Thursday, March 1, 2012

මං යනවා... මාත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි....


සීත අහසෙ මල් යහනක
දේදුන්නක පිණි බිඳුවක
පායන රන් තරු දහසක
නුඹව සොයමි තවත් රැයක

පායන රන් විමන් යටින්
නීල නයන කැළුම් මැදින්
සියොත් නාඳ ගී අතරින්
නුඹ ගෙනයමි ලොවට හොරෙන්...

...........................................................................
නිදන නෙතු යුග දෙස
බලාසිටියෙමි...
නුඹ සිනාසෙනු ඇත..
මා දිහා බලාගෙන..
වැසු විමන් විවර නොකරම
නුඹ සිනාසෙනු ඇයිද..
දනීද නුඹ..
තවමත් මා නුඹ සමීපයේ..
සිටිය වග....

..........................................................................
නුඹ පෙම් කවිය විය
තාලය සොයා
අතරමං වුන
තවත් එක
කවියකුට.......

.........................................................................
නිල්වන් සේද ඇදි නුඹ ගත සරසාලා
රන්වන් නුඹ වතේ රතු තිලකය තියලා
දුටුවන් පිනවනා ඉග සොඟ නළවාලා
කැදවන් යන්න දෙනවද නුඹ මගෙ කරලා

........................................................................

මල හත්තිලව්වුවේ.. තොපිලට මතකද මං මල් සරාට යවපු ලිවුම.. මං ඌට ලියුමක් ලිවුවෙ අහවල් මගුලක් කරන්න හිතාගෙන නෙමේනේ.. අන්තිමේදි ඌ මටම කෙලින්න ආවනේ.. ඒ මගුල් ඔක්කොම ඉවර වෙලා මං උගෙන් සමාවත් ගත්තයි කියමුකො..එදයින් මෙදා සත්තයි මං ඌත් එක්ක අද වෙනකං කතාකරලා නෑ.. අනේ අම්මපා සත්තයි...


අර මහ පාන්දර කුකුලා අතේ අරං නැගිටගෙන ගිය මගුල තිබ්බෙ. අන්න එදා මට තාමත් මතකයි.. බිං කරුවල වැටිලා තිබ්බා මහ පාන්දර දහයට විතර.. සුදුම සුදු පාටයි මං ඇහැ ඇරලා බලද්දි.. මං ඌ වෙනුවෙන් නැගිට්ටා මිසක් සත්තයි වෙන ‍මි‍නිහෙක් නන් මං ඒ තරං උදෙන් නැගිටින්නෑ.. මල රෙද්ද අද ඔපිස් එකේ ඉන්ටනෙට් නෑනේ.. මේ ‍කුලියට ඉල්ල ගත්ත ඩොංගල් කට්ටකින් ලියලා දැම්නෙ නැත්තං හරි නෑ නේ..
තොපිලට ඉතින් මෝල් වගේ කට ඇරං බලං ඉන්නැතුව කල්පනා කරපල්ලකෝ මං මේ මොන අහවල් කෙංගෙඩියක්ද කියන්නෙ ‍කියලා.. හා ඇත්ත කියපං.. තොපිලට තේරෙනවද යකෝ මං මේ මොනවද කියන්නෙ කියලා..
මටත් තේරෙන්නෑ යකෝ.. තොපිලයට තේරෙන්නැත්තං අහවල් මගුලකටද යකෝ තවත් ඇස් ගෙඩි දෙක එලියෙ දාගෙන බලාගෙන ඉන්නේ.. ‍සික්.. හැටි විතරක් ‍තොගෙ.. ඊයා....

.............................................................................

ඔයාලට මං කිව්වට එහෙම අහක බලාගෙන යන්න එපා.. මං ඉස්සර ඉදන්ම කරේ ඔය වගේ බයිලා ලියපු එක.. ඔය උඩින් තියන හැම විදිහකින්ම මං බයිලා ලිව්වා..ඒවා ඔයාලා හැමෝම මෙලෝ රහක් නැති උනත් බැලුවා.. මට එක වෙලාවකට ඔයාල ගැන දුකත් හිතුනා. මං මොනවා ලිව්වත් ඔයාල කියෙව්වා..අද වෙනකොට පෝස්ට් 180 ක් විතර ලියලා තියනවා.. ඒ හැම දෙයක් එක්කම මාත් එක්ක හිටපු ඔයාලට ගොඩක් ස්තූතියි.. මං තීරණය කරා සමුදෙන්න.. මට දුකයි එහෙම කරන්න..ඒත් කරන්න දෙයක් නෑ.. ජීවිතේ එහෙම තමා.. හැම දෙයක්ම කාලය සමග නැති වෙලා යනවා..කාලය ගෙවිලා ගියාම ඒ හැම‍ දෙයක්ම අතීතය වෙලා.. එහෙම ගොඩ නැගුණු අවුරුදු දෙකක අතීතයක් අදට අවසන් වෙනවා...

