Wednesday, June 6, 2012

අදකාලෙ මිනිස්සු පටාචාරා කාලේ හිටියා නන්

අද කාලේ කේලං සිංහලෙන් කියන ගොසිප් කියන එව්වා පැතිරිලා යන විදිහට මේ වගේ අය පටාචාරා මහත්මියට ඇබැද්දිය වෙච්ච කාලෙ හිටියා නන් මොනවා වෙයිද කියලා මං මේ කල්පනා කරේ.. මටත් ඉතින් කල්පනා නොකර ඉන්නම බෑනේ..

දැන් ඔය පටචාරා මහත්මියට ඇබැද්දි ඔක්කොම වෙලා ගමට ආවම ගමේ ගෙදරත් පිච්චිලා ලුනේ.. ඉතින් තනිකඩ පිරිමි අය මග බලාන ඉන්නැති එක රැයක නවාතැන් පහසුකමක් දෙන්න..ඔය අතරේ අවංකව දුක හිතිච්චි එකෙක් පිරිමි එකෙක් (මොකද ගෑණියෙක්ගෙ කරදරයකදි ගෑණියෙක් පිහිට වෙන්නෑ.. තවත් වල කපන එකනේ කරන්නේ ) කතා කරලා ඔයා බුදු හාමුදුරුවො ලගට යන්න කියලා කියන්නැති.. ඒක දැකපු ගමේ මිනිස්සු කතා හදයි අන්න අරූ නන් ඒ ගෑණිටත් ටෝක් කරගත්තා.. ෂුවර් එකට අද රෑට ගෙදරට ගෙන්න ගනී කියලා.. ඒ මිනිහගෙ ගේ වටේට ගමේ මිනිස්සු රෑ වෙනකං වට වෙලා බලාගෙන ඉදී පටාචාරා ගෙදරට එනකං.. දැන් කාලෙ ඉන්න අයටත් ඕප දූපයක් නන් කන්න බොන්න නිදියන්න ඕනිම නෑනේ..

ඊලගට බුදු හාමුදුරුවො ලගට ගියා කියමුකෝ.. ඉතින් බුදු හාමුදුරුවො කියනවනේ කිසිම මිනිසෙකු නොමල ගෙයකින් අබ ටිකක් අරං එන්න කියලා. ඔන්න ඉතින් පටාචාර ලගම තියන ගමට යන්නැති..ගමට ගිහින් ඉස්සලම යන්නැති කඩේට.. මොකද කඩේ අබ තියනවා කියලා ෂුවර්නේ.. කඩේ මුදාලිලා මාර්කටින් පාරකටත් එක්ක ටිකක් වැඩි වෙලා කතා වට අල්ල ගත්තයි කියමුකෝ.. මුදලාලි හාමිනෙත් ඕං පොර දදා කතාව අහගෙන ඉන්නැති..දැන් ඔතනින් වැඩේ කෙරෙන්නෑ කියලා දැනුන නිසා පටාචාරා කොන්ඩෙ කඩාගෙන ඇදුම් බාගෙට ඇදගෙන වීදියට බැහැලා දුවන්නැති.. මේක දකිනවා ලිඳ ළග සංගමේ කාන්තාවක්.. ඔන්න ඉතින් හවස දිය නාන්න යන කාන්තාවො ටික සෙට් වෙනවා ..දැන් කතා වෙයි

මාර සීන් එකනේ.. අර එහාගමේ පටාචාරා.. අපේ මුදලාලියගෙ කඩේ ඉදලා ඇදුම් බාගෙන ඇදගෙන එලියට බැස්සනේ..
නෑහ්.. ඒකි මාරයි නේ. මිනිහත් මරා ගත්තලු නේ.. ඒකිගෙ පවුකාර කම..

ඔන්න ඔය කතාව ලිඳ ළග ඉන්න අනිත් ගෑණු ටිකත් අහගනී.. පස්සේ ගෙවල් වල ගිහින් මිනිහට ගිහින් කියයි..

අන්න පටාචාරා මිනිහ මරා ගත්තා මදිවට මුදලාලියා එක්කත් සෙට් වෙලාලු.. තමුසෙ එහෙම ඔය ගෑණිත් එක්ක කතා කරනවා නෙමේ..

මිනිහත් ඔව්වා අහගෙන ඉදලා පාර තොටට බැහලා යාලුවෙක් සෙට් උනාම..

