැකියි දැනුනා
ලොවට හොරෙන් සැගවෙන්නට සිතෙනා


එම නිසාවෙන් ගූගල් බසය තුල මා කල කී දෑ සුන්දර මතක සටහනක් ලෙසින් බ්ලොග් පිටුව මත රඳවා තැබීමට මා තීරණය කලෙමි.. පුරා අවුරුද්දක් පුරාවට ලියූ දේ ඇති නිසාවෙන් කොටස් ව
ශයෙන් මෙය පළ කිරීමට සිදු වී ඇත..එය මෙසේ සනිටුහන් කරන වගයි.


11 comments:

  1. මේ අඳෝනා අහන්න අපිත් ජීවත් උනානේ මේ ලෝකේ.... චිහ්...

    ReplyDelete
  2. මොන පික්සුද අනෙ බස් නැති උනාම වෙන එකක් එයි ටොයිලට් පේපර් නැති උණාට වැලි කඩදාසි වලින් හරි ඒ අවැසිතාවය රී ප්ලේස් වෙනව නේ...

    ReplyDelete
  3. අහන්න දෙයක්ද ඉතිං ගූගලාට බස් එපාවෙච්චි එක ?????

    ReplyDelete
  4. lolz පස් ඉන්නෙ තනිය මකන්න

    ReplyDelete
  5. අනේ ඔය බස් කියන්නෙ මක්කද? කියලා මං හොය හොය හිටියෙ.හොයා ගන්ඩත් කලින් මේ මගුල ඉවර වෙනවද???

    ReplyDelete
  6. KC /

    බස් එනවා නන් අන්තිම දවස් ටිකට හරි ඇවිත් යන්න...

    මෙන්න ලින්ක් එකක්..
    https://plus.google.com/115533808147961597561/buzz

    මේ පාරෙන් ඇවිත් බලන්නකෝ...

    ReplyDelete
  7. අපි එෆ්බී බස් පදිමු එතකොට !

    ReplyDelete
  8. ලොකු දෙයක් ඕක නැති වෙන එක :-D

    ReplyDelete
  9. උන්නු හැටියට මලා මදැයි කියලා තව මොකක් හරි එයි බං .....:D

    ReplyDelete
  10. අඩේ මේක දැක්කේ දැන්නේ බලමු බලමු අනිත් කොටසම් ටිකත්

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...