එහෙනන් මට අවසරයි මට අදට මේ ලියමන නවත්තන්න...

මාත් එක්ක අවුරුදු දෙකක් පුරාවට රැදිලා හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි..අදට මං මේ බ්ලොග් කෙරුවාව පටං අරං අවුරුදු දෙකක් වෙනවා ඇ...

ආයත් කියනවා.. මා සමඟ මේ තරං දුරක් ආපු හැ‍මෝටම ගොඩක් ස්තූතියි..ඉදිරියටත් ඉතින් ඔයාලා මාත් එක්ක ඉදී කියලා මං හිතනවා.. ඔන්න එහෙම කරන්න ඕනි ඇ.........

ප/ලි...

මගේම සොහොයුරෙක් වගේ ඉදලා අද අප අතරින් වෙන් වී ගිය ඉලංදාරියා නොහොත් දිළුම් සහෝදරයව මතක් කරන්න ඕනි.. දිළුම්.. උඹට නිවන් සුව අත්වේවා.........

70 comments:

  1. නියමයි!!!

    හරිම සතුටුජනක ආරංචියක් :-D

    මෙහෙම කියලා උඹ ආයි එහෙම බ්ලොග් ලියලා අහු වෙන්න එපා :-D

    යනවනම් මකබෑවිලාම පලයන් මචන් :-D

    ReplyDelete
    Replies
    1. එකට කාපු බිපු එකෙක් යනවයි කියද්දි ටිකක් දුකයි ඌ ට යන්න හිතිලා යන්න හදද්දි... ඌට යන්න කියන්න බැහැ මට..

      පසා ඔන්න ඔහෙ මොනවා හරි කුණුහරපයක් ලිය ලිය හිටහන් බන්... අපිට තෙරුමක් තියන එකක් යැ... :D

      Delete
    2. මරේ.. මොනවැයි බං උඹ මේ කරේ.. හලේ සංසාරේ......

      Delete
    3. රවා.. තැන්කූ ඇ.. හොයල බැලුවට.. බලපං ඔය කුජීත මරයා තමා මාව කෑවේ.. ඊයා...... අසික්කිතයි අප්පා...:-D

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  3. අනිච්චාවත සංඛාරා....
    පසන් උඹ සාමදානයෙන් සැතපේවා.!

    ReplyDelete
    Replies
    1. හරි මචං.. තැන්කූ ඇ...:-D

      Delete
  4. හැපි බර්ත් ඩේ එකක් වේවා මගේ සඳට ...හැමදාම වගේ ලියන විදියට මම කැමති.ඒවා සජීවි.අදත් එහෙමයි..
    යන්න කලින් බලන්න කියලා ලින්ක් එක දාල තියෙද්දි යකෝ මු මොකාටද එන්නේ කියලා බලන්න ආවේ..අවුරුදු 2ක වගේම 22 උපන්දිනේටත් සුභ පතන්න මම එනවා.ජයවේවා!!!

    ප/ලි

    අවුරුදු දෙකක් ගියාද යකෝ පෝස්ට් 180ක් ලියන්න..සතියට දෙකට ලියල දාන්න තිබුනේ.ඔහොම කිව්වට 2009 ඉදන් ලියන මට තාම බැරි වුනා 100 පුරවන්න..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ පබූ..

      Delete
  5. අනිච්චාවත සංඛාරා....

    ReplyDelete
    Replies
    1. උඹටත් එසේම වේවා කිව්වා මචං.. තැන්කූ ඇ....:-D

      Delete
  6. පසන්ගේ බොගට නිවන් සුව අත්වේවා....!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඇ.. ඔන්න එසේම වේවා කිව්වා..:-D

      Delete
  7. සුබ පැතුම් පසා .....


    මොකෝ බන් අර උඩින් මරනෙයි පැට්ටයි විකාර වගයක් කියවල තියෙන්නෙ? LOL

    ReplyDelete
    Replies
    1. තැන්කූ නිශ්....

      මාරයටයි පැට්ටටයි පිස්සු බං.. උඹ ඔව්වා ගනන් ගන්න එපා..:-D

      Delete
  8. සුභම සුභ පැතුම් අයියෝ.....

    (අනේ මේ...විහිළුවට නේද මේ නවත්තනව කියන්න..?)

    ReplyDelete
    Replies
    1. පසන් කියන්නේ වැරදිලාවත් විහිළු කරන කෙනෙක් නෙවෙයි.. මම හිතන්නේ මේ ඇත්ත කියලා තියෙන්නේ...

