Sunday, June 17, 2012

ආදරය සහ අරක්කු....












ආලයත් මත් වතුර වැනිය
ලබන විට මත් වන
මත්වී අසිහියෙන් අතරමං වන
මත් බව තුලින් ජීවිතය දකින
සුන්දර සිහින ගොන්නක පැටලෙන

මිය යන බවත් සිහි වන
එකම සිහිනයක ගිලෙමින් මිය යන

මත් වතුර සහ ආලය.....

නොමැති විට මත් බව
වේදනා දෙන ගත සිත
මිල මුදල් නැතිවුන හිස් පොකට්ටුව
සිහි කරයි මත් බවින් සිටි බව......

දිවුරමි..
නැවත කිසි දිනක මත් නොවන වග
අමතකව යයි දවස් දෙක තුනක් පසුවට
දිවුරුවුද පෙර දිනක එලෙසට
නැවත සිත යයි
මත් බවට පෙර ලෙස..

ඉදින්.. ආදරය සහ මත් වතුර ??....


18 comments:

  1. සැහ්.. මගේ බ්ලොග් එක විතරයි ඔය එක සංකල්පයෙන් බේරිලා තිබ්බේ.. ඒක විනාස උනා... අපසාදේ... ඊට හොදයි පෝස්ට් එකට බැනලා ගියා නන්.. මට නන් ලැජ්ජයි වගේ අභීයෝ.........

    ReplyDelete
  2. ඊයා අපි නම් අරක්කු බොන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නවයැ අයියගෙ හැටි... :-D

      Delete
  3. හැබෑය
    දෙකම සමානය
    මදි උනොත් දුක්වෙන
    වැඩි උනොත් වැනසෙන
    ගානට අරං බලන්න
    ඒත්........
    තාවකාලිකයි ෆන් එක!

    ReplyDelete
  4. අමයුරුවන්වු ඇගෙ ප්‍රෙමයෙන්,
    මත් වු මා සිතෙ වෙරි නම්
    දැන් හිදිලා ගොසින්..

    ReplyDelete
  5. ඇත්ත දෙකම එක වගේ.. තමන්ගේ පමණට ගන්නකම් හොදයි..

    ReplyDelete
  6. ඇටිකෙහෙල් ගස්නගින තුරු
    මෙලෙස සිතුබව උගුඩූ
    මතකයි කුඩාකල කියවූ
    පොතක තිබුණා මියුරූ

    :)

    ReplyDelete
  7. ඔය දෙකම එකමය
    ……කවුද කිවුවේ එහෙමය
    …………දෙකම මා මිතුරුය
    ……හතුරුවන්නටද හැකිය
    ……නැතිවනවිට අරුමය
    ……මතක්වෙන්නේ එවිටය
    ……
    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
  8. සෙට් වෙච්ච වෙලාවක ඕක ගැන කතා කරමු ....

    ReplyDelete
  9. ඒත් ජීවිතකාලෙටම මත්වෙච්ච අයත් ඉන්නව එකම එක ආදරේකින්.......:)

    ReplyDelete
  10. දෙකම එක වගේ. තරම දැනගෙන භාවිතය ශරීර සෞඛ්‍යයට හේතු වනු ඇත.

    ReplyDelete
  11. ආදරය මත් ද්‍රව්‍යක්
    වරක් එය ගත්තොත් අත හැරිය නොහැකි වෙයි
    එයින් මිදුනොත් ඔබ ගිලන්වෙයි
    අත හැරියහොත් ඔබ ගිලන් වෙයි....

    ReplyDelete
  12. ඔය දෙකම ගැන මං දන්නෑ...... :D

    ReplyDelete
  13. ජීවිතේ කියන්නෙ,
    ....ගීතයයි
    .......මීවිතයි
    ........ගැහැණියයි

    (ඔමර් ඛයියාම්)

    ReplyDelete
  14. කෙළවරක සතුට ද කෙලවරක දුක ද වේ ....

    ReplyDelete
  15. චීයා . . . . අරක්කු !

    ReplyDelete
  16. මීවීත, සංගිතය........ හැබැයි ගැහැනිය ගැනනම් මම දන්නේ නැහැ............... අර මුල දෙකනම් ජිවිතයෙ රස විඳිමම තමයි..... "වෙරි මට හොඳටම වෙරි කෙලින් යන්ඩ බෑ- මොනවද පෙව්වේ කෝ පාර පෙන්නෑ.... වන් මො කියලා පිං අඩි ගහලා වෙරි වී ජොගි නටන්නේ " / "අවන්හලක ඉපදි මා මිය යනවානම් මේ සසරේ පිං කර ඇති එකම එකා මං මොහොතක් නැ මට කිසි අඩු පාඩුවකින් මියයනතුරු සිටින්නෙය අවන් හලෙ මං " නියම ලිපියක් ඔබට ජය..

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...