Wednesday, December 12, 2012

අහිමි නුඹ...


නුඹ අහිමි බව දැන
නුඹට පෙම් කරන මම
නුඹ අන්සතුය වග
කෙලෙස සිතුනිද මා හට

පුරුදු හැගුමන් මුලාවක
ගමන් ගත් අදුරු උයනක
නේක පැතුමන් තුරුළු කර
අදිමි සිත්තම් පාළු අහසක

සොයමි නුඹ සඳ නැගුනු අහසක
දනිමි නුඹ අන්සතුය හෙට දින
යලිත් නුඹ මා මුණ ගැසෙන විට
කෙලෙස මා නුඹ දෙස බලන්නද...

16 comments:

  1. ලස්සනට අඬලා මෙන්න!

    ReplyDelete
  2. දුක තමයි රංජනී...දුකයි කියල මැරෙන්නය..

    ඔන්න අද උඹට පුළුවන් දුක නැති කර ගන්න.......

    ReplyDelete
  3. ම්ම්...........
    ඒක නම් දුකයි තමයී.... :(
    හැමදාම වගේ ඔයාගේ කවිය අදත් ලස්සනයී

    ReplyDelete
  4. ජිවිතේ ඔහොම තමයි.

    ReplyDelete
  5. ජිවිතේ වෙනස් වෙන සුලුයි නේ...හැමදාම ඔහොම වෙන එකක් නැ...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  6. ජීවිතය වෙනස් කළ හැකිය.. වෙන කෙනෙක්ට තමන්ගෙ ජීවිතේ නරක විදියට වෙනස් කරන්න පුළුවන් කියන්නෙ තමන්ට ශක්තිමත් හෘද සාක්ෂියක් නෑ කියන එක..

    ReplyDelete
  7. lassana pada pelak................ ochhcra lassanata apita liyanna bahane

    ReplyDelete
  8. දරා ගන්නම බැරි වෙලාවක
    දෑස් දිය වී වැටෙන බව දැන
    මිසෙක යළි මල් පෙති සිඹින්නට
    එපා සමනල මල් දනව්වක

    ජීවිතේ කවියක්ය ඉදහිට
    දරන්නට බැරි රිදුම් ගෙන දෙන
    යළිත් ඊළග නිමේෂය තුළ
    සතුටු හසරැල්ලකින් පිබිදෙන

    දෑස් වසමින් කදුළු කළුවර
    නැගෙනු වලකනු හැකිද කෙලෙසක
    සීත මල් පෙති පිපි ඉසව්වක
    යළිත් නෙතු හැර සිනාසෙනු මිස

    ReplyDelete
    Replies
    1. කාලෙකින් කවියට කවියකින් උත්තරයක්.. ආසයි. මෙහෙම අතීතයක් ඉස්සර තිබ්බා.. ඒ මතකය අලුත් කරාට ස්තූතියි......

      දරා ගන්න නොහැකි නම්
      ලං වෙන්න කෙලෙස නුඹ දුරින් හිද
      නෙතු මතු නුඹ හිදී නම්
      දුරින් ඉන්නට කවි කිමද අද තව....

      Delete
  9. යලිත් නුඹ මා මුණ ගැසෙන විට
    කෙලෙස මා නුඹ දෙස බලන්නද...

    පුරුදු හැගුමන් මුලාවක
    ලස්සනම පද ටිකක්.හැඟුම්බර,දුක්බර පද වැලක්

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  10. සොයමි නුඹ සඳ නැගුනු අහසක
    දනිමි නුඹ අන්සතුය හෙට දින
    යලිත් නුඹ මා මුණ ගැසෙන විට
    කෙලෙස මා නුඹ දෙස බලන්නද...

    මම මොහොතක් නැවතුනා මේ පද හතරත් එක්ක
    ඇත්තටම මේ ඔයාගේ හිතද නැතිනම් කළුවර හීනයේ හිතට එබිලා බලලා ලියුවාද
    හරිම අපුරුයි හුඟක් රසවින්දා

    ReplyDelete
    Replies
    1. අනේ මං කළුවරට බයයි.. ඒ නිසා කළුවර හීනෙට එබුනෙ නන් නෑ හොදේ.. :-D

      Delete
    2. අනිවාරේන්ම ...ගොඩක්දුකයි.හිතුනා.....

      Delete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...