      Delete
    2. පසන් දෙයක් කීවොත් කීවම තමයි . . . ඒ කියන්නෙ මේක වහනව වහනවමයි

      Delete
    3. අග්නි.. ධාරා.. තැන්කූ ඇ...
      මං ඔය කියන එව්වා ගනන් ගන්න එපා අනේ.. එව්වා.. බයිලා නේ...:-D


      අඩෝ සෝරෝ & ඕනයා....:-D

      Delete
    4. හිකිස්....පිස්සු විකාර නැතුව ඉන්න හලේ....:)

      Delete
  9. Matturukawa dakala apu sathutata bonna bothalekuth gatta.... Koheda yanne ne lu ne... Sik... Bonnath ne... :D

    Suba pathum pasana...

    ReplyDelete
    Replies
    1. පිස්සා මොකෝ කඩුවක් වන වනා... :D

      Delete
    2. පිස්සා.. කඩුව වනාගෙන ආවට කමක් නෑ.. ගෙනාපු බෝතලේ තියලා පලයන්... තැන්කූ බෝතලයකුත් අරගෙනම ආවට..:-D

      Delete
  10. Replies
    1. තැන්කූ තැන්කූ....:-D

      Delete
  11. මැද හරිය කියවද්දී මම මේ කල්පනා කලේ මේතරම් බැනුම් අහගෙන මීට කලින් වෙන පෝස්ටු කියවලා තියෙනවද කියලා.හරිම ලස්සන රටාව. අවුරුදු දෙකට සුභපතනවා. දැන් ඇයි නොලිය ඉන්නවා කියන්නේ. බොරුවට නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඇත්ත . . පසා කීවොත් කීව

      Delete
    2. කොහොමද අප්පා ඔයා ඔය තරම් විශ්වාසෙන් කියන්නේ?

      Delete
    3. පසන් කියන දේවල් උයාට විස්වාස නැති වුනාට අපිට විස්වාසයි....

      Delete
    4. තැන්කූ බර්ටී.. ආහ්.. නෑ.. තැන්කූ බට්ටී..
      බට්ටි ඔයා මෙයාල ‍කීන දේ අහන්න එපා අප්පා.. එයාලා නෝටි.. මං නයිස්..

      ස්තූතියි ඇ.....:-D

      Delete
  12. Happy Birthday ................

    ReplyDelete
  13. යකෝ මුගේ කවි බල බල ඉදලා අවුරුදු දෙකක්ද?සුභ පැතුම් මචෝ

    ReplyDelete
    Replies
    1. එව්වා බල බල අවුරුදු දෙකක්ම හිටියට ස්තූතියි ගොඩක්...:-D

      Delete
  14. සුබ පැතුම්...!!!!
    (යන තැනක හොඳින් ඉන්න බලපන්...:P)

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා අයියේ..
      තැන්කූ සුභ පැතුමට...

      Delete
  15. මචං . . . උඹ පරක්කු වෙලා හරි උඹෙං සමාජෙට වෙන්න ඕනෙ යුතුකම තේරුංගත්ත එකට මම සන්තෝස වෙනව . . . උඹට ජය !

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.. උඹලා වගේ උන් ආශ්‍රය කරලා තමා මාත් සමාජය තේරුං ගත්තේ.. හික්ස්...:-D

      Delete
  16. ඔයාට මටයී සුභ උපන්දිනක් වේවා

    අපි අද කේක් කමු

    ReplyDelete
    Replies
    1. කේක් හැදුවද කන්න... කෝ කේක්......:-D

      Delete
  17. අවුරුදු දෙකක් බ්ලොග් ලියනව කියන්නේ...

    අවුරුදු දෙකක් යම් විවේකයක් තිබ්බා...
    අවුරුදු දෙකක් ඉන්ටර්නෙට් තිබ්බා..
    අවුරුදු දෙකක් ජීවිතේ වැඩිය වෙනස්වෙලා නෑ..
    අවුරුදු දෙකක් හිතන විදිහ වැඩිය වෙනස් වෙලා නෑ..
    අවුරුදු දෙකක් ලියපුව කියවන අය හිටිය..
    අවුරුදු දෙකක් තිස්සේ ලියන්න දේ ඔලුවෙ තිබ්බා..

    එහෙම නේද මල්ලියෙ..??

    ReplyDelete
    Replies
    1. ඒක හැබැයි අයියා.. මොනවා උනත් අවුරුදු දෙකක් ගියා කියලා තේරුනෙත් නෑ අප්පා..
      ජීවිතේ නන් වෙනස් වෙලා නන් නෑ..
      ඉන්ටර්නෙට් තිබ්බා..
      හිතන දේ නන් වෙනස් වෙලා නෑ..හික් හික්..
      කියවන අය හිටිය එක තමා අයියා ලියන්න හේතු ‍උනෙත්.. එයාලට ගොඩක් ස්තූතියි..

