
අද කාලේ කේලං සිංහලෙන් කියන ගොසිප් කියන එව්වා පැතිරිලා යන විදිහට මේ වගේ අය පටාචාරා මහත්මියට ඇබැද්දිය වෙච්ච කාලෙ හිටියා නන් මොනවා වෙයිද කියලා මං මේ කල්පනා කරේ.. මටත් ඉතින් කල්පනා නොකර ඉන්නම බෑනේ..
දැන් ඔය පටචාරා මහත්මියට ඇබැද්දි ඔක්කොම වෙලා ගමට ආවම ගමේ ගෙදරත් පිච්චිලා ලුනේ.. ඉතින් තනිකඩ පිරිමි අය මග බලාන ඉන්නැති එක රැයක නවාතැන් පහසුකමක් දෙන්න..ඔය අතරේ අවංකව දුක හිතිච්චි එකෙක් පිරිමි එකෙක් (මොකද ගෑණියෙක්ගෙ කරදරයකදි ගෑණියෙක් පිහිට වෙන්නෑ.. තවත් වල කපන එකනේ කරන්නේ ) කතා කරලා ඔයා බුදු හාමුදුරුවො ලගට යන්න කියලා කියන්නැති.. ඒක දැකපු ගමේ මිනිස්සු කතා හදයි අන්න අරූ නන් ඒ ගෑණිටත් ටෝක් කරගත්තා.. ෂුවර් එකට අද රෑට ගෙදරට ගෙන්න ගනී කියලා.. ඒ මිනිහගෙ ගේ වටේට ගමේ මිනිස්සු රෑ වෙනකං වට වෙලා බලාගෙන ඉදී පටාචාරා ගෙදරට එනකං.. දැන් කාලෙ ඉන්න අයටත් ඕප දූපයක් නන් කන්න බොන්න නිදියන්න ඕනිම නෑනේ..
ඊලගට බුදු හාමුදුරුවො ලගට ගියා කියමුකෝ.. ඉතින් බුදු හාමුදුරුවො කියනවනේ කිසිම මිනිසෙකු නොමල ගෙයකින් අබ ටිකක් අරං එන්න කියලා. ඔන්න ඉතින් පටාචාර ලගම තියන ගමට යන්නැති..ගමට ගිහින් ඉස්සලම යන්නැති කඩේට.. මොකද කඩේ අබ තියනවා කියලා ෂුවර්නේ.. කඩේ මුදාලිලා මාර්කටින් පාරකටත් එක්ක ටිකක් වැඩි වෙලා කතා වට අල්ල ගත්තයි කියමුකෝ.. මුදලාලි හාමිනෙත් ඕං පොර දදා කතාව අහගෙන ඉන්නැති..දැන් ඔතනින් වැඩේ කෙරෙන්නෑ කියලා දැනුන නිසා පටාචාරා කොන්ඩෙ කඩාගෙන ඇදුම් බාගෙට ඇදගෙන වීදියට බැහැලා දුවන්නැති.. මේක දකිනවා ලිඳ ළග සංගමේ කාන්තාවක්.. ඔන්න ඉතින් හවස දිය නාන්න යන කාන්තාවො ටික සෙට් වෙනවා ..දැන් කතා වෙයි
මාර සීන් එකනේ.. අර එහාගමේ පටාචාරා.. අපේ මුදලාලියගෙ කඩේ ඉදලා ඇදුම් බාගෙන ඇදගෙන එලියට බැස්සනේ..
නෑහ්.. ඒකි මාරයි නේ. මිනිහත් මරා ගත්තලු නේ.. ඒකිගෙ පවුකාර කම..
ඔන්න ඔය කතාව ලිඳ ළග ඉන්න අනිත් ගෑණු ටිකත් අහගනී.. පස්සේ ගෙවල් වල ගිහින් මිනිහට ගිහින් කියයි..
අන්න පටාචාරා මිනිහ මරා ගත්තා මදිවට මුදලාලියා එක්කත් සෙට් වෙලාලු.. තමුසෙ එහෙම ඔය ගෑණිත් එක්ක කතා කරනවා නෙමේ..
මිනිහත් ඔව්වා අහගෙන ඉදලා පාර තොටට බැහලා යාලුවෙක් සෙට් උනාම..
මුදලාලිය නන් මරු බඩුව ඕයි. පටාචාර කොහොම හරි ඉස්සුවා නේ.
නෑහ්.. සික්.. අපේ ගෙදරටත් ඇවිත් අබ ටිකක් ඉල්ලුවනේ මං නැති වෙලාවේ... අපරාදේ. සුවර් එකටම මාව හොයං එන්නැත්තේ...
ම්ම්ම්ම්..
ඔන්න ඔය කතා ගමේ පැතිරෙද්දි පටාචාරා නොමල ගෙයකින් අබ හොයාගන්න බැරුව සංසාරෙ කලකිරිලා ආපහු දුක් මූණෙන් ගම මැද්දෙන් එද්දි.. කට පියාගෙනම ඉන්න බැරි එකෙක් එයාගෙන් අහයි..
ඇත්තද ඔයා මුදලාලියා එක්ක බුදිය ගත්තා කියන්නේ.. ඔයා නන් මාරයි ඇ..
(මොකද අනුන්ගෙ වැරදි වැඩිපුරම හොයන්නේ තමන්ට ඒ වගේ දෙයක් කරන්න ආසාවෙන් ඉන්න නිසාලු.. ඔය අපි අතින් වැරැද්දක් උනාමත් අපි කරන්නේ ඒ වගේ වැරදි කරපු තව අය ගැන හොයලා බලලා එයත් කරා නන් මං කරාට අවුලක් නෑ කියලා හිත හදාගන්න එකනේ..)
පටාචාරාට නිකං පිස්සු වගේ හිතෙන්නැති මේක අහලා..
දෙවුරම් වෙහෙර පෙනී පෙනී පටාචාරා ගෙල වැල ලා මිය යයි කියලා ගොසිප් සයිට් එකක යයි... ඒ මරණෙ වෙනුවෙන් පිංකං කරන්න මිනිස්සු ගොඩක් එයි.. පටාචාරා ගැන හොද කියයි.. ටික දවසකින් ඔක්කොම අමතක වෙයි...