මුදලාලිය නන් මරු බඩුව ඕයි. පටාචාර කොහොම හරි ඉස්සුවා නේ.

නෑහ්.. සික්.. අපේ ගෙදරටත් ඇවිත් අබ ටිකක් ඉල්ලුවනේ මං නැති වෙලාවේ... අපරාදේ. සුවර් එකටම මාව හොයං එන්නැත්තේ...

ම්ම්ම්ම්..


ඔන්න ඔය කතා ගමේ පැතිරෙද්දි පටාචාරා නොමල ගෙයකින් අබ හොයාගන්න බැරුව සංසාරෙ කලකිරිලා ආපහු දුක් මූණෙන් ගම මැද්දෙන් එද්දි.. කට පියාගෙනම ඉන්න බැරි එකෙක් එයාගෙන් අහයි..

ඇත්තද ඔයා මුදලාලියා එක්ක බුදිය ගත්තා කියන්නේ.. ඔයා නන් මාරයි ඇ..
(මොකද අනුන්ගෙ වැරදි වැඩිපුරම හොයන්නේ තමන්ට ඒ වගේ දෙයක් කරන්න ආසාවෙන් ඉන්න නිසාලු.. ඔය අපි අතින් වැරැද්දක් උනාමත් අපි කරන්නේ ඒ වගේ වැරදි කරපු තව අය ගැන හොයලා බලලා එයත් කරා නන් මං කරාට අවුලක් නෑ කියලා හිත හදාගන්න එකනේ..)

පටාචාරාට නිකං පිස්සු වගේ හිතෙන්නැති මේක අහලා..

දෙවුරම් වෙහෙර පෙනී පෙනී පටාචාරා ගෙල වැල ලා මිය යයි කියලා ගොසිප් සයිට් එකක යයි... ඒ මරණෙ වෙනුවෙන් පිංකං කරන්න මිනිස්සු ගොඩක් එයි.. පටාචාරා ගැන හොද කියයි.. ටික දවසකින් ඔක්කොම අමතක වෙයි...

33 comments:

  1. නියම රී මේක් එක !

    ReplyDelete
    Replies
    1. උඹලට හොරේ අහුඋනේ නෑනේ.. හික් හික්.. :-D

      Delete
  2. යකෝ අබ ගේන්න කිව්වෙ කිසාගෝතමීට

    ReplyDelete
    Replies
    1. හික් හික්.. ඒකනේ බං.. මං බලං හිටියේ කවුද ඉස්සල්ලම හොරේ අල්ල ගන්නෙ කියලා.. :-D

      Delete
    2. අපිව චෙක් කරන්නද එහෙම ලිව්වෙ. සොරි මම හිතුවේ නොදන්නකම කියලා. :-ඩී

      Delete
  3. අතීතය වර්ථමානයට ගැලපීමනම් අපූරුයි..... ඒත් අබ හොයාගෙන ගියේ පටාචාරා මහත්මිය නෙවෙයි.... කිසාගෝතමී

    මොනව උනත් වර්තමාන සමාජයේ යථාර්ථය මේක තමයි...

    ReplyDelete
    Replies
    1. මට සුට්ටක් ටැපලිලා වෙන්ටැ.. දැන් අවුලක් නෑ මචං.. දැනගෙන ලිව්වා වගේ ඉන්නං නේ.. :-D

      Delete
  4. හයියෝ සන්සාරේ..
    අබයිm කිසාගෝතමිm පටාචාරාවයි කෙසේ වෙතත් අතුලේ තියන කතාව වටිනවා.

    ReplyDelete
    Replies
    1. පබූ දන්න දේවල් ඇ... හික් හික්...

      Delete
  5. ඔන්න ඔහොම අද කාලෙ බ්ලොග් කාරයොත් පටාචාරයි කිසාගෝතමීවයි පටලොවලා මේ වගෙ බ්ලොග් පෝස්ට් ලියයි..ඕක කියවලා අනිත් අයත් හිනා වෙවී මෙහෙම කමෙන්ට් දමලා යයි... :-DD

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා අයියා පෝය පහුඋනා විතරයි නේ... හඳ මෝරන කාලෙට පොඩි පොඩි දේවල් පැටලෙනවා....:D

      Delete
    2. අන්න සෝඩා අයියට තේරුනා වැඩේ..