      අයියටත් ගොඩක් ස්තූතියි.. හදිසියකට උපදෙසක් ගන්න හරි මගෙ යාලුවෙක් උනාට..:-D

      Delete
  18. Replies
    1. ස්තූතියි පූස් මළයෝ...:-D

      Delete
  19. කොහෙ යන්නද අනේ... මෙන්න මෙහාට වෙලා ඉන්න....

    ReplyDelete
    Replies
    1. ඔයා හිතන්නේ ඔයා ඉන්න කිවුවා කියා මූ ඉන්නවා කියල ද..?

      Delete
    2. මං කොහේවත් යන්නෑ සානී ඔයා දාලා.. බය නැතුව ඉන්න අනේ..:-D

      සොරෝ.. කට කට...:-D

      Delete
    3. ඔයා බයවෙන්න එපා සානි . . . පසා කීවොත් කීව . . ඒක නිතං ගලේ කොටපු පච්චයක් වගේ ඉස්තිරයි

      Delete
  20. අඩෝ එතකොට ෂර්ලොක් හෝම්ස් ලියන්නෙ කවුද? පිස්සු කෙලින්නෙ නැතිව ඒක ලියපං!

    ReplyDelete
    Replies
    1. ෂර්ලොක් හෝම්ස් ලියන්න .. හයියෝ.. මේක දාල නන් යන්නෑ ..

      තැන්කූ මේ පැත්තට ඇවිත් ගියාට.....:-D

      Delete
    2. ඕක ලියන්න බැරුව තමයි බං මූ මේ හැංගෙන්නෙ

      Delete
  21. ඒ කියන්නේ හඳ බැහැලා යන්නද හදන්නේ?

    ReplyDelete
    Replies
    1. පිස්සුද මකුළුස්.. මං යන්නෑ.. ඔයාල ලණු කන්න එපා අනේ..:-D

      Delete
  22. ඒ කියන්නේ අපි අවුරුදු දෙකක්ම අදෝනා අහලා... හෆොයි....

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. අවුරුදු දෙකක්ම අදෝනා අහගෙන හිටියට... ස්තූතිි ගොඩක් ඇ...:-D

      Delete
  23. යනවා කියන උන් යන්නේ නැහැ අපි ඒක දන්නවා අදත් බයිලාවක් නොවැ බොලා ලිව්වේ?

    ReplyDelete
    Replies
    1. බයිලා තමා බං අද වෙනකං කිව්වේ.. අදත් එලෙසම තමා.. හික්ස්.. :-D

      Delete
  24. නොදකින්!! කෝ බොල මම දාපු කමෙන්ට් එක..!!


    සිකේ.. මම කිව්වේ උම මේකේ යුසර් නේම් පාස්වර්ඩ් මට දුන්නනම් සෝයි කියලා අයියා මතෝ....

    පසාගේ හඳට හැප්පි හැප්පී බර්ත්ඩේ කිව්වා ඔන්න...

    ReplyDelete
    Replies
    1. හැහ්.. එහෙම කලින් කමෙන්ට් එකක් දැම්මද..මං දැක්කෙ නෑනේ සුද්දි..
      මේකෙ යුසර් නේම් පාස් වර්ඩ් දෙන්නෑ.. මේක මට ඕනි.. හික්ස්..

      ස්තූතියි සුභ පැතුමට සුද්දියේ..:-D

      Delete
  25. හා හා අදට ලියමන නවත්තපං. නවත්තලම දැම්මනං තමයි බං උඹ හරි දේ කරා කියල සතුටු වෙන්න පුලුවං

    හික් හික්... අපි නොදන්න චෙස්..

    ReplyDelete
    Replies
    1. අදට කතාව ඉවරයි.. හික් හික්.. උඹලත් චෙස් දන්නවද ඇ...ස්තූතියි ඇවිත් ගියාට මේ පැත්තෙත්..:-D

      Delete
  26. නියමෙට අඹරලා කියලා තියෙනවා...හි හී.... මාත් බැලුවා ලිවිල්ල නතර කරනවද කියලා...

    සුභ පැතුම් අවුරුදු 2ට...

    ReplyDelete
    Replies
    1. හි හී... තැන්කූ තැන්කූ.. සුභ පැතුවට...

      Delete
  27. සුභ පැතුම් අවූරුදු දෙකට

    යනවානම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන්.. හිකිස්‌

    ReplyDelete
    Replies
    1. හික් හික්.. යනවා නන් රත්තරං අරන් තමා යන්නේ..:-D

      ස්තූතියි සුභ පැතුමට ඇ...

      Delete
  28. බායි . . . !! හික්ස් . .

    උඹ ලියපන් බන් . . රට්ටු කියන ඒවා ගනන් ගනන් එපා . ..

    ReplyDelete
  29. ජයෙන් ජය. දිගටම ලියන්ඩෝ

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...