      වෙනී අයියා.. මටත් කියන්න ඕනි උනේ ඒක තමයි....:-D

      Delete
  6. කියන්නේ නැතුව හිටියට බඩු මාට්ටු වගේ ....

    ReplyDelete
    Replies
    1. හික්ස්.. පූර්ව දැනුවත් කිරීම ගැන ටැංකූ ඇ....... :-D

      Delete
  7. සැක්.. මං හිතං හිටියට වඩා කියවන අය බුද්ධිමත්නේ.. මාත් මේ බලං හිටියේ කාටද ඔය දේ වැටහෙන්නෙ කියලා.. මට හරි සතුටුයි බුද්ධිමත් කියවන්නො පිරිසක් ඉන්න එක ගැන...:-D :-D

    ReplyDelete
  8. ඔන්න අපි නම් වැරදි හදන්න යන්නෑ . ඒ ගමන අර ළිද ලග කියයි අන්න අරයා අරයගේ වැරදි හොයනවා කියලා.ඒකත්‍ ගොසිප් වෙයි.....:D

    ReplyDelete
  9. පෝය පහුවුනා ඉටලනේ.....;)

    ReplyDelete
  10. අතීතය සහ වර්තමානය , ඔව් අද ඉන්නේ ඒවගේ අය.පටාචාරා නම් බුදුබණ අහලා නිවන් යන්න ඇති. ඒත් අපි තවමත් සංසාරේ..

    නිදසුන් සහිතව ගොතපු කතාව නම් නම් අදට ගැලපෙනවා.

    ReplyDelete
  11. කිසා, පටා දෙන්නටම වුනේ එකම සන්තෑසිය හින්දා මික්ස් කිරිල්ලෙ ඒ හැටි අවුලක් නෑ.
    හැබැයි තව ටිකක් මේ කතාව මොඩිෆයි කරන්න තිබුණා....

    ReplyDelete
  12. නියම මික්ස් එක...

    ReplyDelete
  13. පටාචාරා රීමික්ස් එක. වරදක් නෑ. සමහර විට එහෙම වෙන්නත් තිබුන, අද කාලේ ගොසිප් සයිට් එකකට රිංගුහාම කුණු කන කාක්කෝ ගැන ඕනේ තරම් දැනගන්න ලැබෙනවා.

    ReplyDelete
  14. අනුන්ගේ වැරැද්දවල් හොයනවාට වඩා හොදයි තමන්ගේ වැඩක් බලාගන්න එක..

    ReplyDelete
  15. මටත් අබ කේස් එක මතක් වුණා. ඒ වුණාට මම හිතුවෙ මට වැරදිල වෙන්න ඇති කියල. මොනව වුණත් මේක මෙතනින් නවතින්නෙ නෑ අද කාලෙ වගේ තත්වයක් තිබුණනං.

    ReplyDelete
  16. සිකුරු මාරුව පසන්ට ටිකක් දරුණුව බලපාලා වගේ

    ReplyDelete
  17. පටාචාරා scene එක අද වුනා නම්
    1. Indecence exposure
    2. Loitering
    දෙකටම දඩය රු 20යි.

    ReplyDelete
  18. කිසාගෝතමී කතාවට උඹේ රිප්ලයි එක තමා වටින්නේ...

    කමෙන්ට් එකක් කතාව ගැන නොදාන්නේ මම මේ ගැන පෝස්ට් එකක්ම දාන්න හිතන් ඉන්න නිසයි...

    ReplyDelete
  19. යැබෑටම මචං අයියේ
    දැන් කාලේ ගෑණුන්ට වඩා පිරිමි නෙව ඔපා දූප කියන්නේ :D

    ReplyDelete
  20. ආහ්.....මටත් නිකන් පිස්සු වගේ..ගුරුත්වාකර්ෂනය හොයා ගත්තේ අයියා නිවුටන් ද ගැලිලීයෝ ගැලීද? හොද අදහසක්

    ReplyDelete
  21. ඉරාජ්ට වඩා හොඳට ‍රැප් මික්ස් කරලා තියනවා

    ReplyDelete
  22. අපේ කාලයේ පටාචාරාවකගේ කතා පුවත....... :))

    ReplyDelete
  23. දෙව්රම් වෙහෙර ළග ගෙල වැලලා ගත්තනම් තවත් කතාවක් හදයි කෝ ඒ කතාව දාලා නෑනෙ

    මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...